20. විසිවෙනි වර්ගය
184. අසඤ්චිච්ච කථා
දැන් අසඤ්චිච්ච කථා නම් වේ. එහි ආනන්තරිය වස්තු නම් ගරු වේ. බර වේ. එහෙයින් නොදැන ද ඒ වස්තු විරෝපනය (මව මැරීම ආදීය කළවිට) කළ කල්හි ආනන්තරික කර්මය වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අසඤ්චිච්ච යයි විචාරය සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් ආනන්තරිය කර්මය නම් කර්මපථ බැවින්, ඉදින් නොදැන කර්මපථ භෙද වන්නේය. අවසේස ප්රාණඝාතාදිය ද නොදැන කර්මපථ වන්නේ යයි චෝදනාව පිණිස අසඤ්චිච්ච පාණං සනත්වා යනාදිය කීය. අනෙකා එබඳු ලබ්ධියක් නැති බැවින් ප්රතික්ෂේප කරයි. සෙස්ස පෙළ අනුව පමුණුවා ගන්න. න වත්තබ්බං මාතුඝාතකො යයි විචාරීම පරවාදියාටය. රෝග ප්රතිකාර කාලයෙහි නොදැන මරණ සඳහා ප්රතිඥාව සකවාදියාටය. නනු මාතා ජීවිතා වොරොපිතා යන ප්රශ්නයෙහි ද නොදැන දිවි ගැලවීම සඳහා ප්රතිඥාව පරවාදියාටය. මෙසේ අදහස නොගෙන හඤ්චී යයි ලබ්ධිය පිහිටුවීම අනෙකාගේය. එය අනුවණින් පිහිටුවන ලද හෙයින් නොපිහිටවූවා මෙනි. පිතුඝාතකාදියෙහි ද මෙම නයම වේ. සංඝ භේදයෙහි වනාහි ධර්ම සංඥාව සඳහා සංඝභෙදතො ආනන්තරිකො යයි විචාරීම සකවාදියාගේය. ‘සංඝං සමග්ගං භෙත්වාන කප්පං නිරයම්හි පච්චති’ යන වචනය අනුවණින් ගෙන ප්රතිඥාව පරවාදියාගේය. නැවත සබ්බෙති යයි විචාළේ නම් පක්ෂයෙහි ධර්ම සංඥාව සඳහා ප්රතික්ෂේප කරයි. පර පක්ෂයෙහි ධර්ම සංඥාව සඳහා පිළිගනී. ධම්ම සඤ්ඤී යන ප්රශ්න දෙකේම මෙම නයම වේ. නනු වුත්තං භගවතා සූත්රය ඒකාන්තයෙන් ධර්මවාදියාගේ ආනන්තරිකභාවය දැක්වීම සඳහා කියන ලදී. ආපාධිකො නෙරයිකො යන ගාථාවෙන් ද අධර්මවාදීන්ම අභිප්රේතය. අනෙකා වනාහි අදහස නොගෙන ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේමය.
185. ඤාණ කථා
දැන් ඤාණ කථා නම් වේ. එහි ලෞකික ලෝකෝත්තර වශයෙන් ඤාණය දෙයාකාරය. ලෞකික සමාපත්ති ඤාණය ද දානාදි වශයෙන් පවතින කම්මස්සකත ඤාණ ද වේ. සත්ය අවසන්කොට ඇති මාර්ග ඤාණය ද ඵල ඤාණය ද ලෝකෝත්තර වේ. මෙම විභාගය නොකොට ඤාණය සත්ය අවසන්කොට පමණක් ඇත. අනිත්වා ඤාණ නොවේ. එහෙයින් පෘථග්ජනයාට ඤාණය නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. පඤ්ඤා යනාදිය ඤාණ පරියාය වචන දැක්වීම සඳහා කියන ලදී. එයින් මෙය දක්වයි. ඉදින් ඔහුගේ ඤාණය නැතිද පඤ්ඤාදියද නැත. එහෙත් පඤ්ඤාදිය ඇති ද ඤාණය ද ඇත. කුමක් හෙයින්ද? පඤ්ඤාදිය ඤාණයෙන් අනිකක් නොවේ. පඨමං ඤාණං යනාදි සමාපත්ති ඤාණය දැක්වීම සඳහා කියන ලදී. දානං දදෙය්ය යනාදි කම්මස්සකත ඤාණයද දුක්ඛං පරිජානාති ලෝකොත්තර මාර්ග ඤාණයම දක්වයි. ලෝකෝත්තර ඤාණයම නොවේ.
