සංසන්දනබ්රහ්මචරියවණ්ණනා
දැන් ඉදින් අන්තැනක වඩන ලද මාර්ගයෙන් අන්තැනක පල අවබෝධ කිරීම වේ. එහෙයින් සෝවාන් ආදීන්ටද වන්නේ යයි මේ අර්ථය දැක්වීමට නැවත අනාගාමි යනාදීන්ගේ සංසන්දන විචාරීම සකවාදියාටය. එහි අනාගාමියාගේ පල අවසේසය පිළිගැනීම සෙස්සන්ගේ පල අවබෝධය ප්රතික්ෂේප කිරීම පරවාදියාටය. මෙහි වඩන ලද මාර්ග ඇති අනාගාමියා මෙහි හැර නිට්ඨ නම් වේ. හෙතෙම ‘මෙහි අනාගාමි මාර්ගය වඩා එහි ඕපපාතිකව ඉපදී පිරිනිවේ’ යන වචනයෙන් නැවත මාර්ග භාවනා හැර උත්පත්ති වශයෙන්ම රහත්පලය අවබෝධ කෙරේ යයි ඔහුගේ ලබ්ධියයි. සෝවාන් සකදාගාමීහු වනාහි එහි මාර්ගය වඩා එහි උපදිත්. ඔවුන්ගේ මෙහි පැමිණීමක් නැත. මෙසේ හේ අනාගාමියාගේ පල අවබෝධය විචාරණ ලද්දේ පිළිගනී. සෙස්සන්ගේ ප්රතික්ෂේප කරයි.
අනාගාමි පුග්ගලො තත්ථ භාවිතෙන මග්ගෙන ප්රශ්නයෙහි අනාගාමියාව එහි මාර්ග භාවනා නැතැයි යන ලබ්ධියෙන් ප්රතික්ෂේප කරයි. මග්ගො ච භාවියති න ච කිලෙසා පහීයන්ති යන විචාරීම සකවාදියාගේය. රූපාවචර මාර්ගය සඳහා ප්රතිඥාව අනිකාගේය. රූපාවචර මගින් වනාහි හෙතෙම මෙහි හැර උපන්නේය.
අනාගාමි පුග්ගලො කතකරණීයො යන ප්රශ්නයෙහි ‘ඕපපාතිකව එහි පිරිනිවේ’ යන වචනයෙන් උත්පත්තිය ද ඔහුගේ කතාකරණයේ අභාවය සඳහා පිළිගනී. අරහා යන ප්රශ්නයෙහි මෙහි පිරිනිවන් පාන්නෝ රහතුන් වේ වශයෙන් ප්රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ එහි පිරිනිවන් පාන්නවුන් වශයෙන් පිළිගනී.
අත්ති අරහතො පුනබ්භවො යනාදියෙහි එහි පිරිනිවන් පාන්නා මෙහි පිරිනිවන් පාන්නා වශයෙන්ම අර්ථය දතයුතුය. අප්පටිවිද්ධා කුප්පො ච තත්ථ පරිනිබ්බායි යයි විචාරණ ලද්දේ මෙහිම වඩන ලද මගින් රහතන් වහන්සේගේ අකුප්ප අවබෝධය කැමති වන්නේ ප්රතික්ෂේප කරයි.
යථා මිගො පළමු උදාහරණය පරවාදියාගේය. දෙවැන්න සකවාදියාගේය. සෙසු සියළු තැන පැහැදිලි අරුත් වේ.
4. ඔදිසො කථා
දැන් ප්රමාණ වශයෙන් කථා වේ. එහි යම් සෝතාපත්තාදීන්ගේ විවිධ අවබෝධ වශයෙන් එක එක ප්රමාණයේ කෙලෙස් ප්රහානය කැමති වෙති. දැන් මෙහි සම්මිතියන් මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට ඔධිසො යයි ඇසීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. නැවත අනුයෝගය සකවාදියාටය. ඒකදේශයකින් සෝවාන්බවේ නොවීන්ගෙන් ප්රතික්ෂේපය පරවාදියාටය. මේ උපායෙන් සියළු වාරවල අර්ථය දතයුතුය.
ඔධිසො කථා වර්ණනා නිමි.
5. ජහති කථා
නසුත්තාහරණකථාවණ්ණනා
දැන් ඡහති කථා නම් වේ. එය යම් වචනලාභි පෘථග්ජනයා සත්යාවබෝධ අනාගාමි නම් වේ. ඔහුගේ පෘථග්ජන කාලයේම කාමරාග ව්යාපාද ප්රහීන වූයේ යයි ලබ්ධිය දැන් මේ සම්මිතියාගේ ලබ්ධිය මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට ජගති පුථුජ්ජනො යයි විචාරීම සකවාදියාගේය. ධ්යානයෙන් විෂ්කම්භනය ඒවායේ නැගිටීම නොදක්නවුන්ගේ ප්රතිඥාව පරවාදියාටය. ධ්යානයෙන් විෂ්කම්භනය වූද අනාගාමි මාර්ගයෙන්ම අත්යන්ත ප්රශ්නය වේ. එහෙයින් නැවත අච්චන්තං යනාදි අනුයෝගය සකවාදියාටය. එබඳු වූ ප්රහානයක අභාවයෙන් ප්රතික්ෂේපය අනිකාටය. වික්ඛම්භෙති යනු අත්යන්ත විෂ්කම්භනය සඳහා විචාරීම සකවාදියාටය. ඉන්පසු අනාගාමි මාර්ගස්ථයා සමග පෘථග්ජනයා සැසඳීම වේ. එය පැහැදිලිය.
ඉන්පසු අනාගාමිඵලෙ සණ්ඨාති යයි විචාරණ ලද්දේ ධ්යාන අනුගාමියා සඳහා පිළිගනී. අරහත්තෙ සණ්ඨාති විචාරණ ලද්දේ දර්ශන මාර්ගයෙන් උද්ධංභාගියන් හේ ප්රහාන අභාවයෙන් ප්රතික්ෂේප කරයි.
අපුබ්බං අචරිමං තයො මග්ගෙ යයි විචාරණ ලද්දේ එබඳු වූ භාවනාවක අභාවයෙන් ප්රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ මාර්ග තුනේ කෘත්ය ස්වභාවය සඳහා පිළිගනී. ශ්රමණඵල විචාරීම්වලද මෙම නයම වේ. කතමෙන මග්ගෙන යයි විචාරණ ලද්දේ අනාගාමි මග්ගෙන යයි ධ්යාන අනාගාමින් සඳහා කියයි. නැවත සංයෝජන ප්රහානය විචාරණ ලද්දේ අනාගාමි ආදි මාර්ග තුනෙන් ඒ කෙලෙස් ප්රහීන නොකළ හෙයින් ප්රතික්ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ පළමුවන මාර්ගයම ධ්යාන අනාගාමි මාර්ග භවය සඳහා පිළිගනී. මෙහි සෙස්ස පැහැදිලිය.