පුරිසකාරානුයොගවණ්ණනා
දැන් පුරිසකාර අනුයෝගය වේ. ක්‍රියාව ඇති කල්හි එහි කාරකයාද විය යුතුයයි යන ලබ්ධියෙන් විචාරීම පරවාදියාටය. එබඳු ක්‍රියා ඇති බැවින් ප්‍රතිඥාව සකවාදියාටය. නැවත කත්තා කාරෙතා යයි විචාරීම පරවාදියාටය. එහි කත්තා යනු ඒ කර්මවල කරන්නාය. කාරෙතා යනු ආණත්ති දේශනා ආදි උපායෙන් කරවන්නාය. දැන් පරවාදියා පුද්ගලයා සඳහා කරන්නා යයි කත්තා විචාරයි. කිරීම් මාත්‍රය නොවේ. එනිසා ප්‍රතික්‍ෂේපය සකවාදියාටය.
තස්ස කත්තා කාරෙතා යයි මෙහි ඉදින් යමක් ලබයි. එහි කරන්නා-පුද්ගලයා ඔහු ලබයි. කිම ඒ කරන්නා ද කරවන්නා ද අන්‍ය වූ පුද්ගලයා ලබයි යන අර්ථය වේ. පරවාදියා එසේ අකැමැත්තේ ඊශ්වර නිර්මාණවාද බියෙන් ප්‍රතික්‍ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ, මව්පියෝ පුද්ගලයා බිහිකරති. නමක් තබති. කළණමිත් ආචාර්යවරයා හෝ ඒ ඒ විද්‍යාස්ථාන ශිල්පායතන ශික්‍ෂා කරවයි. ඒ කරවන්නෝ නමැයි මේ අර්ථය සඳහා දැනගන්න. පෙර ක්‍රියාව මෙන්ම එහි කරන්නා ද කරවන්නා ද අදහස් වේ.
තස්ස තස්සෙවා යන මෙයින් මෙය විචාරයි. ඉදින් කර්මඵල කරන්නා කර්තෘ වේ. ඔහුගේ ද කර්තෘ, ඔහුගේ ද කර්තෘ ඇත්තේමය. මෙසේ ඇතිකල්හි මුලින් මුලින් දේ පසු පසුව පුද්ගලයා කළයුතු වේ. මෙයින් ද ඒ කර්මපල කරන පුද්ගලයා විසින් ඉදිරියේදී වෙනත් පුද්ගලයෙක් කළයුතු වේ. එයින් ද අනිකෙක් දුක් කෙළවර කිරීමට නැත. සසර බිඳීමට නැත. අප්‍රත්‍ය පරිනිර්වාණයට නැත. ප්‍රත්‍යය අභාවයෙන් ප්‍රත්‍යය ප්‍රතිබද්ධ වූ දුකෙහි අභාවයෙන් යම් නිවනක් කියන ලදී. තස්ස තස්සෙව ඉදින් ක්‍රියාව ක්‍රියාමාත්‍රයක් නොවේ. එහි කරන පුද්ගලයෙක්, ඔහු ද කරන්නෙක් යයි මෙසේ පුද්ගල පරම්පරාවක් ඇත. මෙසේ ඇති කල්හි යම් ඒ මේ කර්ම වෘත්තයට නොපවතින කරණයෙන් දුකෙහි කෙළවර කිරීම කියන ලද්දී ද එය නැතැයි යන අර්ථය වේ. පරවාදියා එය නොකැමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි. මෙයින් පසුවද කාරක ප්‍රශ්නවල සමානව ලැබෙන පුද්ගලයාම සඳහා කරන්නා කරවන්නා යයි කියන ලදී. ප්‍රත්‍ය නැත. මහපොළොව ආදියේ ප්‍රත්‍ය නැත.
අඤ්ඤො කල්‍යාණ පාපකානං කම්මානං කත්තා යන ප්‍රශ්නය සංස්කාරයයි හෝ ආත්මයයි හෝ ආදී දෘෂ්ටි බියෙන් ප්‍රතික්‍ෂේප කරන ලදී.
