ඔපම්මසංසන්දනවණ්ණනා
දැන් රූපාදියම සමග උපමා වශයෙන් සච්චිකට්ඨ සංසන්දනය වේ. එහි රූප වේදනාවල ලැබූ සමාන බවෙන් වෙනස් බව විචාරීම ද පුද්ගල රූපවල ලැබූ සමාන විචාරීමදැයි විචාරීම් දෙකම සකවාදියාගේය. ප්‍රතිඥා දෙකම පරවාදියාගේය. පරවාදියා විසින් අනුදත් හෙයින් ලැබූ සමානබවෙන් රූප වේදනාවල මෙන් රූප පුද්ගලයන්ගේ වෙනස්වන බව අනුයෝගය සකවාදියාගේය. ප්‍රතික්‍ෂේප අනිකාය. මෙහි සෙස්ස ද අරුත් විසින් ප්‍රකටය. ධර්ම වශයෙන් වනාහි රූප මූලකාදියේ චක්කවල ද වශයෙන් සකවාදි පක්‍ෂයේ නට නිග්‍රහ පන්සිය විස්සක් දක්වන ලදී. කෙසේද? ස්කන්‍ධයන්හි රූප මූලක චක්කයෙහි සතරය, එසේ වේදනාදී මූලකවල විස්සකි. ආයතනවල චක්‍ඛායතන මූලක චක්කයෙහි එකොළොසකි. එසේ සෙස්සෙහි එකසිය තිස්දෙකකි. ධාතුවල චක්‍ඛුධාතු මූලක චක්කයෙහි දාහතකි. එසේ සෙස්සෙහි තුන්සිය හයකි. ඉන්‍ද්‍රියවල චක්‍ඛු ඉන්‍ද්‍රිය මූලක චක්කයෙහි විසිඑකකි. එසේ සෙස්සෙහි හාරසිය හැටදෙකකි. මෙසේ නවග්‍රහ සියල්ල පන්සිය විස්සක් වේ.
පරවාදී පක්‍ෂයෙහි ද රූපං උපලබ්භති යන අනුලෝම වශයෙන්ම රූප වේදනාවල වෙනස්වන බව පිළිණ කරවා නැවත අත්‍ථි පුග්ගලො යන සූත්‍රය නිසා ඡල වසයෙන් (සය ආකාර) පුද්ගලයාගේ රූපාදියෙන් ලැබූ සමානබව ආරෝපනය කොට වෙනස් වේ යන අනුයෝගය කරන ලදී. මෙහි සෙස්සේ අර්ථ පැහැදිලිය. ධර්ම වශයෙන් සකවාදි පක්‍ෂයෙහි කියන ලද නයින් නව ප්‍රතිකර්ම පන්සිය විස්සක් දක්වන ලදී.
චතුක්ක නය සංසන්දන වර්ණනාව
දැන් යමක් සත්‍යාර්ථ පරමාර්ථයෙන් ලැබේ. එයින් රූපාදියෙහි පනස් හතක් වූ සත්‍යාර්ථ පරමාර්ථවලින් එක්තරා එකකින් විය යුතුය. රූපාදිය නිශ්‍රිතව හෝ රූපාදියෙන් වෙන්ව, රූපාදීන්ගේ නිශ්‍රයෙන්, එනිසා මේ චතුක්කයෙන් සත්‍යාර්ථ සංසන්දනය ආරම්භ විය. එහි රූපං පුග්ගලො යන අනුයෝගය සකවාදියාය. උච්ඡෙද දෘෂ්ටි බියෙන් නහෙවං යන ප්‍රතික්‍ෂේපය පරවාදියාගේය. නිග්‍රහ ආරෝපනය සකවාදියාගේය. කිම මේ රූපය යුතු නොවේද? වේදනාව යයි කියන ලද ප්‍රතික්‍ෂේප කළයුතුම වේද? එය ප්‍රතික්‍ෂේප කළයුතුය. එය වනාහි රූපයෙන් වේදනාවේ අන්‍ය ස්වභාව ස්වභාව හෙයින් අන්‍ය තත්ත්ව අභාවයක් නොවේ. මෙයද රූපාදියෙහි එක් ස්වභාවයකින් පුද්ගලයාගේ අන්‍ය තත්ත්වයක් නොකැමති වේ. එනිසා මෙයද අනුයෝගයයි. රූපං පුග්ගලො.....අඤ්ඤාතාවින්‍ද්‍රියං පුග්ගලො යයි සියළු පරමාර්ථ සත්‍ය සඳහා අරඹන ලදී. සකලං වනාහි වෙන් වූ ලක්‍ෂණ වශයෙන් එකකින් කියන්නට නොහැකි යයි පෙළ වශයෙන් අනුයෝග ලක්‍ෂණ පමණක් තබන ලදී. පඬිවරු එයින් අර්ථය විස්තර කරති. වාද කැමැත්තෙන් මේ ලක්‍ෂණ ගෙන පරවාදියාට ඉඩ නොලැබෙන සේ කිවයුතුය. මෙසේ පාළි වශයෙන් අනුයෝග ලක්‍ෂණයේ තබන ලද්ද ද යුතුමය. මෙම නයින් සියළු අනුයෝගවල අර්ථය දතයුතුය.
මෙය වනාහි විශේෂයකි. රූපස්මිං පුග්ගලො යනාදියෙහි එක් මහභූත තත්ත්වයක් නිසා මහභූත තුන වස්තු රූපය නිසා විඤ්ඤාණය රූපයෙහි යයි කීමට වටී. මෙසේ රූපයෙහි ඔබගේ පුද්ගලයා කිම? යම්සේ සභාග වෙන්වීමෙන් වේදනාදි සියළු ධර්ම අරූප හෝ ස්කන්‍ධ සතර නිවනම හෝ රූපයෙන් අන්තැනක යයි කීමට වටී. මෙසේ ඔබගේ පුද්ගලයා කිම? සියළු අනුයෝගවල වනාහි උච්ඡේද දෘෂ්ටි බියෙන් ද ආගම විරෝධයෙන් ද ප්‍රතික්‍ෂේපය පරවාදියාගේය. මෙහි සෙස්සෙහි අර්ථය ප්‍රකටය. මෙහි ධර්ම වශයෙන් වනාහි සත්පනස් සත්‍යාර්ථවල එක එකේ හතර හතර කොට නිග්‍රහ වශයෙන් එක්දහස් විසි අටක් දක්වන ලදී. ප්‍රතිකර්ම වශයෙන් එපමණක්ම වේ. මෙහි අත්‍ථි පුග්ගලො යයි කීකල්හි සකවාදියාට ප්‍රතිඥාව වේ. එය සම්මුති වශයෙන් සූත්‍රයෙහි ආවේය. යමෙක් රූපං පුග්ගලො යනාදියෙහි ප්‍රතික්‍ෂේපය. හේ සක්කාය දෘෂ්ටි ප්‍රශ්නයේ තබන ලද බැවිනි. ප්‍රතිකර්මය පරවාදියාට ඡල වශයෙන් හෝ වේ.