173. ඣානන්තරික කථා
දැන් ඣානන්තරික කථා නම් වේ. එහි යමෙකුගේ සමයෙහි පඤ්චක නයේ ධ්යාන පහක් බෙදන ලදී. හුදෙක් සමාධි තුනක් දක්වන ලදැයි අවිතක්ක විචාරමත්ත සමාධියට ඕකාස නොදන්නන්ගේ පළමුවන දෙවන ධ්යාන අතරෙහි ඣානන්තරික යයි මේ ලබ්ධිය වේ. යම්සේ සම්මිතියන්ගේ ද ඇතැම් අන්ධකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ධ්යානයද ඵස්සාදි චෛතසික ධර්ම වේ. එහෙයින් ඉදින් ඣානන්තරිකා වන්නේ නම් ඵස්සන්තරිකාදියද විය යුතුයයි චෝදනා කිරීමට අත්ථි ඵස්සන්තරිකා යනාදිය කීය.
දුතියස්ස ච ඣානස්ස යනාදි ධ්යානන්තරිකා නම් වන්නේ නම් දෙවන තුන්වන ආදියද ධ්යානමය. ඒවායේ ද අන්තරිකා විය යුතුයයි චෝදනාව පිණිස කියන ලදී. හෙතෙම හුදෙක් ලබ්ධියේ අභාවයෙන් ප්රතික්ෂේප ද කරයි. පිළිගැනීම ද කරයි. පඨමස්ස ච යයි විචාළේ ලබ්ධි වශයෙන් පිළිගනී.
සවිතක්කො සවිචාරො යනාදි සමාධි තුනේම සමාධිභාවය සමානය. අවිතක්ක විචාරමත්ත සමාධියම ඣානන්තරික වේ. ඉතිරි ඒවායේ නොවේ. මෙහි විශේෂ හේතු කුමක්දැයි චෝදනා පිණිස කියන ලදී.
ද්වින්නං ඣානානං පටුප්පන්නානං පළමු දෙවන ධ්යාන සඳහා විචාරයි. අනිත් තැනැත්තා ඒවායේ ප්රත්යුත්පන්න අන්තරයෙහි අවිභත්ත වූ විචාර මාත්ර වූ සමාධිය ධ්යානන්තරික නම් වේ යයි ලබ්ධියෙන් පිළිගනී. අවිතක්කො විචාරමත්තො සමාධි පඨමං ඣාහං යයි චතුක්ක නය වශයෙන් විචාරයි. සකවාදියා ඒ නයෙහි ඔහුගේ අභාවයෙන් ප්රතික්ෂේප කරයි. නනු තයො සමාධි යන මෙහි අදහස මෙසේය. යම්සේ ඒ සමාධි තුනෙහි සමාධි ධ්යාන දෙකකි. ධ්යාන අන්තරිකය නොවේ. මෙසේ ඉතිරි ධ්යානයද විය යුතුය. ඣානන්තරික නොවේ.
174. සමාපන්නො සද්දං සුණාතීති කථා
දැන් සමාපන්න වූයේ ශබ්ද අසා යයි කථා නම් වේ. එහි යම්හෙයකින් පළමු ධ්යානයට සමවත් වූවහුට ශබ්දවලින් බාධා ඇතැයි භාග්යවතුන් වහන්සේ කියන ලදී. ඉදින් සමවත් සමවැදි පුද්ගලයා ශබ්ද නො අසන්නේ නම් බාධාවන්නේ කෙසේද? එහෙයින් සමවත් සමවන්නේ ශබ්ද අසායයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. චක්ඛුනා රූපං පස්සති යනාදි සමවත් සමවන්නාට පංචද්වාරයේ පැවතීමක් නැත. එය නොමැති කල්හි ඉදින් හේ ශබ්ද අසන්නේ නම් රූප ද බලන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. ‘සද්දො කණ්ටකො’ යනු වික්ෂේප කරන බව කියන ලදී. ඕලාරික ශබ්ද කනේ ගැටුණු විට පළමු දැහැනින් නැගිටීම වේ. එහෙයින් මෙය කියන ලදී. එහෙයින් අසාධක වේ. දුතියස්ස ඣානස්ස යනාදි යම්සේ වෙනත් බාධක සමාපත්තිය තුළ නැත. මෙසේ ශබ්ද ශ්රවණය අවබෝධය සඳහා කියන ලදී. ඒ සියල්ල නොගැඹුරු අරුත් වේ.
175. චක්ඛුනා රූපං පස්සතීති කථා
දැන් ඇසින් රූප බලයි යන කථා නම් වේ. එහි ‘චක්ඛුනා රූපං දිස්වා’ යන වචනය නිසා ප්රසාද චක්ෂුවම රූප බලා යයි. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඇසින් රූප බලන්නේ නම් රූපයෙන් රූප දකින්නේ යයි චෝදනා කිරීමට රූපෙන රූපං පස්සති යයි කීය. අනිකා රූපායතනය සඳහා ප්රතික්ෂේප කොට නැවත විචාළවිට ඇස සඳහාම පිළිගනී. පටිවිජානාති යයි මෙහි අදහස මෙසේය. දකීයයි අපි දැනගැනීම සඳහා විචාරමු. ඇස ලඟට පැමිණීම පමණක් නොවේ. එහෙයින් කියන්න, කිම ඔබගේ ඇස රූපයෙන් රූප දැනගනීද? අනිකා පෙර නයින්ම ප්රතික්ෂේප කොට ද පිළිගැනීම ද වේ. ඉක්බිති ඔහුට මෙසේ ඇති කල්හි රූපය මනෝවිඤ්ඤාණයට පැමිණේ. එයද දැනගැනී යයි චෝදනා කිරීමට රූපං මනොවිඤ්ඤාණං යයි කීය. අනිකා ලෙශයකුදු නො ලබන්නේ ප්රතික්ෂේප කරයි. අත්ථි චක්ඛුස්ස ආවට්ටනා යනාදි ඉදින් ඇස දැනගැනීම් අරුතින් බලයි නම් චක්ඛු විඤ්ඤාණය මෙන් එයද ආවර්ජනාවෙන් විය යුතු යයි චෝදනා කිරීමට විචාරයි. අනිකා යම්සේ ආවර්ජන ප්රතිබද්ධ ඇසක් නොවේ. ආවර්ජනාවට අනතුරුව එය නූපදී. එහෙයින් නහෙවං යයි ප්රතික්ෂේප කරයි. සොතෙන සද්දං යනාදියෙහි ද මෙම නයයි. ‘ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං පස්සති’ යයි සසංහාර කථා න්යායෙන් කියන ලදී. යම්සේ ඊයෙන් විදින්නේ ද දුන්නෙන් විදී යයි කියනු ලැබේ. මෙසේ චක්ඛු විඤ්ඤාණයෙන් බලන්නේ ද ඇසින් බලයි කියන ලදී. එනිසා මෙය අසාධක වේ. සෙස්සෙහිද මෙම නයයි.