චතුක්ක නය සංසන්දන වර්ණනාව
දැන් යමක් සත්‍යාර්ථ පරමාර්ථයෙන් ලැබේ. එයින් රූපාදියෙහි පනස් හතක් වූ සත්‍යාර්ථ පරමාර්ථවලින් එක්තරා එකකින් විය යුතුය. රූපාදිය නිශ්‍රිතව හෝ රූපාදියෙන් වෙන්ව, රූපාදීන්ගේ නිශ්‍රයෙන්, එනිසා මේ චතුක්කයෙන් සත්‍යාර්ථ සංසන්දනය ආරම්භ විය. එහි රූපං පුග්ගලො යන අනුයෝගය සකවාදියාය. උච්ඡෙද දෘෂ්ටි බියෙන් නහෙවං යන ප්‍රතික්‍ෂේපය පරවාදියාගේය. නිග්‍රහ ආරෝපනය සකවාදියාගේය. කිම මේ රූපය යුතු නොවේද? වේදනාව යයි කියන ලද ප්‍රතික්‍ෂේප කළයුතුම වේද? එය ප්‍රතික්‍ෂේප කළයුතුය. එය වනාහි රූපයෙන් වේදනාවේ අන්‍ය ස්වභාව ස්වභාව හෙයින් අන්‍ය තත්ත්ව අභාවයක් නොවේ. මෙයද රූපාදියෙහි එක් ස්වභාවයකින් පුද්ගලයාගේ අන්‍ය තත්ත්වයක් නොකැමති වේ. එනිසා මෙයද අනුයෝගයයි. රූපං පුග්ගලො.....අඤ්ඤාතාවින්‍ද්‍රියං පුග්ගලො යයි සියළු පරමාර්ථ සත්‍ය සඳහා අරඹන ලදී. සකලං වනාහි වෙන් වූ ලක්‍ෂණ වශයෙන් එකකින් කියන්නට නොහැකි යයි පෙළ වශයෙන් අනුයෝග ලක්‍ෂණ පමණක් තබන ලදී. පඬිවරු එයින් අර්ථය විස්තර කරති. වාද කැමැත්තෙන් මේ ලක්‍ෂණ ගෙන පරවාදියාට ඉඩ නොලැබෙන සේ කිවයුතුය. මෙසේ පාළි වශයෙන් අනුයෝග ලක්‍ෂණයේ තබන ලද්ද ද යුතුමය. මෙම නයින් සියළු අනුයෝගවල අර්ථය දතයුතුය.
මෙය වනාහි විශේෂයකි. රූපස්මිං පුග්ගලො යනාදියෙහි එක් මහභූත තත්ත්වයක් නිසා මහභූත තුන වස්තු රූපය නිසා විඤ්ඤාණය රූපයෙහි යයි කීමට වටී. මෙසේ රූපයෙහි ඔබගේ පුද්ගලයා කිම? යම්සේ සභාග වෙන්වීමෙන් වේදනාදි සියළු ධර්ම අරූප හෝ ස්කන්‍ධ සතර නිවනම හෝ රූපයෙන් අන්තැනක යයි කීමට වටී. මෙසේ ඔබගේ පුද්ගලයා කිම? සියළු අනුයෝගවල වනාහි උච්ඡේද දෘෂ්ටි බියෙන් ද ආගම විරෝධයෙන් ද ප්‍රතික්‍ෂේපය පරවාදියාගේය. මෙහි සෙස්සෙහි අර්ථය ප්‍රකටය. මෙහි ධර්ම වශයෙන් වනාහි සත්පනස් සත්‍යාර්ථවල එක එකේ හතර හතර කොට නිග්‍රහ වශයෙන් එක්දහස් විසි අටක් දක්වන ලදී. ප්‍රතිකර්ම වශයෙන් එපමණක්ම වේ. මෙහි අත්‍ථි පුග්ගලො යයි කීකල්හි සකවාදියාට ප්‍රතිඥාව වේ. එය සම්මුති වශයෙන් සූත්‍රයෙහි ආවේය. යමෙක් රූපං පුග්ගලො යනාදියෙහි ප්‍රතික්‍ෂේපය. හේ සක්කාය දෘෂ්ටි ප්‍රශ්නයේ තබන ලද බැවිනි. ප්‍රතිකර්මය පරවාදියාට ඡල වශයෙන් හෝ වේ.
චතුක්ක නය සංසන්දන යයි.
සංසන්‍දන කථා නිමි.
ලක්‍ඛණ යුක්ති වර්ණනාව
දැන් ලක්‍ෂණ යුක්ත නම් වේ. එහි නිවන හැර සෙස්ස සත්‍යාර්ථ පරමාර්ථය ප්‍රත්‍යය ප්‍රතිබද්ධ බැවින් ප්‍රත්‍ය සහිත වේ. ප්‍රත්‍යවලින් කළ බැවින් සංඛත වේ. ඉපදී නිරුද්ධ වන හෙයින් සදා අභාවයෙන් අශාස්වතය. උත්පත්ති කාරණ සංඛ්‍යාත නිමිත්ත ඇති බැවින් නිමිති සහිත වේ. නිවන කියන ලද ආකාර අභාව හෙයින් අප්‍රත්‍ය වේ. අසංඛත වේ. ශාස්වතය, අනිමිත්ත යන මෙය සච්චිකට්ඨයේ ලක්‍ෂණය. එනිසා පුද්ගලයාද සච්චකට්ඨපරමත්‍ථ වේ. ඔහුගේ ද මේ ලක්‍ෂණ විය යුතු යයි සඳහා පුග්ගලො සප්පච්චයො යනාදි අනුයෝග අට ද සකවාදියාගේය. ප්‍රතික්‍ෂේපය පරවාදියාගේය. ආජානාහි නිග්ගහං යනාදිය වනාහි මෙහි සංක්‍ෂේප කරන ලදී. මෙසේ සකවාදී පක්‍ෂයෙහි අනුලෝම ප්‍රත්‍යනීකයෙහි අනුලෝමමාත්‍ර වශයෙන් මේ පංචක අට දතයුතුය.
