6. සබ්බමත්‍ථිති කථා
වාදයුත්තිවණ්ණනා
දැන් සියල්ල ඇත යන වාදකථා නම් වේ. එහි ‘යමෙකුගේ යම්කිසි රූපයක් අතීත අනාගත වර්තමාන........මෙය රූපස්කන්‍ධ යයි කියනු ලැබේ’ ආදි වචනයෙන් අතීතාදී සියළු භේද ස්කන්‍ධ ස්වභාවය අත්නොහරියි. එනිසා සියල්ල ඇත යන ලබ්ධිය වේ. ඔවුන්ගේ ඒ ලබ්ධි ශෝධනය සඳහා සබ්බමත්‍ථි යන විචාරීම සකවාදියාගේය. කියන ලද ආකාරයේ ලබ්ධියේ සිට පිළිගැනීම පරවාදියාගේය. සබ්බත්‍ථ යනු සියළු ශරීරයෙහි සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බදා යනු සියළු කාලයෙහි සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බෙන සබ්බං යනු සියළු ආකාරයෙන් සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බෙසු යනු සියළු ධර්මවල සියල්ල ඇත්දැයි විචාරයි. අයොගං අයුත්ත. නොයෙක් ස්වභාවවල යෝග වේ. එක ස්වභාවයක් නොවේ. මෙසේ මේ ප්‍රශ්නයෙහි රූපය වේදනාවෙන්, වේදනාව හෝ රූපයෙන් අනන්‍ය වූ ඒක ලක්‍ෂණය කොට සබ්බමත්‍ථි යයි විචාරයි. යම්පි නත්‍ථි තම්පත්‍ථි යම් සවැනි ස්කන්‍ධාදියක් සා අඟක් මෙන් කිසිවක් නැතැයි සිද්ධ වේ. එයද ඔවුන්ට ඇත්දැයි විචාරයි. සබ්බමත්‍ථිති යා දිට්ඨි සා දිට්ඨි මිච්ඡාදිට්ඨිති යා දිට්ඨි සා දිට්ඨි මෙයින් මෙය අසයි. ඔබගේ යම් මේ සියල්ල ඇත යන දෘෂ්ටිය, ඒ දෘෂ්ටිය යථාවත් නොකළ හැකි බැවින් මිථ්‍යා දෘෂ්ටියයි මෙසේ ඔබගේ සමයේ ඇත්දැයි විචාරයි. අනිත් තැනැත්තා මේ සියළු නයෙහි කියන ලද ආකාරයෙන් ඇති බව නැති හෙයින් ප්‍රතික්‍ෂේප කරයි. මේ සියළු නයෙහි වනාහි ආජානාහි නිග්ගහං යනාදිය කොට මාර්ගභේද සියළු කථා විස්තර වශයෙන් දතයුතුය.
කාල සංසන්දනය
දැන් අතීතං අත්‍ථිති කාල සංසන්දනය වේ. එහි අතීතං අත්‍ථි යනාදිය සුද්ධික සංසන්දනය. අතීතං රූපං අත්‍ථි ආදිය ස්කන්‍ධාදි වශයෙන් කාල සංසන්දනයයි.
පච්චුප්පන්නං රූපං අප්පියං කරිත්‍වා අතීත අනාගත හැර වර්තමාන රූපයම අප්‍රිය වූ භජනය නොකළ යුත්තේ කොට. රූපභාවං ජහති යන ප්‍රශ්නයෙහි නිරුද්ධ වූ රූපයේ ද රූපස්කන්‍ධයෙහි ඇතුළත් බැවින් ප්‍රතික්‍ෂේප කරයි. රූපභාවං න ජහති යන ප්‍රතිලෝම ප්‍රශ්නයෙහි ද රූපස්කන්‍ධෙහි සංගෘහීත හෙයින්ම පිළිගනී. ඔදාතං වත්‍ථං අප්පියං කරිත්‍වා යන මෙහි කිසිවක් නොව සියළු වස්ත්‍රය සුදුය. මෙයින් වස්ත්‍ර යයි නොකියා සුදු වස්ත්‍රය අප්‍රිය කොට යයි කී කල්හි සකවාදියා විසින් ඒකත්ත බැවින් අනුදනී. ඔදාතභාවං ජහති ප්‍රශ්නයෙහි වර්ණය ඉවත්වීම සඳහා ප්‍රතිඥාව සකවාදියාගේය. වත්‍ථහාවං ජහති මෙහි වනාහි පැණවීම පහ නොවූ හෙයින් ප්‍රතික්‍ෂේපය ඔහුටමය. ප්‍රතිලෝමයෙහි ද මෙම නයයි.
