62. දාන කථා
දැන් දාන කථා නම් වේ. දාන නම් ත්යාග චේතනාව. විරතිය හා දෙය ධර්මය යයි ත්රිවිධය. ‘සද්ධා හිරියං කුසලඤ්ච දානං’ යයි ආ තැන ත්යාග චේතනාව දානයයි. ‘අභයං දෙති’ පැමිණි තැන විරතිය ද ‘දානං දෙති අන්නං පානං’ ආ තැන දේය ධර්මය ද දාන වේ. එහි ත්යාග චේතනාවෙන් දෙයි හෝ දේය ධර්ම වේ. මෙයින් දේ නුයි හෝ දේය ධර්මය දාන වේ. අවඛණ්ඩනාර්ථයෙන්, කැපීම් අර්ථයෙන් දාන වේ. එය උපදින්නේ භය භෙරව සංඛ්යාත දුස්සීල චේතනා කපයි සිඳියි යනු ද දාන වේ. දෙන ලද දේ දේනුයි ද දාන වේ. මෙසේ මෙය ත්රිවිධ අර්ථයෙන් ද, චෛතසික ධර්ම සහ මෙය ධර්ම යයි ත්රිවිධ අර්ථයෙන් ද, චෛතසික ධර්ම සහ දෙය ධර්ම යයි ද්විධ අර්ථයෙන් ද දාන වේ. එහි යමෙකුගේ චෛතසික ධර්මයම දානයයි දේය ධර්ම දාන නොවේ යයි ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චෙතසිකො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති එහුට දේය ධර්ම වශයෙන් චෝදනා කිරීමට ලබ්භා යයි විචාරීම සකවාදියාටය. ආහාරාදිය මෙන් එය දිය නොහැකි යයි ප්රතික්ෂේපය පරවාදියාටය. නැවත දැඩිකොට විචාරණ ලද්දේ අභයං දෙති යන සූත්රය වශයෙන් ප්රතිඥාව ඔහුටමය. ඵස්ස ප්රශ්නාදියෙහි වනාහි ඵස්සං දෙති යන ව්යවහාරය නොදක්නේ ප්රතික්ෂිප්තය.
අනිට්ඨඵලං ආදිය අචේසික ධර්මයන්ට දාන භාවය දැක්වීමට කියන ලදී. අචේසික වූ ආහාරාදි දානය අනාගතයේ විපාක නොදේ. ඉෂ්ටඵල භව නියමය මෙයින් කියන ලදී. මෙහි අදහස මෙසේය. ඉදින් අචේතසික වූ ආහාර දානයක් වන්නේ ද හීන සිතින් අනිෂ්ට වූ කාන්ත නොවූ මේ දෙන්නහුට කොසඹ බීජාදියෙන් මෙන් අනිෂ්ට වූ ම පල උපදවන්නේය. යම්හෙයකින් වනාහි මෙහි දියුණුව පැතිරවූ චාග චේතනාවෙන් දුන් දානය දේය ධර්ම අනිෂ්ඨ වුව ද ඉෂ්ට පලම වේ.
මෙසේ පරවාදියා විසින් චෛතසික ධර්ම වූ දාන භාවයෙහි පිහිටවූ කල්හි සකවාදියා අනිත් පරියායකින් දේය ධර්මයේ දානභාවය සාධනය කිරීමට දානං ඉට්ඨඵලං වුත්තං භගවතා යනාදිය කීය. පරවාදියා වනාහි චීවරාදියෙ ඉෂ්ට විපාක නොදක්නේ ප්රතික්ෂේප කරයි. සූත්ර සාධනය පරවාදී වාදයේ ද සකවාදී වාදයේ ද යෙදේ. එක අර්ථයකින් නොවේ. දෙය්ය ධම්මො ඉට්ඨඵලො යයි ඉෂ්ටපල භාවය පමණක් ප්රතික්ෂේප කරන ලදී. එහෙයින් තෙනහි න චත්තබ්බං යයි මෙහි ඉෂ්ටඵල භාවයෙන්ම නොකිව යුතු බව සුදුසුය. දිය යුතු අර්ථයෙන් දේය ධර්මය ද දානයම වේ. දාන දෙකේම සංකර බව මිදවීම් අර්ථයෙන්ම මේ කථා වේ.
