185. ඤාණ කථා
දැන් ඤාණ කථා නම් වේ. එහි ලෞකික ලෝකෝත්තර වශයෙන් ඤාණය දෙයාකාරය. ලෞකික සමාපත්ති ඤාණය ද දානාදි වශයෙන් පවතින කම්මස්සකත ඤාණ ද වේ. සත්‍ය අවසන්කොට ඇති මාර්ග ඤාණය ද ඵල ඤාණය ද ලෝකෝත්තර වේ. මෙම විභාගය නොකොට ඤාණය සත්‍ය අවසන්කොට පමණක් ඇත. අනිත්වා ඤාණ නොවේ. එහෙයින් පෘථග්ජනයාට ඤාණය නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. පඤ්ඤා යනාදිය ඤාණ පරියාය වචන දැක්වීම සඳහා කියන ලදී. එයින් මෙය දක්වයි. ඉදින් ඔහුගේ ඤාණය නැතිද පඤ්ඤාදියද නැත. එහෙත් පඤ්ඤාදිය ඇති ද ඤාණය ද ඇත. කුමක් හෙයින්ද? පඤ්ඤාදිය ඤාණයෙන් අනිකක් නොවේ. පඨමං ඤාණං යනාදි සමාපත්ති ඤාණය දැක්වීම සඳහා කියන ලදී. දානං දදෙය්‍ය යනාදි කම්මස්සකත ඤාණයද දුක්‍ඛං පරිජානාති ලෝකොත්තර මාර්ග ඤාණයම දක්වයි. ලෝකෝත්තර ඤාණයම නොවේ.
186. නිරයපාල කථා
දැන් නිරයපාල කථා නම් වේ. එහි නිරයේ නේරයික කර්මයෙන්ම නිරයාපල රූප වශයෙන් වධ දේ. නිරයපාල සත්ත්වයන් නැත්තාහයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එහි නිරයපාලයෝ නොවන්නාහු නම් කර්ම කරණයද නොවන්නේය. කරන අය සිටින කල්හිම කිරීම ඇතැයි චෝදනා කිරීමට නත්‍ථි නිරයෙසු යනාදිය කීය.
අත්‍ථි මනුස්සෙසු ප්‍රත්‍යක්‍ෂයෙන් දැන්වීමට කියන ලදී. යම්සේ මිනිසුන් සිටින කල්හි කිරීම වේ. මෙසේ එහිද වේ. මෙහි අදහස මෙසේය. අත්‍ථි නිරයෙසු විචාරීම පරවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. න වෙස්සභුනො පිච පෙත්තිරාජා යයි පරවාදියා විසින් ස්ව සමයේ සූත්‍රය ගෙනෙන ලදී. එය වනාහි සාසනාවචර යයි සකවාදියා විසින් අනුදනී. එහි වෙස්සභූ යනු එක් දෙවියෙකි. පෙත්තිරාජා ප්‍රේත විෂයෙහි මහත් ඍද්ධිවන්තයෙකි. සෝම ආදිය ප්‍රකටමය. මෙය කියන ලදී. තමාගේ කර්මයෙන් ඉතො පනුණ්ණං පරලොකං පත්තං පුරුෂයෙක් නැත. මේ වෙස්සභු ආදීහු විනාශ කරති. යම් කර්මවලින් එහි උපන් හේ ඒ සකානි කම්මා සිය කර්මවලින්ම ඔහු තත්‍ථ හනන්ති එහි නසති යයි කම්මස්සකතය දක්වයි. නිරයපාලයින්ගේ අභාවයක් නොවේ. සකවාදියා වනාහි තමෙනං භික්‍ඛවෙ ගෙනෙන ලද සූත්‍රපද පැමිණවිය යුතු වේ.
187. තිරච්ඡානගත කථා
දැන් තිරච්ඡානගත කථා නම් වේ. එහි දෙවියන් කෙරෙහි ඒරාවණ ආදි දෙවිවරු ඇත් රූප අශ්ව රූප බවට පත්වෙති. තිරිසන්නු එහි නැත්තාහ. යමෙකුගේ වනාහි තිරිසන් වෙස් ගත් දිව්‍ය පුත්‍රයින් දැක දෙව්ලොව තිරිසනුන් ඇතැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් දේව යෝනියෙහි තිරිසන්නු වෙත් නම් තිරිසන් යෝනියෙහි ද දෙවියන් විය යුතුයයි චෝදනා කිරීමට අත්‍ථි තිරච්ඡානගතෙසු යනාදිය කීය. එරාවණො යන ප්‍රශ්නයෙහි ඔහුගේ ඇති බවට ප්‍රතිඥාව සකවාදියාගේය. තිරිසන්ගත නොවේ. ඇතුන් බලන්නේ වෙත්යයි චෝදනා කිරීමට කියන ලදී. එහි යාවසිකා යනු යව දායකයෝය. කාරණීකා යනු ඇත් ඇදුරු ආදීහු. ඔව්හු නා නා විධ කටයුතු කරන්නාහුය. සත්තකරකා ඇතුන් ආදීන්ට ආහාර සපයන්නෝ. න හෙවං එසේ අකමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි.
