3. බ්රහ්මචරිය කථා
සුද්ධබ්රහ්මචරියකථාවණ්ණනා
දැන් බ්රහ්මචරිය කථා වේ. එහි බ්රහ්මචරිය වාස දෙකකි. මාර්ග භාවනාව ද පැවිද්ද ද යනුවෙනි. පැවිද්ද සියළු දෙවියන් කෙරෙහි නැත. මාර්ග භාවනා අසංඥ සත්ත්වයෙහි හැර නොවලක්වන ලදී. එහි යමෙක් පරනිම්මිත වසවත්ති දෙවියන් කෙරෙහි දැඩිසේ ගෙන ඉන් ඉහළ දෙවියන් කෙරෙහි මාර්ග භාවනා නොකැමති වෙති. සම්මිතියන් මෙනි. ඔවුන් සඳහා නත්ථි දෙසු නය විචාරීම එකවාදියාගේය. ‘මහණෙනි, ස්ථාන තුනක බ්රහ්මචරිය වාසිය ඇත. දඹදිව මිනිස්සු, උතුරුකුරු දිවයිනේ මිනිස්සු, තව්තිසා දෙවියන් යන මොවුන් වසන තැන්. මේ සූත්රයේ කොටස් දෙකක දෙවියන්ට බ්රහ්මචරිය වාසය නැතැයි උපත් ලබ්ධි වශයෙන් පිළිගැනීම පරවාදියාටය. නැවත දෙදෙනාම බ්රහ්මචරියාවට අන්තරායික ධර්ම වශයෙන් සබ්බෙ දෙවා ඡළා යයි විචාරීම සකවාදියාටය. එහි හත්තසංවාචිකා යනු ගොළුවකු මෙන් හස්ත මුද්රාවෙන් කියන්නා. පසුව අත්ථි දෙවෙසු යයි විචාරීම පරවාදියාටය. මග්ග භාවනා සඳහා ප්රතිඥාව සකවාදියාටය. ප්රතිඥාවේ අදහස නො සලකා පැවිද්ද වශයෙන් අනුයෝගය පරවාදියාටය.
යත්ථ නත්ථි පබ්බජ්ජා ප්රශ්නයෙහි ගිහීන්ට ද ඇතැම් දෙවියන්ට ද මාර්ග ප්රතිලාභය සඳහා ප්රතික්ෂේපය ඔහුටමය. නැවත විචාරණ ලද්දේ ප්රත්යන්තවාසීන් මෙන්ම අසංඥ සත්ත්වයා ද සඳහා ප්රතිඥාව ඔහුටමය. යො පබ්බජ්ජති යනාදියෙන් විචාරීම්ද මෙම නයම වේ. නැවත අත්ථි දෙමෙසු යයි ප්රශ්නයෙහි ද මාර්ග භාවනාව සඳහාම ප්රතික්ෂාව සකවාදියාටය. සබ්බ දෙවෙසු යයි කී කල්හි අසංඥ සත්ත්වයා සඳහා ප්රතික්ෂේපය ඔහුටමය.
මනුස්සෙසු යන ප්රශ්න දෙකෙහි ජම්බදීපකයින් සඳහා ප්රතිඥාව ප්රත්යන්තවාසීන් සඳහා ප්රතික්ෂේපය දතයුතුය.
අත්ථි යත්ථ අත්ථි යන ඔබගේ දෙවියෝ ඇත්ද, හෝ ඒ ප්රදේශ යම් තැනක ඇත්දැයි මෙසේ සත්ත්ව ප්රදේශ විභාග මුඛයෙන් විසඳීම සකවාදියාටය. මෙම නයින් සියළු ඒකන්තරික ප්රශ්න දතයුතුය.
සූත්ර අනුයෝගයෙහි කුහිං ඵලුප්පත්ති ඒ අනාගාමියාට රහත්පල ලැබීම කොහේදැයි විචාරීම සකවාදියාටය. තත්ථෙව යනු සුද්ධාවාසවලය.
හන්දසී කාරණ අරුතෙහි නිපාතයකි. මෙය කියන ලදී. අනාගාමි පුද්ගලයා මෙම ලෝකයෙහි වඩන ලද මගින් එහි සුද්ධාවාසවල පල අවබෝධ කරයි. එහි වෙනත් මාර්ගයක් නොවඩයි. එහෙයින් දෙවියන් කෙරෙහි බ්රහ්මචරිය වාසයක් නැත.
සංසන්දනබ්රහ්මචරියවණ්ණනා
දැන් ඉදින් අන්තැනක වඩන ලද මාර්ගයෙන් අන්තැනක පල අවබෝධ කිරීම වේ. එහෙයින් සෝවාන් ආදීන්ටද වන්නේ යයි මේ අර්ථය දැක්වීමට නැවත අනාගාමි යනාදීන්ගේ සංසන්දන විචාරීම සකවාදියාටය. එහි අනාගාමියාගේ පල අවසේසය පිළිගැනීම සෙස්සන්ගේ පල අවබෝධය ප්රතික්ෂේප කිරීම පරවාදියාටය. මෙහි වඩන ලද මාර්ග ඇති අනාගාමියා මෙහි හැර නිට්ඨ නම් වේ. හෙතෙම ‘මෙහි අනාගාමි මාර්ගය වඩා එහි ඕපපාතිකව ඉපදී පිරිනිවේ’ යන වචනයෙන් නැවත මාර්ග භාවනා හැර උත්පත්ති වශයෙන්ම රහත්පලය අවබෝධ කෙරේ යයි ඔහුගේ ලබ්ධියයි. සෝවාන් සකදාගාමීහු වනාහි එහි මාර්ගය වඩා එහි උපදිත්. ඔවුන්ගේ මෙහි පැමිණීමක් නැත. මෙසේ හේ අනාගාමියාගේ පල අවබෝධය විචාරණ ලද්දේ පිළිගනී. සෙස්සන්ගේ ප්රතික්ෂේප කරයි.
අනාගාමි පුග්ගලො තත්ථ භාවිතෙන මග්ගෙන ප්රශ්නයෙහි අනාගාමියාව එහි මාර්ග භාවනා නැතැයි යන ලබ්ධියෙන් ප්රතික්ෂේප කරයි. මග්ගො ච භාවියති න ච කිලෙසා පහීයන්ති යන විචාරීම සකවාදියාගේය. රූපාවචර මාර්ගය සඳහා ප්රතිඥාව අනිකාගේය. රූපාවචර මගින් වනාහි හෙතෙම මෙහි හැර උපන්නේය.