අතීතං අතීතභාවං න ජහති යයි අසන ලද්දේ ඉදින් හරින්නේ නම් අනාගතය හෝ වර්තමානය වන්නේ යයි සිතන්නේ පිළිගනී. අනාගතං අනාගතභාවං න ජහති යයි අසන ලද්දේ ඉදින් නොහරින්නේ නම් අනාගතය මෙසේ මොහුව නොපැමිණෙන්නේ යයි වර්තමානභාවය නොපැමිණෙන්නේ යයි සිතන්නේ ප්‍රතික්‍ෂේප කරයි. වර්තමාන ප්‍රශ්නයෙහි ද මේ නයින්ම අර්ථය දතයුතුය.
මෙසේ සුද්ධික නය කියා නැවත ස්කන්‍ධ වශයෙන් දැක්වීමට අතීත රූපං යනාදිය කියන ලදී. ඒ සියල්ල පෙළ ඇසුරෙන්ම දැනගැනීමට හැකිය.
වචනසොධනවණ්ණනා
දැන් අතීතං නත්‍ථි යනාදි වචන සංශෝධන වේ. එහි හඤ්චි අතීතං ත්‍වත්‍ථි ඉදින් අතීතය නැතැයි යන අර්ථය වේ. අතීතං අත්‍ථි මිච්ඡා අතීතය ද එය ඇතැයි ද යනු මිථ්‍යාවකි. තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං යයි අසන ලද්දේ අනාගතය ක්‍ෂීණය, වර්තමාන බව අභාවය සදහා කාල නාගත්වයෙන් ප්‍රතික්‍ෂේප කරයි.
දෙවනුව අසන ලද්දේ යමක් ඇතිවීමට පෙර අනාගතය විය. එය ඇතිවන කාලයෙහි වර්තමාන බව දැනගනී. හුත්‍වා හොති හුත්‍වා හොති ඉදින් මෙය අනාගතය වී වර්තමානය වේ යයි කියන එයම අනාගතයයි එයි. වර්තමානයයි ලබ්ධි වශයෙන් අනාගතය හෝ වර්තමානය හෝ වී යයි කියන ලදී. කිම එයම වී වේද? ඇතිවී නැවත ඇති නොවීමෙන් නහෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
දෙවනුව අසන ලද්දේ එය අනාගතය වී වර්තමානය වීම වේ යයි ගණන් ගනී. එනිසා පිළිගනී. ඉක්බිති සකවාදියා ඉදින් ඔබ ඒ අනාගතය වී වර්තමානය වීම වේ යයි කියන ලදී. කිම එයම වී වේද? ඉතරයා ඇතිවී වූ දෙයේ නැවත ඇතිවී අභාවයෙන් නහෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ඒ අනාගතය වී වර්තමානය වෙමින් වී වේදයි ගණනයට ගියේය. එනිසා පිළිගත්හ. ඉක්බිති ඔහුට සකවාදියා ඉදින් ඔබගේ ඒ අනාගතය වී වර්තමානය වෙමින් වී වර්තමානය නොවීම නොවී නොවේ යයි ගණනයට යන ලදී. හා අඟක් මෙනි. කිම එයද නැවත නොවී නොවේද? යන අදහසින් න හුත්‍වා න හොති නහුත්‍වා නහොති යන ප්‍රශ්නය අසයි. ඉතරයා යමක් නැත්ද එය නැති බවම අනාගතය නොවී වර්තමානය නොවේ යයි න හුත්‍වා න හොති නම් වේ. ඊට හේතු නැවත නොවී නොවේ යන භවය මීට කොයින්දැයි සිතන්නේ ප්‍රතික්‍ෂේප කරයි. තඤ්ඤෙව පච්චුප්පන්නං තං අතීතං යන ප්‍රශ්නයෙහි ද වර්තමාන ක්‍ෂණයෙහිම අතීත බව අභාවය සඳහා කාල විවිධත්වය ප්‍රතික්‍ෂේප කරයි.