අතීතචක්ඛුරූපාදිකථාවණ්ණනා
අතීතං චක්ඛු අත්ථි ආදියෙහි ද චක්ඛු ආදි භාව අත්හැරීමෙන්ම ඇති බව (දැනගනී) පිළිගනී. පස්සති යනාදිය අසන ලද්දේ ඒ විඤ්ඤාණයන්ගේ කෘත්ය ස්වභාව වශයෙන් ප්රතික්ෂේප කරයි.
අතීතඤාණාදිකථාවණ්ණනා
තෙන ඤාණෙන ඤාණ කරණීයං කරොති යන ප්රශ්නයෙහි ඒ ඤාණයේ නිරුද්ධවීම නිසා එහි කෘත්යභාවය නොදක්නේ ප්රතික්ෂේප කරයි. නැවත අසන ලද්දේ අතීතාරම්මණය වර්තමාන ඤාණය අතීත ධර්මයන්ගේ දැනගන්නා ලද බැවින් අතීත ඤාණය ලේසයකින් වර්තමාන ඤාණයම අතීත කොට ඒ ඤාණයෙන් කළයුත්තේ ඇති බව පිළිගනී. ඉක්බිති සකවාදියා ඔහුට ලේස අවකාශය නොදී ඒ ඤාණයෙන් තෙත ඤාණෙන දුක්ඛං පරිජානාති යනාදිය කීය. පරවාදියා අතීතාරම්මණම ඤාණයෙන් මේ සතර කිස නොමැත්තේ ප්රතික්ෂේප කරයි. අනාගත ප්රශ්නයෙහි ද මෙම නයම වේ. වර්තමාන ප්රශ්නය මෙන්ම සංසන්දන ප්රශ්නය ද නොගැඹුරු අරුත් වේ.
අරහන්තාදිකථාවණ්ණනා
අරහතො අතීත රාගො අත්ථි යනාදියෙහි ද රාගාදී භාවය අත් නොහැරීමෙන් මෙසේ පිළිගනී. සරාගො යනාදියෙහි සූත්ර විරෝධී බියෙන් මෙන්ම යුක්ති විරෝධයෙන් ද ප්රතික්ෂේප කරයි.
පදසොධනකථාවණ්ණනා
මෙසේ සියල්ල ද පෙළ ඇසුරෙන්ම දැන පසුව අත්ථි සිසා අතීතං සියාන්වාතීතං යන මෙහි අර්ථය මෙසේ දතයුතුය. යම් අතීතයක්ම ඇත්ද ඒ අතීතය, යම් වර්තමාන අනාගතයක් ඇත්ද එය නොමැත. ඒ අතීතය නොමැත. තෙනාතීතං න්වාතීතං න්වාතීතං අතීතං යන ඒ කරුණෙන් අතීතය නැති අතීතය, නැති අතීය අතීතයයි අනාගත වර්තමාන ප්රශ්නවල ද මෙම නයයි.
සුත්තසාධනවණ්ණනා
න වත්තබ්බං අතීතං අත්ථි අනාගතං අත්ථි යන සූත්ර සාධනය පිණිස විචාරීම පරවාදියාටය. ප්රතිඥාව සකවාදියාටය. නැවත තමාගේ ලබ්ධිය නිසා යං කිඤ්චි භික්ඛවෙ රූපං යන අනුයෝගය පරවාදියාටද දෙවන නයෙහි විචාරීම සකවාදියාටද වේ. ප්රතිඥාව පරවාදියාටය. මෙසේ සියළු තැන විචාරීමද ප්රතිඥාවද දතයුතුය. පරවාදියා විසින් අනාගතයේ ඇති බව සාධනය පිණිස නනු වුත්තං භගවතා කබලීකාරෙ චෙ භික්ඛවෙ යන සූත්රය අවසානයෙහි අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාහි නිබ්බත්ති යනාදිය දක්වන ලදී. එය අනාගතයේ ඇති බව සාධනයක් නොවේ. එය හේතුන්ගේ අවසානය වන බැවින් අවශ්ය භාවිතය සඳහා එහි කියන ලදී. මෙම සූත්ර අදහසය. සෙසු සියළු තැන අරුත් පැහැදිලිය.