පරවාදී පක්‍ෂයෙහි ද ප්‍රත්‍යනීක අනුලෝමයෙහි ප්‍රත්‍යනීක මාත්‍ර වශයෙන් අටමය. එහි පරවාදියා විසින් සූත්‍ර වශයෙන් සම්මුති සත්‍ය සාධන ලදී. සම්මුතියෙහි ද ප්‍රත්‍ය සහිත බවක් නැත. එහෙයින් යථාර්ථ වශයෙන් ප්‍රතික්‍ෂේපය සකවාදියාටය. ඡල වශයෙන් කිවයුතු ආජානාහි පටිකම්ම ආදි සියල්ල මෙහිද සංක්‍ෂේපමය.
ලක්‍ඛණ යුක්ති කථා නිමි.
වචන සොධන වර්ණනාව
දැන් වචන ශෝධනය වේ. එහි මෙය පුග්ගලො උපලබ්භති යන වචනය ශෝධනයට පුග්ගලො උපලබ්භති උපලබ්භති පුග්ගලො යනු විචාරීම සකවාදියාටය. එහි අර්ථය මේ ‘පුග්ගලො’ ‘උපලබ්භති’ යන පද දෙක ඒකාර්ථ වන්නේ ද? නානාර්ථ වන්නේද? ඉදින් නානාර්ථය රූපය අනිකක්, වේදනාව අනිකක් සේ මෙසේ පුද්ගලයා අනිකෙක් ලැබෙයි. අනිකක් බවට පැමිණේ. ඒකාර්ථ නම් යම්සේ සිත යමක් ද එය මනසයි. මෙසේ පුද්ගලයා ඔහුමය. හේ ලැබේ යයි පැමිණේ. එහෙයින් එය කියමි. ඉදින් ඔබගේ යම් පුද්ගලයෙක් හෝ ලැබෙයි. මෙසේ ඇති කල්හි යමෙක් යමක්හු ලබයි. ඒ හේ පුද්ගලයයි පැමිණේ. මෙය පිළිගන්නෙහි ද? එයින් පුද්ගලවාදියා යම්හෙයකින් පුද්ගලයාගේ ලැබීම කැමති වෙයි. රූපාදියේ පුද්ගලභාවය නොලබන්නේද, එහෙයින් පුග්ගලො උපලබ්භති උපලබ්භති කෙහිචි පුග්ගලො කෙහිචි න පුග්ගලො යනාදිය කීය. එහි අර්ථය මගේ පුද්ගලයා ඇත. ශාස්තෲ වචනයෙන් ලැබේ. යමෙක් ලැබේද, ඒ සියල්ල පුද්ගලයා නොවේ. කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ. ‘කෙහි චි’ යන්නේ, ‘කො’ කර අර්ථයෙහි ‘කෙ’ කාරය විය. ‘හි’ කාරය නිපාත මාත්‍රයකි. කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ යන මෙය මෙහි අර්ථය වේ. මෙය කියන ලදී. පුද්ගල යයි රූපාදියෙහි ද යම්කිසි ධර්මයක් ලැබේමය. එහි පුද්ගලයාම පුද්ගල වේ. රූපාදියෙහි වනාහි කිසිවකුදු පුද්ගල නොවේ. ඉන්පසු සකවාදියා කීය. පුග්ගලො කෙහිචි උපලබ්භති කෙහිචි න උපලබ්භති එහි අර්ථය ‘පුග්ගලො’ ‘උපලබ්භති’ යන පද දෙකේ අර්ථයෙන් ඉදින් එකක් බව ලැබේ යයි පිළිගත් ධර්මය පුද්ගලයාගේ අනිකක් නොවූ ද කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ. කිසි පුද්ගලයෙක් ලැබේ. කිසි පුද්ගලයෙක් නොලැබේ යයි පැමිණේ. මෙය පිළිගන්නෙහිද? ඒ පුද්ගලයාගේ නොලැබීම අකමැති වන්නේ නහෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි. මෙයින් පසු ආජානාහි නිග්ගහං යනාදි සියල්ල සංක්‍ෂේප කරන ලදී. විස්තර වශයෙන් දතයුතුය. පුග්ගලො සච්චිකට්ඨො යනාදියෙහි ද මෙම නයම වේ. මේ සියල්ල ‘ලැබේ’ සමාන වචනම වේ. තවද පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්‍ථෙන යන්න පුද්ගල වාදීන්ගේ පිළිගැනීමය. එහෙයින් යථාර්ථ වශයෙන් පුද්ගලයා ලැබේ යන ලබ්ධියයි. මෙසේ පුද්ගලයා සත්‍යාර්ථ වශයෙන් ද පැමිණේ. පුද්ගලයා ඇත යන යම් විශ්වාසයක් වේද එය විද්‍යමාන වේ. සමාන වචන වේ. එනිසා මේ සියළු වචන සංශෝධිතය.