115. ජීවිතා වොරොපන කථා
දැන් ජීවිත තොරකරන කථා නම් වේ. එහි යම්හෙයකින් ද්වේෂ සම්ප්‍රයුක්ත සිතින් ප්‍රාණය අනිපාත වේ. ද්වේශය ද දෘෂ්ටි සම්පන්න වූයේ ප්‍රහීන නොවූයේ, එහෙයින් දෘෂ්ටියෙන් යුක්තව දැන දිවි ඇති ප්‍රාණියෙකුගේ ජීවිතය තොර කරන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා දිට්ඨි සම්පන්නො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සඤ්චිච්ච මාතරං ආදි ප්‍රශ්නවල ‘අට්ඨානමෙතං අනවකාසො’ යයි සූත්‍රයෙන් ප්‍රතික්‍ෂේප කරයි. සත්‍ථරි අගාරවො යනාදි ශාස්තෲන් කෙරෙහි භෙරව ශික්‍ෂා පදවල ව්‍යතික්‍රමණ භාවය දැක්වීමට කියන ලදී. අනෙකා වනාහි අකුසල වශයෙන් ඔහුගේ අගෞරවයක් නැතැයි ප්‍රතික්‍ෂේප කොට ගෞරව සහිත බව ද පිළිගෙන නැවත අගාරවො යයි විචාරණ ලද්දේ ඒ ඒ කෘත්‍යවල යෙදුණු වික්‍ෂිප්ත නැති මෙනෙහි නොකිරීමෙන් සෑය වඳින පැදකුණු කරන බව සඳහා පිළිගනී. නැවත ඔදහෙය්‍ය යනාදි නයින් විචාරණ ලද්දේ එබඳු කිරියාවන් දැන දැන නොකිරීමෙන් ප්‍රතික්‍ෂේප කරයි. මෙහි සෙස්ස පැහැදිලිය.
116. දුග්ගති කථා
දැන් දුග්ගති කථා නම් වේ. එහි යමෙකු දුග්ගතිය ද දුර්ගති සත්ත්වයන්ගේ රූපාදි අරමුණු තෘෂ්ණාවදැයි දෙකම දුග්ගති යයි ගෙන නැවත එසේ නොබෙදා විශේෂයක් නැතිව දෘෂ්ටි සම්පන්නයාට දුර්ගති ප්‍රහීන යයි කියති. යම්සේ උත්තරාපථකයන් මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ආපායිකෙ රූපෙ රජ්ජෙය්‍ය යනාදි පරවාදියාගේ ලබ්ධියෙන් දෘෂ්ටි සම්පන්නයාට දුර්ගතිය අප්‍රහීනයයි චෝදනා කිරීමට කියන ලදී. මෙහි සෙස්ස පැහැදිලිය. නිරයං උප්පජ්ජෙය්‍ය යනාදිය දුග්ගති ප්‍රහානයම දුගතිගාමී තෘෂ්ණා ප්‍රහානය හෝ දක්වයි. දුගති සත්ත්වයන්ගේ රූපාදි අරමුණෙන් තෘෂ්ණා ප්‍රහානය නොවේ. එනිසා සාධක නොවේ.
සප්තම භවිකයා පිළිබඳවද මෙම ක්‍රමයමයි.
දොළොස්වෙනි වර්ගයයි.
13. තෙළෙස්වැනි වර්ගය
117. කප්පට්ඨ කථා
දැන් කල්පස්ථ කථා නම් වේ. එහි යමෙකුගේ ‘සංඝ සමග්ගං භෙත්‍වාන කප්පං නිරම්හි පච්චති’ (සමගි සංඝයා භේද කොට කල්පයක් නිරයෙහි පැසේ) යයි සංඝ භේදකයා කල්පයම නිරයේ සිටී යයි ලබ්ධි වේ. යම්සේ රාජගිරිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා කප්පට්ඨො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. බුද්ධො ච ලොකෙ යන මෙය හැර බුද්ධෝත්පාදයෙන් සංඝභේදයේ අභාවය දැක්වීමට කියන ලදී. කප්පො ච සණ්ඨාති සංඝො ච භිජ්ජති යනාදිය ඉදින් හේ මුළු කල්පයම සිටීද, නැවත හටගැනීමේ සිට ඒ කර්මය කොට එහි ඉපදී සිටින්නේ යයි දැක්වීමට කියන ලදී. අතීතං යනාදිය යට කියන ලද අදහසය. කප්පට්ඨො ඉද්ධිමා යන ප්‍රශ්නයෙහි භාවනාමය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. පරසමයෙහි ජාතිමය ඍද්ධිය කැමති වේ. ඒ සඳහා පිළිගනී. ඡන්‍දිද්ධිපාදො යනාදිය ජාතිය හැර ඉද්ධියෙන් ඉද්ධි ඇතැයි මෙය ලබ්ධිය පමණකි. කිම එයින් ඍද්ධිය ඇත්ද? මෙම නයින් ඉද්ධිපාද භාවිතය වන්නේ යයි චෝදනා පිණිස කියන ලදී. අපායිකො නෙරයිකො යන සූත්‍රය හේ එක කපක් අසූවට බෙදා එයින් එක් කොටසක කාලයක් පමණක් සිටින්නේය. ඒ ආයු කල්පය සඳහා කියන ලදී. එහෙයින් දුසාධක වේ.
118. කුසල චිත්ත පටිලාභ කථා
දැන් කුසල සිත් ප්‍රතිලාභ කථා නම් වේ. එහි කල්පයමය ස්ව සමයෙහි කාමාවචර කුසලයම ලබයි. එහි උපත යමකින් වලක්වන්නේ නම් එය මහග්ගත හෝ ලෝකෝත්තර හෝ නොලබයි. මෙම විභාගය නොකොට අවිශේෂයෙන් ඒ කුසල සිත නොලැබේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. විභාග දැක්වීමෙන් ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.