7. අතීත ස්ඛන්ධාදි කථා
නසුත්තසාධනකථාවණ්ණනා
දැන් අතීත ස්කන්ධ යනාදි කථා වේ. එහි ස්කන්ධභාවය අත් නොහැරීමෙන් අතීත අනාගතවල ඇති බව කැමති වන්නාට අතීතං ඛන්ධා යයි ඇසීම පරවාදියාටය. අතීතයේ ස්කන්ධ සංග්රහවී බැවින් ආමන්තා යයි ප්රතිඥාව සකවාදියාටය. නැවත අතීතං අත්ථි යන ඇසීම පරවාදියාටය. එහි නිරුක්ති මාර්ගය සූත්රයෙන් ඇති බව වළකන ලද හෙයින් ප්රතික්ෂේපය සකවාදියාටය. ආයතන ධාතු විචාරවලද අනාගත ප්රශ්නවලද වර්තමානය සමග සසඳා අනුලෝම ප්රතිලෝම වශයෙන් පැමිණි ප්රශ්නවලද අතීතං රූපං යන ප්රශ්නවලද මේ උපායෙන් අර්ථ දතයුතුය.
සුත්තසාධනවණ්ණනා
සූත්ර සාධනයෙහි වනාහි න වත්තබ්බං යන විචාරීම සකවාදියාටය. එහි නත්ථි චෙතෙති මේ ධර්ම නැතැයි යන අර්ථයයි. ස්කන්ධාදිභාවය ඇති කල්හි අකැමැත්තාගේ නැති බව ආමත්තා යයි ප්රතිඥාව පරවාදියාටය. ඒවායේ නැති බව සාධනය පිණිස සූත්රය දැක්වීම සකවාදියාටය. දෙවන විචාරීමද පරවාදියාටය. ප්රතිඥාව සකවාදියාටය. සූත්රය දැක්වීම පරවාදියාටය. එය වනාහි ඒවායේ ස්කන්ධාදිභාවයම සාධය. ඇති බව නොවේ. ගෙනෙන ලද්දේ ද නොගෙනෙන ලද්ද හා සමාන වේමය.
8. එකච්චං අත්ථිති කථා
අතීතාදිඑකච්චකථාවණ්ණනා
දැන් එකච්චං අත්ථිති කථා නම් වේ. එහි යමෙක් අතීතය පමණක් ඇතැයි සිතයි. කස්සපිකයන් මෙනි. ඔවුන්ගේ ලබ්ධිය බිඳිනු පිණිස අතීතං අත්ථි යන විචාරීම සකවාදියාගේය. එකච්චං අත්ථි යන විසඳීම පරවාදියාගේය. එහි අදහස මෙසේය. විපාක නොදුන් විපාක ඇත. විපාක දුන් විපාක නැත. එකච්චං නිරුද්ධං යන අනුයෝගය සකවාදියාගේය. එහි අර්ථය: ඉදින් ඔබේ අතීතය එක ලෙසකින් ඇත. එක ලෙසකින් නැත. මෙසේ ඇති කල්හි එක්ලෙසකින් අතීතය නිරුද්ධය. එක් ලෙසකින් අතීතය නිරුද්ධ නොවේ. එසේම සිටි බවට පැමිණේ. විගතං යනාදියෙහිද මෙම නයයි.
අවිපක්ක විපාකා ධම්මා එකච්චෙ යන මෙය යම්හෙයකින් ඔහු යම් විපාක නොදුන් විපාකවල ඇති බව කැමති වෙති. එයද අතීතයේමය. එහෙයින් ඔබගේ අතීතය එක් ලෙසකින් ඇත. එසේම විපාක නොදුන් ධර්ම ද එක් ලෙසකින් ඇත. එක් ලෙසකින් නැතැයි චෝදනා කිරීම කියන ලදී. විපක්ක විපාකා යයි මෙය යමක නැති බව හේ කැමති වේ. ඒවායේ වශයෙන් චෝදනා කිරීමට කියන ලදී. අවිපාකා මෙසේ අව්යාකත වසයෙන් චෝදනා කිරීමට කියන ලදී. මෙසේ මේවායේ තුනේ සමූහ වශයෙන් සියළු අනුලෝම ප්රතිලෝමවල ප්රතිඥා ද ප්රතික්ෂේප ද දතයුතුය. අතීතා එකදෙසං විපක්ක විපාකා එකදෙසං අවිපක්ක විපාකා යයි අඩාල කළ විපාක කියනු ලැබේ. යම් කර්මයකින් ප්රතිසන්ධිය උපදවන ලදී. භවාංගය ද චුතියද එහිම විපාක වේ. එහෙයින් ප්රතිසන්ධියේ සිට චුතිය දක්වා එය අඩාල කළ විපාක නම් වේ. එබඳු වූ ධර්මය සඳහා මෙය කියන ලදී.