170. ගන්ධජාත කථා
දැන් ගන්ධජාත කථා නම් වේ. එහි යමෙකුගේ භාග්යවත් බුදුන් වහන්සේ කෙරෙහි අනුවණින් ප්රේම වශයෙන් භාග්යවතුන් වහන්සේගේ මල මූ සෙසු සුවඳ ජාතීන්ට වඩා අධිකව ගනී. ඊට වඩා සුවඳ ජාතියක් නැතැයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් අන්ධකයන්ගේ ද උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවයි.
171. එකමග්ග කථා
දැන් ඒක මාර්ග කථා නම් වේ. එහි යමෙකුගේ භාග්යවතුන් කෙරෙහි අනුවණින් ප්රේම වශයෙන් භාග්යවතුන් වහන්සේ සෝවාන් වී සකදාගාමි වී අනාගාමී වී රහත්බව අවබෝධ කළහ. එකම ආර්ය මාරිගයෙන් සතර පලයන් අවබෝධ කළහයි ලන්ධිය වේ. යසේ ඔවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සතරපල සමග උපන් සතර ඵස්සාදීන්ගේ එකක් සේ සමොධාන වශයෙන් චෝදනා කිරීමට භගවා සොතාපන්නො කී කල්හි එයින් සක්කාය දිට්ඨි ආදීන්ගේ ප්රහාණ අභාව වශයෙන් චෝදනා කරයි. භගවා සොතාපන්නො යයි බුදු කෙනෙකුට සෝවාන් බව නැතැයි ප්රතික්ෂේප කරයි. පසුව එන ප්රශ්න දෙකෙහි ද මෙම නයයි. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්න.
172. ඣාන සංකන්ති කථා
දැන් ධ්යාන සංක්රාන්ති කථා නම් වේ. එහි යමෙකුගේ ‘ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති’, විතක්ක විචාරානං වූපසමා දුතියං ඣානං තතියං ඣානං චතුත්ථ ඣානං උපසම්පජ්ජ විහරති’ යන මේ පිළිවෙළ දේශනාව නිසා ඒ ඒ ධ්යානයේ උපචාර සමාධියට නොපැමිණ ධ්යානයෙන් ධ්යානයට සංක්රමණය වේ යයි ලබ්ධි වේ. යම්සේ මහිංසාසකයන්ගේ ද ඇතැම් අන්ධකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ දුතිය ධ්යාන උපචාරයට නොපැමිණ උපිළිවෙළින් ප්රථම ධ්යානයෙන් ද්විතීය ධ්යානයට සංක්රමණය වෙයි. පළමුවැන්නෙන් තුන්වැන්නද දෙවැන්නෙන් සතරවැන්නද සංක්රමණය වන්නේ යයි චෝදනා කිරීමට පඨම ඣානා යනාදිය කීය. යා පඨමස්ස යනාදි ඉදින් පළමුවැන්නෙන් අනතුරුව දෙවැන්න, දුතියාදියෙන් හෝ තතියාදිය සමවදී. එකක් වර්ජනය කිරීමෙන් සමවදින්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. කාමෙ ආදීනවකො යයි පළමුව කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන්නාට පසුව උපදී. ධ්යාන කළණයෙහි නිමිත්තම මෙනෙහි කරයි. තඤ්ඤෙව පඨමං යනාදි පෙර ජවනයෙන් පැසුළු ජවන මෙන් අනතුරුව උපදින්නේය. පෙර පැසුළු බව හැර ලක්ෂණ වශයෙන් එයම එය වන්නේ යයි චෝදනා කිරීමම විචාරයි. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය. විචිච්චෙව කාමෙහි යනාදියෙන් පිළිවෙළින් ධ්යාන දෙසු බව දක්වයි. අනතුරුව උත්පත්ති නොවේ. එහෙයින් අසාධක වේ.
173. ඣානන්තරික කථා
දැන් ඣානන්තරික කථා නම් වේ. එහි යමෙකුගේ සමයෙහි පඤ්චක නයේ ධ්යාන පහක් බෙදන ලදී. හුදෙක් සමාධි තුනක් දක්වන ලදැයි අවිතක්ක විචාරමත්ත සමාධියට ඕකාස නොදන්නන්ගේ පළමුවන දෙවන ධ්යාන අතරෙහි ඣානන්තරික යයි මේ ලබ්ධිය වේ. යම්සේ සම්මිතියන්ගේ ද ඇතැම් අන්ධකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ධ්යානයද ඵස්සාදි චෛතසික ධර්ම වේ. එහෙයින් ඉදින් ඣානන්තරිකා වන්නේ නම් ඵස්සන්තරිකාදියද විය යුතුයයි චෝදනා කිරීමට අත්ථි ඵස්සන්තරිකා යනාදිය කීය.
දුතියස්ස ච ඣානස්ස යනාදි ධ්යානන්තරිකා නම් වන්නේ නම් දෙවන තුන්වන ආදියද ධ්යානමය. ඒවායේ ද අන්තරිකා විය යුතුයයි චෝදනාව පිණිස කියන ලදී. හෙතෙම හුදෙක් ලබ්ධියේ අභාවයෙන් ප්රතික්ෂේප ද කරයි. පිළිගැනීම ද කරයි. පඨමස්ස ච යයි විචාළේ ලබ්ධි වශයෙන් පිළිගනී.