සුත්තසාධනපරිහානිවණ්ණනා
දැන් සූත්ර ශෝධනය වේ. එහි උච්චාවචා යන උතුම් හීන භේදයෙන් (උච්චා ච අවචා ච) උසස් වූ ද පහත් වූ ද, පටිපදා ප්රතිපදාව. සමණෙන පකාසිතා බුද්ධ ශ්රමණයා විසින් එළිය කරන ලදී. සැප ප්රතිපදාවේ වහා අවබෝධ කරන්නා උසස්ය. දුක් ප්රතිපදාවේ පසුබටව අවබෝධ කරන්නා පහත්ය. සෙස්සෝ දෙකේ එක් අංගයකින් උසස්ය. එකකින් පහත්ය. පළමුව කියන ලද්දාම උච්චය. ඉතිරි තිදෙනාම අවචය. න පාරං දිගුණං යන්ති එක් මගින් එක් මගකින් නිවණට දෙවරක් නොයයි යන අර්ථයයි. කුමක් හෙයින්ද? යම් මගකින් සියළු කෙලෙස් ප්රහීන නොවේද, මෙයින් එක මගකින්ම රහත්බව දක්වයි.
අත්ථි ජිනස්ස ඡෙදීයන්ති යනු සිඳිනු ලැබූ කෙලෙස් නැවත සිඳිය යුතු කිසිවක් ඇතිදැයි අසයි. අනිත් තැනැත්තා තීක්ෂණ ඉන්ද්රිය සඳහා ප්රතික්ෂේප කොට නැවත විචාරණ ලද්දේ මෘදු ඉන්ද්රිය සඳහා ප්රතික්ෂේප කොට නැවත විචාරණ ලද්දේ මෘදු ඉන්ද්රිය සඳහා පිළිගනී. සකවාදියා සූත්රය දක්වා නැති බව පෙන්වයි. එහි ඔඝපාසො යනු කෙලෙස් සැඩපහර මෙන්ම කෙලෙස් තොණ්ඩුව ද වේ.
කතස්ස පටිචයො භාවිත මාර්ගයේ නැවත භාවනා මෙහිද ප්රතික්ෂේප පිළිගැනීම් පෙර නයින්ම දැනගත යුතුය.
පරිහානාය සංවත්තන්ති පරවාදියා විසින් ගෙනෙන ලද සූත්රයෙහි පංචධර්ම නොපැමිණි පිරිහීම සඳහා මෙන්ම ලෞකික සමාපත්ති පිරිහීම පිණිස ද පවතී. හේ වනාහි පැමිණි රහත්පල පිරිහීම සලකයි. එයින්ම අත්ථි අරහතො කම්මා රාමතා යයි කීය. අනිකාද අසමය විමුත්තිය සඳහා ප්රතික්ෂේප කොට අනිකා සඳහා පිළිගනී. කාමරාග වශයෙන් හෝ පවතින එය ප්රතික්ෂේප කොට අන්ය ආකාරයකින් පැවැත්ම පිළිගනී. රාගාදිය වනාහි ඇද්දැයි අසන ලද්දේ පිළිගැනීමට නොහැකි වේ.
කිං පරියුට්ඨිතො යනු කුමකින් නැගිටියේද? අනුබන්ධය මැඩගත්තේ හෝ වී යයි අර්ථයයි. අනුසය විචාරීමද තීක්ෂණ ඉන්ද්රිය මෘදු ඉන්ද්රිය වශයෙන්ම ප්රතික්ෂේප පිළිගැනීම් දතයුතුය. ‘කල්යාණුසයො’ යන වචන මාත්ර සමාන වීමෙන් හෝ පිළිගනී. රාගො උපවයං ගච්ඡති භාවනාවෙන් ප්රහීනය සඳහා කීය. පසුව දෝස මෝහවලද මෙම නයම වේ. සක්කාය දෘෂ්ටි ආදීන්ගේ වනාහි දර්ශනයෙන් ප්රහීන බැවින් රැස්කිරීම අකැමති වේ. සෙසු සියළු තැන නොගැඹුරු අරුත් වේ.
සූත්ර සොධනය නිමි.
3. බ්රහ්මචරිය කථා
සුද්ධබ්රහ්මචරියකථාවණ්ණනා
දැන් බ්රහ්මචරිය කථා වේ. එහි බ්රහ්මචරිය වාස දෙකකි. මාර්ග භාවනාව ද පැවිද්ද ද යනුවෙනි. පැවිද්ද සියළු දෙවියන් කෙරෙහි නැත. මාර්ග භාවනා අසංඥ සත්ත්වයෙහි හැර නොවලක්වන ලදී. එහි යමෙක් පරනිම්මිත වසවත්ති දෙවියන් කෙරෙහි දැඩිසේ ගෙන ඉන් ඉහළ දෙවියන් කෙරෙහි මාර්ග භාවනා නොකැමති වෙති. සම්මිතියන් මෙනි. ඔවුන් සඳහා නත්ථි දෙසු නය විචාරීම එකවාදියාගේය. ‘මහණෙනි, ස්ථාන තුනක බ්රහ්මචරිය වාසිය ඇත. දඹදිව මිනිස්සු, උතුරුකුරු දිවයිනේ මිනිස්සු, තව්තිසා දෙවියන් යන මොවුන් වසන තැන්. මේ සූත්රයේ කොටස් දෙකක දෙවියන්ට බ්රහ්මචරිය වාසය නැතැයි උපත් ලබ්ධි වශයෙන් පිළිගැනීම පරවාදියාටය. නැවත දෙදෙනාම බ්රහ්මචරියාවට අන්තරායික ධර්ම වශයෙන් සබ්බෙ දෙවා ඡළා යයි විචාරීම සකවාදියාටය. එහි හත්තසංවාචිකා යනු ගොළුවකු මෙන් හස්ත මුද්රාවෙන් කියන්නා. පසුව අත්ථි දෙවෙසු යයි විචාරීම පරවාදියාටය. මග්ග භාවනා සඳහා ප්රතිඥාව සකවාදියාටය. ප්රතිඥාවේ අදහස නො සලකා පැවිද්ද වශයෙන් අනුයෝගය පරවාදියාටය.