53. සච්ච කථා
දැන් සත්‍ය කථා නම් වේ. එහි යමෙකුගේ ‘මහණෙනි, මේ සතර තථය, අවිතථය’යි සූත්‍රය නිසා සතර සත්‍ය අසංඛත යයි ලබ්ධියක් වේ. යම්සේ පුබ්බේසේලියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. එහි අදහස මෙසේය. දුක්‍ඛ සමුදය මාර්ගවල වස්තු සත්‍යය සංඛතය. ලක්‍ෂණ සත්‍යය අසංඛතය. නිරෝධයෙහි වස්තු සත්‍යයක් නැත. එය අසංඛතමය. එහෙයින් ආමත්තා යයි කීය. එය වනාහි ලබ්ධි මාත්‍රයකි. හේ දුක් වස්තු සත්‍යය කැමති වේ. සමුදය මාර්ග දෙකද එසේය. මේවායේ යම් බාධා, ප්‍රභව, නෛර්යානික ලක්‍ෂණ ලක්‍ෂණ සත්‍යය නම් වේ. බාධන ලක්‍ෂණාදියෙන් වෙනත් දුක්‍ඛාදි නාම නැත. තාණානි යනාදියෙහි අදහස කියන ලද නයින්ම දතයුතුය. දුක්‍ඛ සච්චං යන ප්‍රශ්නයෙහි ලබ්ධි වශයෙන් ලක්‍ෂණ සඳහා පිළිගනී.
දුක්‍ඛං යන ප්‍රශ්නයෙහි වස්තු සඳහා ප්‍රතික්‍ෂේප කරයි. මෙයින් පසු ශද්ධික ප්‍රශ්න ද සංසන්දන ප්‍රශ්නද සියල්ල පෙළ අනුසාරයෙන්ම දතයුතුය. ලබ්ධිය පිහිටුවීමට ගෙනෙන ලද සූත්‍රය අවසානයේ අර්ථයේ වැරදි ගැනීම නිසා නොගෙනෙන ලද්දක් මෙනි.
සච්ච කථා වර්ණනාව නිමි.
54. ආරුප්ප කථා
දැන් ආරුප්ප කථා නම් වේ. එහි යමෙකුගේ ‘සතර ආරුප්ප ආනෙඤ්ජ’ යයි වචනය නිසා ඒ සියළු ධර්ම අසංඛත යයි ලබ්ධි වේ. ඔවුන් සඳහා ආකාසානඤ්චායතනං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේය. සාධක සූත්‍රය ද අරුත් නො දැන ගෙනෙන ලද බැවින් නොගෙනෙන ලද්දට සමාන වේමය.
ආරුප්ප කථා වර්ණනාව නිමි.
55. නිරෝධ සමාපත්ති කථා
දැන් නිරෝධ සමාපත්ති කථා නම් වේ. එහි නිරෝධ සමාපත්ති යනු ස්කන්‍ධ සතරේ නො පැවැත්මය. යම්හෙයකින් වනාහි එය කරනු ලබන්නේ කරයි. සමවදිනු ලබන්නේ සමවදියි. එහෙයින් නිෂ්පන්න යයි කියනු ලැබේ. සංඛත අසංඛත ලක්‍ෂණවල අභාවයෙන් සංඛත යයි හෝ අසංඛත යයි හෝ නොකිව යුතුය. එහි යමෙකුගේ යම් සංඛතයක් නොවේ. එහෙයින් අසංඛත යයි ලබ්ධිය වේ. අන්ධකයන්ගේ සහ උත්තරාපථයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා නිරොධ සමාපත්ති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ඉතිරි අයටය. උප්පාදෙන්ති යනාදි සමවදින ප්‍රතිලාභ වශයෙන්ම කියන ලදී. යම්සේ වනාහි රූපාදිය සංඛත ධර්ම උපදවයි. එසේ එය වෙන කිසිවෙක් නූපදවයි. නිරොධා වොදානං වුට්ඨානං යයි ඵල සමාපත්ති දතයුතුය. අසංඛතවල එය නැත්තේමය. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. තෙනහී යයි යම්හෙයකින් සංඛත නොවේ. එහෙයින් අසංඛත යයි ලබ්ධි වේ. මෙය වනාහි අසංඛත භාවයෙහි හේතු නොවේ යයි කියන ලද නමුත් නොකියන ලද්දට සමාන විය.
56. ආකාස කථා
දැන් ආකාස කථා නම් වේ. එහි පරිච්ඡෙද, වසයෙන් ආකාස තුනක් දක්වයි. පරිච්ඡේදාකාස, කසිණුග්ඝාටි ආකාස, අජටාකාශ, යනුවෙන් හිස් අවකාස යනු ඊටම නමකි. ඒවායින් පරිච්ඡේද ආකාසය සංඛතය. ඉතිරි දෙක පැණවුම් මාත්‍රයකි. ඒ දෙකේම සංඛත නැති නිසා අසංඛත යයි ලබ්ධි වේ. උත්තරාපථයන්ගේ සහ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ආකාසො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස පැහැදිලිය.
57. ආකාස සනිදස්සන කථා
දැන් ආකාස සනිදස්සන කථා නම් වේ. එහි යමෙකුගේ කෙසි සිදුරුවල ඤාණය පැවතීම නිසා සියළු අජටාකාසය සනිදස්සන යයි ලබ්ධි වේ. අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ආකාසො සනිදස්සනො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු ඉදින් සනිදර්ශන වේද? මේ ආකාරයට වන්නේ යයි චෝදනාව පිණිස රූපං යනාදිය කියන ලදී. චක්‍ඛුඤ්ච පටිච්ඡ යන ප්‍රශ්නවල මෙබඳු වූ සූත්‍රයක අභාවයෙන් ප්‍රතික්‍ෂේප කොට සමාන කිරීම් ආදියේ අවබෝධය නිසා පිළිගනී. ද්වින්නං රුක්‍ඛානං අන්තරං යයි මෙහි ගසේ රූපය ඇසින් දැක අතරෙහි රූප අභාවයෙන් ආකාසයයි මනෝද්වාර විඤ්ඤාණය උපදී. චක්‍ඛු විඤ්ඤාණය නොවේ. සෙස්සෙහි ද මෙම නයයි. එනිසා මෙය සාධක නොවේ.