30. අසඤ්ඤ කථා
දැන් අසඤ්ඤ කථා නම් වේ. එහි යමෙකුගේ ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ යන වචනය හැර විඤ්ඤාණයෙන් ප්රතිසන්ධියක් නම් නැත. ‘සඤ්ඤුප්පාදාච පන තෙ දෙවා කම්හා කායා වචන්ති’ යන වචනයෙන් අසංඥ සත්ත්වයින්ට ද චුති පටිසන්ධි ක්ෂණයෙහි සංඥාව ඇතැයි ලබ්ධිය වේ. දැන් යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සකවාදියා කිම ඔබේ ඒ ස්ථානය සඤ්ඤභාවය දැයි ආදියෙන් චෝදනා කිරීමට සඤ්ඤා භවො සඤ්ඤාගතී යනාදිය කීය. ඒ සියල්ල ඉන්පසුවද පෙළ ඇසුරෙන්ම දතයුතුය.
31. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කථා
දැන් නෙවසඤ්ඤානාසඤ්ඤා කථා නම් වේ. එහි යමෙකුගේ ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනං’ වචනයෙන් නොකිව යුතුය. ඒ භවයෙහි සංඥාව ඇතැයි ලබ්ධිය වේ. අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙසු සියල්ල පෙළ නයින්ම දතයුතුය.
තුන්වැනි වර්ගය නිමියේය.
4. සතරවන වර්ගය
32. ගිහිස්ස අරහාති කථා
දැන් ගිහියාගේ රහත් යන කථා නම් වේ. එහි යමෙකුගේ යසකුල පුත් ආදි ගිහි ස්වරූපයෙන් සිටි අයගේ රහත්බවට පැමිණීම දැක ගිහියා රහත් වෙතියි ලබ්ධි වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. එහි ගිහිස්ස යයි යමෙක් ගිහි සංයෝජනාවලින් සමන්විතවම රහත්වේය යන අර්ථය වේ. පරවාදියා අදහස නොසලකා ගිහි රූප මාත්රයම දකින්නේ පිළිගනී. මෙහි ගිහි නම් ගිහි සංයෝජනයෙන් වේ. ස්වරූප මාත්රයෙන් නොවේ. එයින් භාග්යවතුන් වහන්සේ කීහ.
නියත බඹවිහරණ - සන්සුන් දැමුණු ලකරින්
වචන මෙත හැමටම - බමුණු සමණ ද බිකු වෙත්
වචන මෙත හැමටම - බමුණු සමණ ද බිකු වෙත්
මේ නය දැක්වීමට අත්ථි අරහතො යනාදිය ඇරඹීය. ඒ සියල්ල පැහැදිලිය.
33. උප්පත්ති කථා
දැන් උප්පත්ති කථා නම් වේ. යමෙකුගේ ‘ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි’ යනාදි වචන අනුවණින් ගෙන සුද්ධාවාසවල උපත රහත් යයි ලබ්ධි වේ. යමෙකුගේ ‘උපහච්ච පරිනිබ්බායි’ පදය පෙරළා ‘උපපජ්ජ පරිනිබ්බායි’ ගණන් ගැනීමත් සමග උපතින් රහත්වෙතියි ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. එහි යම්සේ උත්පත්ති සිත ලෞකිකය. එහෙයින් සෝවාන් ආදිහුද නොවෙති. රහතුන් කොහෙත්ම නැත. එහෙයින් මේ නය දැක්වීමට සහ උප්පත්තියා සොතාපන්නො යනාදිය ඇරඹීය.
සාරිපුත්තො යනාදි මහ තෙරවරුන්ගෙන් එක්කෙනෙකුන්වත් උපතින් රහත් වූයේ දැයි චෝදනා පිණිස කියන ලදී.
උප්පත්තෙසියෙන යනු ප්රතිසන්ධි සිතින්. ඒ උපත සොයයි. ගවේෂණය කරයි යයි එහෙයින් උප්පත්තෙසියං යයි කියනු ලැබේ. මෙහි සෙස්ස පැහැදිලිය.
34. අනාසව කථා
දැන් අනාසව කථා නම් වේ. එහි අනාශ්රව රහතුන්ගේ සියළු දහම් අනාශ්රව යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයින්ගේ මෙන් වේ. ඔවුන් සඳහා අරහතො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අනාශ්රව නම් මාර්ගාදියයි. කිම ඔබගේ ඒවාම උපදීදැයි චෝදනා පිණිස මග්ගො ඵලං යයි අරඹන ලදී. චක්ඛුං අනාසවං ඇස අනුශ්රවදැයි විචාරණ ලද්දේ එය ආශ්රව සහිත බැවින් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ එය අනාශ්රව යයි පිළිගනී.
සිවුරු ප්රශ්නයෙහි එකම දහමක් අනාශ්රව යයිද ආශ්රව යයිද වේ යයි ලක්ෂණ විරෝධ බියෙන් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ අනාශ්රව වී ආශ්රව වේ යයි පිළිගනී. තඤ්ඤෙව අනාසවං යන ප්රශ්න දෙකෙහි මෙම නයම වේ. සකවාදියා වනාහි තඤ්ඤෙවා යයි අනුමත බැවින් මග්ගො අනාසවො හුත්වා යනාදියෙන් චෝදනා කරයි. මේ උපායෙන් සියළු අර්ථ දතයුතුය.
35. සමන්නාගත කථා
දැන් සමන්නාගත කථා නම් වේ. එහි වර්තමාන ක්ෂණයෙහි සමංගීභාව සමත්වාගමය රූපාවචරාදියෙහි කිසියම් උපතකින් ප්රතිලාභ සමන්වාගම යයි සමත්වාගම දෙකකි. හේ අවබෝධය ලබනතුරු නො පිරිහේ. මේ සමත්වාගම දෙක හැර අන්ය වූ උත්පත්ති ධර්ම වශයෙන් එන සමත්වාගමයක් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන්ගේ පැමිණි දහම් යයි කිසිවක් නැතැයි අනුබෝධය සඳහා අරහා චතුහි එලෙහි සමන්නාගතො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඔබගේ රහතුන් ස්කන්ධ සතරෙහි මෙන් සතරපලයෙන් යුක්තය. මෙසේ ඇති කල්හි සතර පලයෙහි යම් ස්පර්ශාදිය ඒ රහතුන් එයින් යුක්ත බවට පැමිණෙතැයි චෝදනා පිණිස අරහා චතූහි ඵස්සෙහි යනාදිය අරඹන ලදී. ඒක ක්ෂණයෙහි සතර ඵස්සාදීන්ගේ අභාවයෙන් ඒ සියල්ල පරවාදියා විසින් ප්රතික්ෂේප කරන ලදී. අනාගාමී ප්රශ්නවලද මෙම නයම වේ.