වාදයුත්තිපරිහානිවණ්ණනා
දැන් පරිහානි කථා වේ. පරිහානි ධර්මය අපරිහානි ධර්මය යන මේ ධර්ම දෙක ශෛක්ෂ භික්ෂූන්ට පරිහානිය සඳහා පවතී. මහණෙනි, මේ ධර්ම පහ සමය විමුක්ත භික්ෂූන්ට පරිහානිය පිණිස පවතී. මේ ආදි සූත්ර නිසා සම්මිතිය, වජ්ජිපුත්තක, සබ්බත්ථිවාදි, මහා සංඝික ඇතැමෙක් රහතන් වහන්සේගේ ද පිරිහීම දකිති. එහෙයින් ඔවුන්ගේ හෝ වෙනත් අයගේ හෝ මෙබඳු ලබ්ධිය බිඳීම සඳහා පරිහායති අරහා අරහත්තො යන විචාරීම සකවාදියාගේය. එහි පරිහායති යන එහි පැමිණි පරිහානිය නොපැමිණි පරිහානිය යයි පරිහානි දෙකකි. එහි ‘දෙවනුවද ආයුෂ්මත් ගෝධිකය. සාමයිකයා ඒ චේතෝ විමුක්තියෙන් පිරිහෙයි’ යන මෙය පැමිණි පරිහානි නම් වේ. ශ්රමණඵල කැමැත්තවුන්ගේ යහපත් වූ ශ්රමණ ඵලය නොපිරිහේවා යනු අප්පත්ත පරිහානි වේ. ඒවායින් මෙහි පැමිණි පරිහානිය අදහස් කරයි. ඒ සඳහා ආමන්තා යයි ප්රතිඥාව පරවාදියාගේය. ස්ව සමයෙහි වනාහි මේ පැමිණි පරිහානිය නම් ලෞකික සමාපත්තියම කැමති වෙත්. රහත් ආදි ශ්රමණ ඵලවලින් නොවේ. පරසමයෙහිද ඔහු සියළු ශ්රමණ පලවල, සියළු භවවල, සියළු කාලවල, සියළු පුද්ගලයින්ගේ කැමති නොවෙති. එය වනාහි ඔහුගේ ලබ්ධි මාත්රයම යයි සියළු ලබ්ධිජාල බිඳීමට නැවත සබ්බත්ථ යනාදි නයින් දේශනය වර්ධනය කළහ.
එහි පරවාදියා ක්රමයෙන් පිරිහී සෝවාන් ඵලයෙහි සිටියහුගේ රහත් පරිහානිය අකැමති වේ. ඉහළ තලවල සිටියහුගේම කැමති වේ. රූපාරූප භවවල සිටියහුගේ නොකැමති වේ. ක්රියාවේ යෙදීමට කැමැත්තවුන්ගේ වනාහි පිරිහෙන ධර්ම ස්වභාවයෙන් කාම භවයෙහි සිටියහුගේම කැමති වේ. එහෙයින් සබ්බත්ථ නය විචාරණ ලද්දේ ප්රතික්ෂේප කරයි. නැවත දැඩිකොට විචාරණ ලද්දේ කාමභවය සඳහා පිළිගනී. සියළු තන්හි වනාහි කාමභවයෙහි. පරිහානිකර කාම ගුණ ඇත. එහෙයින් එහි පිරිහේ යයි
ඔහුගේ ලබ්ධිය තුන්වන විචාරයෙන් පරිහානි යයි පරිහානිකර ධර්ම විචාරයි. එහි පරිහානි නම් කම්ම රාමතාදි ධර්මය. විශේෂයෙන් කාමරාග ව්යාපාදම වේ. ඒවා රූපාරූප භවවල නැත. එහෙයින් නහෙවං යයි ප්රතික්ෂේපය පරවාදියාගේය.
සබ්බදා යයි කාලය විචාරීම. එහි පළමුවන ප්රශ්නයෙහි නුවණින් සිහිකරන කාලයෙහි නොපිරිහෙන බැවින් ප්රතික්ෂේප කරයි. දෙවන ප්රශ්නයෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් රාත්රියෙහි හෝ දිවා කාලයෙහි හෝ හැම කාලයේම පිරිහෙන බැවින් පිළිගනී. තෙවැන්නෙහි පරිහානිකර ධර්ම සමග යෙදීමෙහි මොහොතම පරිහානි නම් වේ. එයින් පෙර අපරිහීන වූ පසුව පිරිහුනහුගේ පිරිහීමක් නැතැයි ප්රතික්ෂේප කරයි.