186. නිරයපාල කථා
දැන් නිරයපාල කථා නම් වේ. එහි නිරයේ නේරයික කර්මයෙන්ම නිරයාපල රූප වශයෙන් වධ දේ. නිරයපාල සත්ත්වයන් නැත්තාහයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එහි නිරයපාලයෝ නොවන්නාහු නම් කර්ම කරණයද නොවන්නේය. කරන අය සිටින කල්හිම කිරීම ඇතැයි චෝදනා කිරීමට නත්ථි නිරයෙසු යනාදිය කීය.
අත්ථි මනුස්සෙසු ප්රත්යක්ෂයෙන් දැන්වීමට කියන ලදී. යම්සේ මිනිසුන් සිටින කල්හි කිරීම වේ. මෙසේ එහිද වේ. මෙහි අදහස මෙසේය. අත්ථි නිරයෙසු විචාරීම පරවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. න වෙස්සභුනො පිච පෙත්තිරාජා යයි පරවාදියා විසින් ස්ව සමයේ සූත්රය ගෙනෙන ලදී. එය වනාහි සාසනාවචර යයි සකවාදියා විසින් අනුදනී. එහි වෙස්සභූ යනු එක් දෙවියෙකි. පෙත්තිරාජා ප්රේත විෂයෙහි මහත් ඍද්ධිවන්තයෙකි. සෝම ආදිය ප්රකටමය. මෙය කියන ලදී. තමාගේ කර්මයෙන් ඉතො පනුණ්ණං පරලොකං පත්තං පුරුෂයෙක් නැත. මේ වෙස්සභු ආදීහු විනාශ කරති. යම් කර්මවලින් එහි උපන් හේ ඒ සකානි කම්මා සිය කර්මවලින්ම ඔහු තත්ථ හනන්ති එහි නසති යයි කම්මස්සකතය දක්වයි. නිරයපාලයින්ගේ අභාවයක් නොවේ. සකවාදියා වනාහි තමෙනං භික්ඛවෙ ගෙනෙන ලද සූත්රපද පැමිණවිය යුතු වේ.
187. තිරච්ඡානගත කථා
දැන් තිරච්ඡානගත කථා නම් වේ. එහි දෙවියන් කෙරෙහි ඒරාවණ ආදි දෙවිවරු ඇත් රූප අශ්ව රූප බවට පත්වෙති. තිරිසන්නු එහි නැත්තාහ. යමෙකුගේ වනාහි තිරිසන් වෙස් ගත් දිව්ය පුත්රයින් දැක දෙව්ලොව තිරිසනුන් ඇතැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් දේව යෝනියෙහි තිරිසන්නු වෙත් නම් තිරිසන් යෝනියෙහි ද දෙවියන් විය යුතුයයි චෝදනා කිරීමට අත්ථි තිරච්ඡානගතෙසු යනාදිය කීය. එරාවණො යන ප්රශ්නයෙහි ඔහුගේ ඇති බවට ප්රතිඥාව සකවාදියාගේය. තිරිසන්ගත නොවේ. ඇතුන් බලන්නේ වෙත්යයි චෝදනා කිරීමට කියන ලදී. එහි යාවසිකා යනු යව දායකයෝය. කාරණීකා යනු ඇත් ඇදුරු ආදීහු. ඔව්හු නා නා විධ කටයුතු කරන්නාහුය. සත්තකරකා ඇතුන් ආදීන්ට ආහාර සපයන්නෝ. න හෙවං එසේ අකමැත්තේ ප්රතික්ෂේප කරයි.