අභිඤ්ඤානුයොගවණ්ණනා
මෙයින් පසු අභිඥා යෝගාදි වශයෙන් අරහත් සාධනය වේ. එහි ආමන්තා යයි සකවාදියා විසින් ප්‍රතිඥා දුන් කල්හි පරවාදියා බාහිර අතින්‍ද්‍රිය බද්ධ රූපයෙහි ඉද්ධිවිධාදි විශේෂ අධිගම නැත. අධ්‍යාත්මය ඇත. එහෙයින් ඉද්ධි ආදිය නිපදවූ පුද්ගලයා විසින් විය යුතු යයි සිතන්නේ නනු කොචි ඉද්ධි විකුබ්බති යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේය.
අහිඥානුයෝගය නිමි.
ඤාතකානුයොගාදිවණ්ණනා
දැන් මාතා යනාදි ඤාති අනුයෝගයයි. ඛත්තියො යනාදිය ජාති අනුයෝගය වේ. ගහට්ඨො පබ්බජිතො යනු ප්‍රතිපත්ති අනුයෝග වේ. දෙවො මනුස්සො යනු උත්පත්ති අනුයෝග වේ. සොතාපන්නො යනාදිය ප්‍රතිවේද අනුයෝග වේ. අරිය අනුයෝග යයි ද කියනු ලැබේ. ඒ සියල්ලම නොගැඹුරු අරුත් වේ. අරහා හුත්‍වා න අරහා මෙහි මෝඩ ප්‍රශ්නය නිසා නොකියන ලදී.
චත්තාරො පුරිස යුගානි යනාදිය සංඝානුයෝග වේ. එයද නොගැඹුරු අරුත් වේ.
සංඛතො යනාදිය සත්‍යාර්ථ ස්වභාවානුයෝග වේ. එහි තතියා කොටි විචාරීම සකවාදියාගේය. එබඳු සත්‍යාර්ථයේ අභාවයෙන් ප්‍රතික්‍ෂේපය පරවාදියාගේය. නැවත විචාරණ ලද්දේ පුද්ගලයා සඳහා ප්‍රතිඥාව ඔහුගේමය.
අඤ්ඤො පුග්ගලො යන ප්‍රශ්නයෙහි ද සංඛත වූ ස්කන්‍ධයන්ගේ අන්‍ය තත්ත්වයක් අකැමැත්තේ ප්‍රතික්‍ෂේපය ඔහුගේය.
ඛන්‍ධා සංඛතා යනාදි සංඛත අසංඛත ස්වරූපයෙන් දක්වා අන්‍ය වූ විචාරණ බවක් කියන ලදී.
රූපං සංඛතං යනාදි ස්කන්‍ධ විභාගයෙන් දක්වා අන්‍ය වූ විචාරණ ලද බවක් කියන ලදී.
පුග්ගලස්ස උප්පාළො යන විචාරීම සකවාදියාගේය. ‘ජාති ධම්මා ජරා ධම්මා අථො මරණ ධම්මිනො’ යනාදි සූත්‍ර වශයෙන් ප්‍රතිඥාව පරවාදියාගේය. සංඛතභාවය වනාහි හේ නොකැමති වේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි.
නැවත ‘න උප්පාදො පඤ්ඤායති’ ආදි නයින් විචාරණ ලද්දේ ‘දුක්‍ඛමෙවහි සම්භොති දුක්‍ඛං තිට්ඨති වෙති වා’ යනාදි වචනයෙන් පුද්ගලයාගේ උත්පාද ආදිය නම් අයුතු වේයයි පිළිගනී.
අත්‍ථත්‍ථම්භී අත්‍ථ යනු නිවනයි. එහි ඇතැයි විචාරයයි. එය ඇති බව ශාස්වතයි. නැති බවින් උච්ඡේදයට පැමිණේ. ඒ දෙකම නොකැමැත්තේ පසුව ප්‍රතික්‍ෂේප කරයි.
ඤාතකානුයෝගය නිමි.
පටිවෙධානුයොගාදිවණ්ණනා
භවය නිසා ප්‍රශ්නයෙහි භවං යනු උත්පත්ති භවයයි.
වේදනාව විඳිමින් යන ප්‍රශ්නයෙහි වේදනාව විඳින්නේ වේදනාව විමසන යෝගාවචරයාම දැනගනී. බාල පෘථග්ජනයා නො දනී.
කායානුපස්සනා ප්‍රශ්න පැහැදිලිය.
පාරායන ගාථාවෙහි සුඤ්ඤතො ලොකං අවෙක්‍ඛස්සු යන සත්ත්ව ශුන්‍යතා වශයෙන් ස්කන්‍ධ ලෝකය බලන්න යන අර්ථය වේ.
පුග්ගලො අවෙක්‍ඛති යනු සකවාදී ප්‍රශ්න වේ. පරවාදියා හට වනාහි සුඤ්ඤතො ලොකං අවෙක්‍ඛස්සු යන ගාථාවෙහි යමෙක් බලා ද හේ පුද්ගලයාය යන ලබ්ධිය වේ. එහෙයින් ඔහුගෙන් මෙසේ විචාරයි. සහ රූපෙන රූපකාය සමග එයින් ඉවත් නොකළ යන අර්ථය වේ. මෙය පංච ස්කන්‍ධ වශයෙන් අනුදැන නැවත තං ජීවං යයි විචාරණ ලද්දේ සූත්‍ර විරෝධ බියෙන් ප්‍රතික්‍ෂේප කරයි. විනාරූපෙන යන මෙය සතර ස්කන්ධ වශයෙන් අනුදැන නැවත අඤ්ඤං ජීවං යයි විචාරණ ලද්දේ සූත්‍ර විරෝධ බියෙන් ප්‍රතික්‍ෂේප කරයි. අබ්භන්තර ගතොති ච බහිද්ධා නික්‍ඛමිත්‍වාතිච මෙය සහ රූපෙන විනාරූපෙන යයි යට කියන ලද්දේ වචන ලක්‍ෂණ වේ. එහි අබ්භන්තර ගතො යනු රූපයේ ඇතුළට ගිය. මෙයින් හෝ එයින් නො නික්මී රූප වෙන් කිරීම් වශයෙන් සිටියේ යන අර්ථය වේ. නික්‍ඛමිත්‍වා යනු රූප වෙන්කිරීම ඉක්මවා රූපය අනිශ්‍රිතව යන අර්ථයයි.