40. අපරාපි සමන්නාගත කථා
දැන් තවද සමන්නාගත කථා නම් වේ. එහි යමෙකුගේ සතරවැනි මාර්ගස්ථ පුද්ගලයා පැමිණි දහම් වශයෙන් ඵල තුනෙන් යුක්ත යයි ලබ්ධිය වේ. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙහි ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස යට සතර පලයෙන් යුක්ත කථාවෙන් කියන ලද නයින්ම දතයුතුය.
41. සංයෝජන පහාන කථා
දැන් සංයෝජන පහාන කථා වේ. එහි යමෙකුගේ නිෂ්පරියායෙන් සියළු සංයෝජන ප්රහානය රහත් යයි ලබ්ධි වේ. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනිකාටය. නැවත සබ්බෙ සංයොජනා යයි විචාරණ ලද්ද යට කියන ලද නයින් ප්රහීනය සඳහා ප්රතික්ෂේප කරයි. සිව්වන මගින් අනවශේෂ ප්රහානය සඳහා පිළිගනී. සියළු තැන මෙම නය වේ.
සතරවන වර්ගය නිමි.
5. පස්වෙනි වර්ගය
42. විමුත්ති කථා
දැන් විමුක්ති කථා නම් වේ. එහි විදර්ශනා, මාර්ගය, ඵලය ප්රත්යවේක්ෂා යයි සතර ඤාණය විමුක්ති ඤාණ නම් වේ. ඒවායින් විපස්සනා ඤාණය නිත්ය මිත්රාදීන් විසින් මුදන ලද හෙයින් තරංග විමුක්තිභාවයෙන් හෝ මුදන ලද බැවින් විමුත්ති ඤාණ වේ. මාර්ගය සමුච්ඡෙද විමුක්ති වේ. ඵලය පටිප්පස්සද්ධි විමුක්ති වේ. ප්රත්යවේක්ෂා ඥාණය වනාහි විමුක්තිය දන්නේ යයි විමුක්ති ඤාණය වේ. මෙසේ සතරාකාර වූ විමුක්ති ඤාණයෙහි නිෂ්පරියායෙන් ඵල ඤාණයම විමුක්ති වේ. සෙසු විමුත්ත හෝ අවිමුත්ත හෝ නොකිව යුතුය. එහෙයින් මෙය නම් වූ විමුක්ති ඤාණය විමුත්ත යයි නොකියා අවිශේෂයෙන්ම විමුක්ති ඤාණය විමුක්තියයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. නැවත යං කිඤ්චි යයි විචාරන ලද්දේ මාර්ග ඤාණයේ අනාශ්රව බව සඳහා පිළිගනී. යම්හෙයකින් වනාහි සෝතාපන්නයාගේ ඵලයෙහි සිටි ඒ ඤාණය නොවේ. එහෙයින් විමුක්තිය නොවේ යයි චෝදනාව පිණිස නැවත සකවාදියා සොතාපන්නස්සා යනාදිය කීය. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය.
43. අසෙක්ඛ කථා
දැන් අසෙක්ඛ කථා නම් වේ. එහි යම්හෙයකින් ආනන්ද ස්ථවිරාදීහු සේකයහ. ‘භාග්යවතුන් වහන්සේ උදාරය’ ආදි නයින් අසේක යයි දැනගනිති. නිසා සේකයන්ට අසේක ඤාණය ඇතැයි යම් අයගේ ලබ්ධිය, යම්සේ උත්තරාපථකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරිම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ජානාති පස්සති යන මෙය තමා විසින් හදාළ දැනීම් වශයෙන් කියන ලදී. ගොත්රභූතො යනාදිය යටම භූමියේ සිටියහුට ඉහළ ඉහළ ඤාණයේ අභාවය දැක්වීම සඳහා කියන ලදී. නනු ආයස්මා ආනන්දො සෙක්ඛො උළාරො භගවාති ජානාති යයි පරවාදියා අශෛක්ෂයන් භාග්යවතුන් කෙරෙහි පැවතෙන බව යන එය අසේක ඤාණ යයි කැමති වේ. මෙය අසේක නොවේ. එසේ හෙයින් මෙසේ පිහිටි ලබ්ධිය නොපිහිටියා මෙනි.
44. විපරීත කථා
දැන් විපරීත කථා වේ. එහි යමෙක් මේ පඨවි කසිනයෙහි පඨවි යන සංඥාවට පැමිණේ. ඔහුගේ ඒ ඤාණය විපරිත ඤාණයකියි යමෙකුගේ ලබ්ධියයි. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. පඨවිය නිසා උපන් නිමිත්තෙහි පඨවි නොමැත්තේමය. එහිද මේ පඨවි සංඥාව ඇතැයි යන විපරීත ඤාණය මෙය යනු ඔහුගේ අදහසයි. එයින් සකවාදියා ලක්ෂණ පඨවි, සසම්භාර පඨවි, නිමිත්ත පඨවි, පඨවි දෙවියෝ ද යන සියල්ල පඨවිමය. ඒවා කෙරෙහි පඨවි යන ඤාණය විපරීත ඤාණය නොවේ. අනිත්යයෙහි නිත්යයයි ආදි විපර්යාස වනාහි විපරීත ඤාණ නම් වේ. කිම ඔහුට මේවායින් එක්තරා එකකින් චෝදනා කිරීමට අනිච්චෙ නිච්චං යනාදිය කීය. පරවාදියා විපර්යාස ලක්ෂණ අභාවය සඳහා ප්රතික්ෂේප කරයි. පඨවි නිමිත්ත පිණිස පිළිගනී.
කුසලං යනු ශෛක්ෂ පෘථග්ජනයින්ගේ ඤාණය සඳහා කියන ලදී. අත්ථි අරහතො යන ප්රශ්නයෙහි විපර්යාස ලක්ෂණ අභාවයෙන් ප්රතික්ෂේප කරයි. පඨවි නිමිත්ත සඳහා පිළිගනී. සබ්බෙව පඨවි හොති ඒ සියළු පඨවි කසිණය ලක්ෂණ පඨවියම වේදැයි විචාරයි. සකවාදියා එසේ නොවීමෙන් ප්රතික්ෂේප කරයි. නනු පඨවි අත්ථි අත්ථි ච කොචි පඨවිං පඨවිතො සමාපජ්ජති යන විචාරීම සකවාදියාටය. එහි අර්ථය: නිමිත්ත පඨවිය ඇත නේද? පඨවියෙන්ම කිසියම් පඨවියක් ඇත්තේද? සමවදී. වැගිරීමෙන් හෝ උෂ්ණයෙන් හෝ නොවේ. පඨවි අත්ථි යනාදිය ඉදින් යම්සේ යමක් ඇත්ද, එයද සමවදින්නාට සියළු විපර්යාස සමූලඝාතනය කරන මාර්ග ඤාණයද ඔබට විපරීතදැයි දැක්වීමට කියන ලදී.