52. පටිච්ච සමුප්පාද කථා
දැන් පටිච්ච සමුප්පාද කථා නම් වේ. එහි යමෙකුගේ නිදාන වර්ගයෙහි ‘තථාගතයන්ගේ ඉපදීම හෝ තථාගතයන්ගේ නො ඉපදීම හෝ ඒ ධාතු සිටියේම ධර්මය ස්ථිත යයි ආදි වචනයෙන් පටිච්ච සමුප්පාදය අසංඛත යයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බ සේලියන්ගේ සහ මහිංසාසකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය.
අවිජ්ජා සංඛතා යනාදි ප්රශ්න අවිජ්ජා ආදියේම පටිච්ච සමුප්පාද බව දැක්වීම සඳහා කියන ලදී. යම්කෙනෙකුන් විසින් වනාහි මෙයින් එහි එක එක අංගය පටිච්ච සමුප්පාද යයි කියනු ලැබේ. එය පටිච්ච සමුප්පාද විභංගයෙහි කියන ලද්දේමය.
අවිජ්ජා පච්චයා සංඛාරාති යා තත්ථ ධම්මට්ඨිත්තා යනාදි යම් සූත්රයකින් ලබ්ධිය පිහිටියේය. එහිම අර්ථය දැක්වීමෙන් ලබ්ධිය බිඳීම සඳහා කියන ලදී. එහි අර්ථය මෙසේය. මෙය යට ඨිතාව සා ධාතු ධම්මට්ඨිත්තා ධම්ම නියාමතා යයි කියන ලදී. අවිජ්ජාදියෙන් වෙන්ව එකක් නැත. අවිජ්ජාදිය වනාහි ප්රත්යවලටම නමකි. තථාගතයන් වහන්සේ උපන්නත් නූපන්නත් අවිද්යාවෙන් සංස්කාර ඇතිවේ. සංස්කාරාදියෙන් විඤ්ඤාණාදිය සම්භව වේ. එහෙයින් අවිද්යා ප්රත්යයෙන් සංස්කාර යයි මේ පදයෙහි සංස්කාර ධර්මවල හේතුවෙන් ස්ථිත වූයේ යයි ධම්මට්ඨිත්තා වේ. ඒ ධර්මවලම හේතුවෙන් නියාම බව යයි ධම්ම නියාම බව අවිජ්ජා යයි කියනු ලැබේ. එයද අසංඛතය. නිවණ ද අසංඛත යයි විචාරයි. පරවාදියා ලබ්ධි වශයෙන් පිළිගෙන නැවත ද්වෙ අසංඛතානි යයි විචාරණ ලද්දේ සූත්ර අභාවයෙන් ප්රතික්ෂේප කොට ලබ්ධි වශයෙන්ම පිළිගනී. සෙසු පදවල ද මෙම නයමය. යට කියන ලද්දට සමානව මෙහි කියන ලද නයින්ම දැනගත යුතුය.
53. සච්ච කථා
දැන් සත්ය කථා නම් වේ. එහි යමෙකුගේ ‘මහණෙනි, මේ සතර තථය, අවිතථය’යි සූත්රය නිසා සතර සත්ය අසංඛත යයි ලබ්ධියක් වේ. යම්සේ පුබ්බේසේලියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. එහි අදහස මෙසේය. දුක්ඛ සමුදය මාර්ගවල වස්තු සත්යය සංඛතය. ලක්ෂණ සත්යය අසංඛතය. නිරෝධයෙහි වස්තු සත්යයක් නැත. එය අසංඛතමය. එහෙයින් ආමත්තා යයි කීය. එය වනාහි ලබ්ධි මාත්රයකි. හේ දුක් වස්තු සත්යය කැමති වේ. සමුදය මාර්ග දෙකද එසේය. මේවායේ යම් බාධා, ප්රභව, නෛර්යානික ලක්ෂණ ලක්ෂණ සත්යය නම් වේ. බාධන ලක්ෂණාදියෙන් වෙනත් දුක්ඛාදි නාම නැත. තාණානි යනාදියෙහි අදහස කියන ලද නයින්ම දතයුතුය. දුක්ඛ සච්චං යන ප්රශ්නයෙහි ලබ්ධි වශයෙන් ලක්ෂණ සඳහා පිළිගනී.
දුක්ඛං යන ප්රශ්නයෙහි වස්තු සඳහා ප්රතික්ෂේප කරයි. මෙයින් පසු ශද්ධික ප්රශ්න ද සංසන්දන ප්රශ්නද සියල්ල පෙළ අනුසාරයෙන්ම දතයුතුය. ලබ්ධිය පිහිටුවීමට ගෙනෙන ලද සූත්රය අවසානයේ අර්ථයේ වැරදි ගැනීම නිසා නොගෙනෙන ලද්දක් මෙනි.