සබ්බෙ අරහන්තො ප්රශ්නවල පළමුවැන්නෙහි තීක්ෂණ ඉන්ද්රිය ඇත්තවුන් සඳහා ප්රතික්ෂේප කරයි. දෙවැන්නෙහි මෘදු ඉන්ද්රියයන් සඳහා පිළිගනී. තෙවැන්නෙහි ද තීක්ෂණ ඉන්ද්රියාම අදහස් කරයි. ඔවුන්ගේ වනාහි සියළු දෙනාගේම පිරිහීම නොවේ යයි ඔහුගේ විශ්වාසයයි.
සෙට්ඨි උදාහරණයෙහි පළමු විචාරීම පරවාදියාටය. දෙවැන්න සකවාදියාටය. එහි අදහස මෙසේය. ඔබලා මගෙන් යමක් විචාරව්ද? අරහා අරහන්තො පරිහායන්තො චතූහි එලෙහි පරිහායති? එහි තොප විචාරමි. චතුහි සත සහස්සෙහි සෙට්ඨි සෙට්ඨිත්තං කරොන්තො සත සහස්සෙහි පරිහීනො, සිටුවරයා සෙට්ඨිත්තා පරිහීනො හොති? එයින් සකවාදියා සක් ලෙසකින් පරිහානිය සඳහා ආමන්තා යයි කී කල්හි සබ්බ සාපතෙය්යො පරිහීනො හොති? විචාරයි. එසේ නොපිරිහෙන බැවින් සකවාදියා නහෙවං යයි කියා ඉක්බිති එසේ රහතන් වහන්සේ ද පිරිහෙත් ද? නොවේ. සතර පලයෙන් උපන් ලබ්ධිය දෙවන සියළු ප්රශ්න විචාරයි. පරවාදියා සිටුවරයාගේ අභව්යතාව නියම වශයෙන් නොදක්නේ පිළිගෙන රහත්හුගේ සතර ඵලයෙන් පරිහානි භව්යතා විචාරණ ලද්දේ ‘නියතො සම්බොධි පරායනො’ යන වචනයේ අර්ථය නුනුවණින් ගෙන ලබ්ධියෙහි සිටියේ සෝවාන් ඵලයෙන් පිරිහීම අභව්ය නිසා ප්රතික්ෂේප කරයි. එය වනාහි ලබ්ධි මාත්රයකි. මෙපමණකින් වාද යුක්තිය නම් නිම වේ.
අරියපුග්ගලසංසන්දනපරිහානිවණ්ණනා
දැන් ආර්ය පුද්ගල සංසන්දනය අරඹන ලදී. එහි ඇතමෙක් රහතන් වහන්ගේ පරිහානිය දකිති. ඇතමෙක් අනාගාමියාගේ ද ඇතමෙක් සකදාගාමියාගේ ද දකිති. සෝවාන් වූවහුගේ පරිහානිය සියල්ලෝම නොදකිති. යම් රහත් කෙනෙක් පිරිහී අනාගාමි සකදාගාමි භවයෙහි සිටියේ, ඔවුන්ගේ පිරිහීම දකිති. අනිත් අනාගාමි සකදාගාමීන්ගේ නොවේ. ඔව්හු සෝවාන් වූවහුගේ පිරිහීම සියළු කාලයෙහිම කැමති නොවෙති. එහෙයින් සංක්ෂේපයෙන් විචාරණ කථා. එහි ඔවුන්ගේ ලබ්ධි වශයෙන් පිළිගැනීම ද ප්රතික්ෂේපය ද දතයුතුය. පරිහායති අනාගාමි අනාගාමි ඵලා යන ප්රශ්නයෙහි යමෙක් අනාගාමියාගේ පිරිහීම කැමති නොවෙති. ඔවුන්ගේ වශයෙන් ප්රතික්ෂේපය වේ. ඇතමෙක් ප්රකෘති අනාගාමි හෝ රහත්හු පිරිහී සිටි අනාගාමි හෝ පිරිහීම දකිති. ඔවුන්ගේ වශයෙන් පිළිගැනීම වේ යනු මෙය මෙහි නය මුඛයයි. ඒ අනුසාරයෙන් සියළු සංක්ෂේප අර්ථයෙන් දතයුතුය.