39. නියාමොක්කන්ති කථා
දැන් නියාමොක්කන්ති කථා නම් වේ. එහි යමෙකුගේ ඝටීකාර සූත්‍රයෙහි ජෝතිපාලගේ පැවිද්ද සඳහා බෝධිසත්ත්වයා කාශ්‍යප භගවත්හුගේ ධර්මයෙහි බැසගත් නියමය හැසුරුණු බඹසර යයි ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා බොධිසත්තො යයි ඇසීම සකවාදියාගේය. ලබ්ධියෙහි සිට ප්‍රතිඥාව පරවාදියාගේය. එයින් යමකින් නියමය හෝ බ්‍රහ්මචර්යාව හෝ ආර්ය මාර්ගයට නමකි. බෝධිසත්ත්වයන්ට පාරමී ඤාණය හැර බැසගැනීමට වෙනත් නියමයක් නම් නැත. ඉදින් වන්නේ නම්, බෝසතාණෝ සෝවාන් ශ්‍රාවකයෙක් වන්නේය. එසේ නොවේ නම් හුදෙක් බුදුවරු ඔහුට තමාගේ ඤාණ බලයෙහි සිට මේ තෙමේ බුදුවන්නේ යයි ප්‍රකාශ කරති. එහෙයින් නැවත බොධිසත්තො යයි අනුයෝගය සකවාදියාටය. පශ්චිම භවය සඳහා ප්‍රතික්‍ෂේපය පරවාදියාටය. දෙවන ප්‍රශ්නයෙහි ජෝතිපාල කාලය සඳහා ප්‍රතිඥාව ඔහුටමය. සාවකො හුත්‍වා යනාදියෙහිද මෙම නයම වේ. අනුස්සවිකො යනු අනුස්සායෙන් (පරම්පරාවේ ඇසීමෙන්) ප්‍රතිවේධ කළ ධර්මය. පශ්චිම භවය සඳහා ප්‍රතික්‍ෂේප ජෝතිපාල කාලයෙහි අනුස්සය සඳහා පිළිගනී.
අඤ්ඤං සත්‍ථාරං යනු ආළාර ද රාමසුත්ත ද සඳහා කියන ලදී. ආයස්මා ආනන්‍දො යනාදි බැසගැනීමේ නියමයෙන් ශ්‍රාවකයෝ වෙති. සෙසු අය බැසගැනීමේ නියමයෙන් මෙබඳු රූප නොවේ යයි දැක්වීමට කියන ලදී.
සාවකො ජාතිං වීතිවත්තො යන යම් ජාතියකින් ශ්‍රාවකයා එය ඉකුත් කළ වෙනත් භවයක අන්‍ය භවයක ශ්‍රාවකයෙක් නොවේදැයි විචාරයි. පරවාදියා සෝවාන් ආදීන්ගේ සෝවාන් ආදි ශ්‍රාවක භවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. මෙහි සෙස්ස පැහැදිලිය.
40. අපරාපි සමන්නාගත කථා
දැන් තවද සමන්නාගත කථා නම් වේ. එහි යමෙකුගේ සතරවැනි මාර්ගස්ථ පුද්ගලයා පැමිණි දහම් වශයෙන් ඵල තුනෙන් යුක්ත යයි ලබ්ධිය වේ. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙහි ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස යට සතර පලයෙන් යුක්ත කථාවෙන් කියන ලද නයින්ම දතයුතුය.
41. සංයෝජන පහාන කථා
දැන් සංයෝජන පහාන කථා වේ. එහි යමෙකුගේ නිෂ්පරියායෙන් සියළු සංයෝජන ප්‍රහානය රහත් යයි ලබ්ධි වේ. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාටය. නැවත සබ්බෙ සංයොජනා යයි විචාරණ ලද්ද යට කියන ලද නයින් ප්‍රහීනය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සිව්වන මගින් අනවශේෂ ප්‍රහානය සඳහා පිළිගනී. සියළු තැන මෙම නය වේ.
සතරවන වර්ගය නිමි.
5. පස්වෙනි වර්ගය
42. විමුත්ති කථා
දැන් විමුක්ති කථා නම් වේ. එහි විදර්ශනා, මාර්ගය, ඵලය ප්‍රත්‍යවේක්‍ෂා යයි සතර ඤාණය විමුක්ති ඤාණ නම් වේ. ඒවායින් විපස්සනා ඤාණය නිත්‍ය මිත්‍රාදීන් විසින් මුදන ලද හෙයින් තරංග විමුක්තිභාවයෙන් හෝ මුදන ලද බැවින් විමුත්ති ඤාණ වේ. මාර්ගය සමුච්ඡෙද විමුක්ති වේ. ඵලය පටිප්පස්සද්ධි විමුක්ති වේ. ප්‍රත්‍යවේක්‍ෂා ඥාණය වනාහි විමුක්තිය දන්නේ යයි විමුක්ති ඤාණය වේ. මෙසේ සතරාකාර වූ විමුක්ති ඤාණයෙහි නිෂ්පරියායෙන් ඵල ඤාණයම විමුක්ති වේ. සෙසු විමුත්ත හෝ අවිමුත්ත හෝ නොකිව යුතුය. එහෙයින් මෙය නම් වූ විමුක්ති ඤාණය විමුත්ත යයි නොකියා අවිශේෂයෙන්ම විමුක්ති ඤාණය විමුක්තියයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත යං කිඤ්චි යයි විචාරන ලද්දේ මාර්ග ඤාණයේ අනාශ්‍රව බව සඳහා පිළිගනී. යම්හෙයකින් වනාහි සෝතාපන්නයාගේ ඵලයෙහි සිටි ඒ ඤාණය නොවේ. එහෙයින් විමුක්තිය නොවේ යයි චෝදනාව පිණිස නැවත සකවාදියා සොතාපන්නස්සා යනාදිය කීය. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය.