145. අසඤ්ඤ සත්තුපිකා කථා
දැන් අසඤ්ඤසත්තුපිකා කථා නම් වේ. එහි සංඥා විරාග වශයෙන් පවත්වන භාවනාව අසංඥ සමාපත්තිය ද නිරෝධ සමාපත්තිය ද සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති නම් වේ. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති දෙකකි. එහි ලෞකිකය පෘථග්ජනයා පිළිබඳ අසඤ්ඤසත්තුපිකා නම් වේ. ලෝකෝත්තරය ආර්යයනට වේ. එය නාසඤ්ඤ සත්තුපිකා වේ. මේ විභාගය නොකොට අවිශේෂයෙන්ම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති අසඤ්ඤසත්තුපිකා යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් අසඤ්ඤ සමාපත්තියට සමවැදුනහුට අලෝභාදිය ඇත. නිරෝධ සමාපත්තිය නැත. එහෙයින් ඒවායින් චෝදනා කිරීමට අත්‍ථි යනාදිය කීය.
මෙහිද අසඤ්ඤි යන ප්‍රශ්නයෙහි මෙහි සඤ්ඤ විරාග වශයෙන් සමවදිනා ලද බැවින් අසඤ්ඤි බව අනුගතය. [missing trans] එහිද මෙයින් චුත වූ අනාගාමියාට නිරෝධ සමාපත්තියම වේ. එහෙයින් ද මේ ප්‍රතිඥාවෙන් පිහිටුවන ලද ලබ්ධිය නොපිහිටියේම වේ.
146. කම්මූපචය කථා
දැන් කම්ම උපචය කථා නම් වේ. එහි යමෙකුගේ කර්මය උපචය නම් කර්මයෙන් අනිකක් වූ චිත්ත විප්‍රයුක්ත වූ අව්‍යාකෘත අනාරම්මණයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මුතියද මෙනි. ඔවුන් සඳහා අඤ්ඤං කම්මං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් කර්මූපචය කර්මයෙන් අනිකක් නම්, ඵස්ස උපචය ද ඵස්සාදියෙන් අනිකක් විය යුතුයයි චෝදනා කිරීමට අඤ්ඤො ඵස්සො යනාදිය කීය. අනිකා ලබ්ධියෙන් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි.
කම්මෙන සහජාතො යයි ප්‍රශ්නවල චිත්ත විප්‍රයුක්තය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. චිත්ත සම්ප්‍රයුක්තය සඳහා පිළිගනී. කුසලො යයි ප්‍රශ්නවලද විප්‍රයුක්තය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සම්ප්‍රයුක්තය සඳහා පිළිගනී. අකුසලො යන ප්‍රශ්නවල ද මෙම නයම වේ.
සාරම්මණො යයි විචාරණ ලද්දේ ඒකාන්ත අනාරම්මණම කැමති වේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි. චිත්තං භිජ්ජමානං සිත බිඳුණුවිට කර්මය බිඳේ යන අර්ථය වේ. මෙයම හෝ පාඨයයි. එහි යම්හෙයකින් සම්ප්‍රයුක්තය බිඳේ. විප්‍රයුක්තය නොබිඳේ. එහෙයින් පිළිගැනීම ද ප්‍රතික්‍ෂේපය ද වේ.
කම්මම්හි කම්මූපචයො කර්මය ඇති කල්හි කර්මූපචය වේ. කර්මය පිහිටි කල්හි හෝ කර්මූපචය වේ. කර්ම රැස්කිරීමෙන්ම විපාකය ඇතිවේ. ඒ කර්මය නිරුද්ධ වූ විට, අංකුරය ඇතිවීමෙන් බීජය මෙන් විපාකය ඇතිවීමෙන් කර්ම රැස්කිරීම පවතී යයි ලබ්ධි වේ. එහෙයින් පිළිගනී. තඤ්ඤෙව කම්මං සො කම්මූපචයො සො කම්මවිපාකො යයි යම්හෙයකින් කර්මය කර්ම උපචය වේ. එයද විපාක දෙනතුරු පවතීයයි ලබ්ධි වේ. එහෙයින් ඒ තුනම එකක්දැයි ඔහුගෙන් විචාරයි. විපාකො සාරම්මණො යන මෙය විපාකය මෙන් විපාක ධර්ම ස්වභාවය ද අරමුණ හා බැඳී ඇතැයි චෝදනා කිරිම පිණිස විචාරයි. අනිකා වනාහි ලබ්ධි වශයෙන් එකක් පිළිගනී. එකක් ප්‍රතික්‍ෂේප කරයි. ප්‍රතිලෝමයෙහිද මෙම නයයි.