188. මග්ග කථා
දැන් මාර්ග කථා නම් වේ. එහි යමෙකුගේ ‘පුබ්බෙව ඛො පනස්ස කාය කම්මං වචීකම්මං සුපරිසුද්ධො හොති’ මේ සූත්‍රයම සම්මා වාචා, කම්මන්ත ආජීවයේද චිත්ත විප්‍රයුක්ත බව නිසා නිප්පරියාය වශයෙන් අංග පහම මාර්ගයයි ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පඤ්චංගිකො යනාදිය පරසමය වශයෙන් කියන ලදී. පර සමයෙහි සම්මා වාචාදිය මාර්ග අංගයයි ආවේය. රූපබව මාර්ගාංගයක් නොවේ යයි වර්ණනා කරන ලදී. සම්මා දිට්ඨි මග්ගගං යනාදිය මාර්ගාංගයට අමාර්ග නම් නැතැයි දැක්වීමට කියන ලදී. පුබ්බෙව ඛො පනස්ස යන සූත්‍රයෙහි පරිසුද්ධ සීල මාර්ග භාවනා වේ. ඉතිරියෙහි නොවේ යයි පැමිණිය යුතු ප්‍රතිවිද්‍යාවේ විසුද්ධ බව දැක්වීමට කාය කම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති යන කියන ලදී. මේවා හැර පංචංගිතභාව දැක්වීමක් නොවේ. එයින් කීය. එවමස්සායං අරියෙ අට්ඨංගිකො මග්ගො භාවනා පරිපූරං ගච්ඡති සකවාදියා විසින් ගෙනෙන ලද සූත්‍රය පමුණුවන ලදී.
189. ඤාණ කථා
දැන් ඤාණ කථා නම් වේ. එහි දම්සක් පැවතුමෙහි දොළොස් ආකාර ඤාණය සඳහා දොළොස් වස්තු ඤාණය ලෝකෝත්තරයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඒ දොළොස් වියෙකු දොළොස්මග නුවණින් විය යුතුයයි චෝදනා කිරිමට ද්වාදසා යනාදිය කීය. අනෙකා මාර්ගයේ ඒකත්වය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. එක් එක් සංඝයෙහි සච්ච ඤාණ කිච්ච ඤාණ කත ඤාණ වශයෙන් ඤාණ නානත්‍වය සඳහා පිළිගනී. ද්වාදස සොතාපත්ති මග්ග යනාදියෙහි ද මෙම නයයි. නනු වුත්තං භගවතා යන සූත්‍රය සමග පෙර අපර ඤාණ නානත්‍වය දක්වයි. ආර්ය මාර්ගයේ දොළොස් ඤාණ බව නොවේ. එහෙයින් සාධක නොවේ.
විසිවෙනි වර්ගය නිමයි.
සිව්වෙනි පණ්ණාසකය සමාප්තයි.
21. එක් විසිවැනි වර්ගය
190. සාසන කථා
දැන් සාසන කථා නම් වේ. එහි සංගීති තුන සඳහා සාසනය අළුත් කරන ලදැයි ද තථාගත සාසනය අළුත් කරන කිසිවෙක් ඇතැයි ද තථාගත සාසනය අළුත් කිරීමට ලැබේ යයි ද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා කථා තුනේම විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සතිපට්ඨාන යනාදි සාසනය නම් සතිපට්ඨානාදි ආර්ය ධර්ම ද කුසලාදී දේශනා ද වේ. එහි යමෙකුගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨානාදිය හැර ඔහු අන්‍ය සතිපට්ඨානාදිය කිරීමෙන් අකුසලාදිය හෝ කුසලාදි බව කිරිමෙන් කසිනය නවීකත්ත නම් වන්නේය. කිම? එය මෙසේ කළේ කවුරුන්ද? මෙසේ කරන කිසිවෙක් ඇත්ද? මෙසේ කිරීමට ලැබේද? ප්‍රශ්න තුනටම චෝදනා පිණිස කියන ලදී. සෙසු සැමතැන පෙළ අනුව යෙදිය යුතුය.