63. පරිභොගමය පුඤ්ඤ කථා
දැන් පරිභෝගමය පුඤ්ඤකථා නම් වේ. එහි ‘තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති’ (ඔවුන් දිවා රෑ දෙකේම පින් වැඩේ) ද ‘යස්ස භික්ඛවෙ භික්ඛු චීවරං පරිභුඤ්ජමානො’ (මහණෙනි, යම් භික්ෂුවක් සිවුර පරිභෝග කරන්නේ) මේ ආදි සූත්ර නුනුවණින් ගෙන යමෙකුගේ පරිභෝගමය පින ඇතැයි ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්ථික සම්මිතිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පරිභොගමයං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු පින් නම් ඵස්සාදි කුසල් දහම්ය. එයින් පසුව නැත. එහෙයින් ඵස්සාදිය ඔබ වැඩිය යුතුයයි චෝදනා කිරීමට පරිභොගමයො ඵස්සො යනාදිය අරඹන ලදී. ඒ සියල්ල ප්රතික්ෂේප කරන ලද්දේ පරවාදියා විසින් නොවඩන ලද බැවිනි. ලතා විය මේ ආදි ක්රියාවෙන් හෝ භාවනාවෙන් හෝ වෙන්ව වැල් ආදිය තමාම වැඩේ. කිම ඔබගේ මෙසේ වැඩේදැ’යි චෝදනා පිණිස කියන ලදී. එසේ නොවැඩෙන බැවින් න හෙවං යයි ප්රතික්ෂේප කරන ලදී.
න සමන්නාහරති යන ප්රශ්නයෙහි ප්රතිග්රාහකයන්ගේ පරිභෝගයෙන් පළමු චේතනාව වැඩේ. මෙසේ එය පින වේ යයි ලබ්ධි වශයෙන් පිළිගනී. ඉන්පසු අනොවට්ටන්තස්ස ආදියෙන් විචාරණ ලද්දේ දායකයාගේ ත්යාග චේතනාව සඳහා ප්රතික්ෂේප කරයි. එහි අනාවට්ටන්තස්ස යනු දාන චේතනාවෙන් පෙර හැසිරෙන ආවර්ජනයෙන් භවාංගය නොවැටුණ. අනාභොගස්ස නිරාභෝගියාගේ. අසමන්නාහරන්තස්ස සමන්නාහර නොවූ (සිත එක අරමුණක නැති). ආවර්ජනයෙහි භවංගය සිඳ තමාගේ මාර්ගයෙහි උපදින දාන චේතනාව සිත එකඟ කරයි. සිතේ මේ කෘත්යයෙන් සිත එකඟ නොවූවහුට පින් වේදැයි විචාරයි. අමනසිකරොන්තස්ස මෙනෙහි නොකරන්නහුගේ. ආවර්ජනයෙන් අනතුරුව උපදින්නේ මෙනෙහි කිරීම නම් වේ. මෙසේ කරන්නහුගේ යන අර්ථයයි. කරණ වචනයෙහි මෙය ආධාරයි. අචෙතනස්ස චේතනා නූපදවන්නහුගේ. අපත්ථෙන්තස්ස ප්රාර්ථනා සංඛ්යාත ක-සල කැමැත්ත නොකරන්නහුගේ. අප්පණිදහන්තස්ස දාන චේතනා වශයෙන් සිත නො පිහිටුවන්නාගේ යන අර්ථය වේ. නනු ආවට්ටෙන්තස්ස වාරයෙහි. ආභොගස්ස සිතා බලන්නාගේ. එසේ නැතහොත් ආභොගය මොහුටය. ආභෝගය හෝ අනතුරුව එය පින් වේ යනු අර්ථය වේ.