විපාකො උපලබ්භති යනාදි විපාක පටිසංවේදී වශයෙන් පුද්ගලයා දක්වන්නාට ලබ්ධිය බිඳීම සඳහා කියන ලදී. එහි විපාක පටිසංවේදී යයි අනුයෝගය පරවාදියාටය. විපාක පැවැත්මෙන් අන්‍ය වූ විඳින්නෙකු හෝ අභාවයෙන් ප්‍රතික්‍ෂේපය සකවාදියාටය. නැවත විචාරය සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය.
තස්ස විපාක පටිසංවෙදී යයි ඒ විපාක විඳින්නාගේ විඳීම. යම් විපාකයක් විඳිය යුතු නම් පුද්ගලයෙක් නැත. එනිසා විපාකය ප්‍රතික්‍ෂේප කිරීම පරවාදියාගේය. නැවත විචාරණ ලද්දේ යම්සේ පින් විපාකයෙහි සිව් තැනැත්තා විපාකය විඳී. පුත්‍රයා හෝ ස්වාමියා හෝ මව හෝ බිරිඳ හෝ සිඹියි. අලංකාර කරයි. එහෙයින් එබඳු වූ විඳීම සඳහා පිළිගැනීම පරවාදියාගේය.
තස්ස තස්සෙව යනාදි විපාකය විපාක මාත්‍රයක් නොවේ. එහි විඳින පුද්ගලයා එහි විඳින එහි විඳින යයි මෙසේ පුද්ගල පරම්පරාව ඇත. මෙසේ ඇති කල්හි ඒ විපාක වතත්තයාගේ (පැවැත්වේ) නොපැවැත්ම කරණයෙන් දුකෙහි කෙළවර කිරීම කියන ලදී. එය නැතැයි යන අර්ථය වේ.
අඤ්ඤො කල්‍යාණ පාපකානං කම්මානං විපාක පටිසංවෙදි යන ප්‍රශ්නය වෙදනාවන්ත යයි හෝ ආත්මයයි හෝ ආදි දෘෂ්ටි බියෙන් ප්‍රතික්‍ෂේප කරන ලදී.
දිබ්බං සුඛං යනාදි කල්‍යාණයට පමුණුවන කර්මඵල විපාක බෙදා දැක්වීම් වශයෙන් අරඹන ලදී. ඒ සියල්ල යට කියන ලද නයින් දතයුතුය. මෙහි සකවාදීහු ද පුද්ගල වශයෙන්ම විඳීම ප්‍රතික්‍ෂේප කළහයි දතයුතුය. වේදයිත වශයෙන් නොවේ.
මහපොළොව ආදිය අරමුණු කොට වේදයිතයේ පහළවීම නොසිදුවේ.
කත්තා කාරෙතා විපාක පටිසංවෙදි යනාදිය මිශ්‍ර නය වශයෙන් අරඹන ලදී. එහි සො කරොති යන යමක් ඔබ කර්තෘ ද විඳින්නා ද යයි කියයි. කිම හේම කරයිද හේම විඳියිද යන අනුයෝගය සකවාදියාගේය. සූත්‍ර විරෝධි භයෙන් ප්‍රතික්‍ෂේපය පරවාදියාගේය.
නැවත විචාරණ ලද්දේ, ‘ඉධ නන්‍දති පෙච්ච නන්‍දති’ සූත්‍ර වශයෙන් ප්‍රතිඥාව ඔහුගේමය. ඉක්බිති ඔහුගේ වචනයට ඉඩ වලක්වන්නේ සකවාදියා සයං කතං සුඛං දුක්‍ඛං යයි කීය.
එහි අඤ්ඤො කරොති යන කරන විඳින අයගේ අන්‍ය වූ යයි විචාරීම් වශයෙන් කියන ලදී. එයින් පරවාදියා සූත්‍ර විරෝධ භයෙන් ප්‍රතික්‍ෂේප කොට නැවත විචාරණ ලද්දේ මිනිසෙක් කොට දෙවියෙක් විඳී යයි සිතන්නේ දැනගනී. මෙබඳු වාදීහු වනාහි අනුන් කළ සැපදුක් පැමිණේ යයි යන ආකාරයෙන් විවාරණ ලද්දේ නැවත ප්‍රතික්‍ෂේප කරයි.