113. සළායතන කථා
දැන් සළායතන කථා නම් වේ. එහි යම්සේ කර්ම කළ හෙයින් සළායතන ඇතිවිය. එහෙයින් සළායතන විපාකයයි. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සාංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චක්ඛායතනං විපාකො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස යට කියන ලද නය අනුවම වේ. සළායතනං විපාකො යන මෙහි මනායතනය විපාක වන්නේය. සෙසු ඒ හුදෙක් කාමයෙන් හටගත්තේය. විපාක නොවේ. එහෙයින් මෙය සාධක නොවේ.
114. සත්තක්ඛත්තු පරම කථා
දැන් සත්තක්ඛත්තු පරම කථා නම් වේ. එහි යම්හෙයකින් ‘සත්තක්ඛත්තු පරම’ යයි කියන ලදී. එහෙයින් සත්තක්ඛත්තු පරම පුද්ගලයා සත්තක්ඛත්තු පරමතාවෙන් නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ආර්ය මාර්ගය ඔවුන් හැර අන්ය කෙනෙකුට නියම නැත. යමකින් හෝ සත්තක්ඛත්තු පරමාතවෙන් නියත වන්නේ යයි මේ විභාගය දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය.
මාතා ජීවිතා යනාදියෙහි අදහස මෙසේය. සම්මත හා මිච්ඡත්ත යයි නියත දෙයකි. ආර්ය මාර්ගය සම්මත නියතයයි. එය යහපත් ධර්මයකි. එහි පල උපතද විපාක නියම වේ. ආනන්තරිය කර්මය මිච්ඡත්ත නියාමය වේ. එය අනතුරුව නිරයේ උපත වේ. එහි සත්තක්ඛත්තු පරම සෝවාන් මාර්ගයෙන් අවිනිපාත ධර්මතාවෙන් ද විපාකය ද නියමිතය. සෙසු මාර්ගවල නියමයක් නැත. අධිගත නොවන හෙයිනි. හේ ආනන්තරිය කර්ම කිරීමට නුසුදුසු වේ. ඔබ නියාමයක් කැමති වෙහි. එයින් ඔබට කියමි. ඔබගේ මේ මිච්ඡත්ත නියාමයෙන් ඒ නියමය කුමක්ද?
අභබ්බො අන්තරා යන ප්රශ්නවල ආනන්තරියභාවය සඳහා ප්රතික්ෂේප කරයි. සත්තක්ඛත්තු පරමය සඳහා පිළිගනී. අත්ථි සො නියාමො යන ප්රශ්නයෙනි. සත්තක්ඛත්ත පරමතාවෙන් නියමයක් නො දක්නේ ප්රතික්ෂේප කරයි. අත්ථි තෙ සතිපට්ඨානා ආදි නියාම සංඛ්යාත මාර්ග ධර්මය දැක්වීමට කියන ලදී. ඔවුන්ගේ වනාහි නැවත පළමු මාර්ගයට පැමිණීමෙන් ඒවාද නැත. එනිසා ප්රතික්ෂේප කරයි. මෙහි සෙස්ස පැහැදිලිය. නනු සො සත්තක්ඛත්තු පරමො යයි මෙහි භාග්යවතුන් වහන්සේ මේ පුද්ගලයා මෙපමණ භවවල ඇවිද පිරිනිවන් පාන්නේය. මේ තෙම මෙපමණයයි තමන් වහන්සේගේ ඤාණ බලයෙන් ප්රකාශ කරති. කිසි භව නියමයක් නම් නැත. එහෙයින් සත්තක්ඛත්තුපරම කොලංකොල එකබීජි යයි කියන ලදී. එහෙයින් මෙය සාධක නොවේ.
කොලංකොල එකබීජි කථාද මේ උපායෙන්ම දතයුතුය.
115. ජීවිතා වොරොපන කථා
දැන් ජීවිත තොරකරන කථා නම් වේ. එහි යම්හෙයකින් ද්වේෂ සම්ප්රයුක්ත සිතින් ප්රාණය අනිපාත වේ. ද්වේශය ද දෘෂ්ටි සම්පන්න වූයේ ප්රහීන නොවූයේ, එහෙයින් දෘෂ්ටියෙන් යුක්තව දැන දිවි ඇති ප්රාණියෙකුගේ ජීවිතය තොර කරන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා දිට්ඨි සම්පන්නො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සඤ්චිච්ච මාතරං ආදි ප්රශ්නවල ‘අට්ඨානමෙතං අනවකාසො’ යයි සූත්රයෙන් ප්රතික්ෂේප කරයි. සත්ථරි අගාරවො යනාදි ශාස්තෲන් කෙරෙහි භෙරව ශික්ෂා පදවල ව්යතික්රමණ භාවය දැක්වීමට කියන ලදී. අනෙකා වනාහි අකුසල වශයෙන් ඔහුගේ අගෞරවයක් නැතැයි ප්රතික්ෂේප කොට ගෞරව සහිත බව ද පිළිගෙන නැවත අගාරවො යයි විචාරණ ලද්දේ ඒ ඒ කෘත්යවල යෙදුණු වික්ෂිප්ත නැති මෙනෙහි නොකිරීමෙන් සෑය වඳින පැදකුණු කරන බව සඳහා පිළිගනී. නැවත ඔදහෙය්ය යනාදි නයින් විචාරණ ලද්දේ එබඳු කිරියාවන් දැන දැන නොකිරීමෙන් ප්රතික්ෂේප කරයි. මෙහි සෙස්ස පැහැදිලිය.