උපාදාපඤ්ඤත්තානුයොගවණ්ණනා
දැන් උපාදා පඤ්ඤත්තානුයෝගය වේ. එහි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥා ප්‍රතික්‍ෂේපය පරවාදියාටය. එය වනාහි ගස් අල්වාගෙන ඡායාව මෙන් ඉන්ධන අල්වාගෙන ගින්න මෙන් රූපාදිය අල්වාගෙන පුද්ගලයාගේ පැණවීම, පැණවීම අවබෝධය කැමති වේ. එහෙයින් රූපය අල්වාගෙන යයි විචාරන ලද්දේ පිළිගනී. නැවත යම්සේ ගස් අල්ලාගෙන ඡායාව ගස මෙන් ඉන්ධන අල්වාගෙන ගින්න ඉන්ධන මෙන් වෙනස්වන ධර්මය. මෙසේ ඔබගේ රූපය අල්වාගත් පුද්ගලයා රූපාදිය මෙන් වෙනස් වේ යයි මේ අර්ථය විචාරණ ලද්දේ තමාගේ ලබ්ධියෙහි සිට ප්‍රතික්‍ෂේප කරයි.
නීලං රූපං උපාදාය නීලො යනාදියෙහි නීලරූපය සමග පුද්ගලයාගේ එකම ශරීරයෙහි නීලාදියේ බහුල වශයෙන් බහුභාවයද අකමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි.
කුසලං වෙදනං යන මෙහිද වේදනාව සමග එකට එකම සන්තානයෙහි බොහෝ කුසල වේදනා වශයෙන් බොහෝ බව අකැමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි. දෙවන නයෙහි ‘මාර්ග කුසල’ යයි ආදි වචන ස්වභාවයෙන් ඡේක අර්ථය සඳහා පිළිගනී. සඵලො යනාදිය විචාරණ ලද්දේ එබඳු ව්‍යවහාරයක අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.
අකුසල පක්‍ෂයෙහි ඡේකාර්ථ නොවීම සඳහා පිළිගනී.
අව්‍යකෘත පක්‍ෂයෙහි ශාස්වතාදි වශයෙන් අව්‍යාකෘතභාවය සඳහා පිළිගනී. මෙහි සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
චක්‍ඛුං උපාදාය යනාදියෙහි ‘නුවණැත්තා’ විසම වූ පව දුරුකරන්නේය යනාදි ව්‍යවහාර ස්වභාවයෙන් පිළිගනී. චක්‍ඛුමාත්‍ර නිරෝධයෙන් පුද්ගල නිරෝධය අකැමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි.
රූපං උපාදාය වෙදනං උපාදාය මෙහි වෙනම රූප මූලකයක් දුක තික චතුක්ක දතයුතුය. යම් හෙයකින් ස්කන්‍ධයෙහි එල්බගත් පුද්ගලයාගේ පැණවීම වේද, එහෙයින් දෙකක් ද තුනක් ද සතරක් ද පහක් ද උපාදාය පැණවීම් පිළිගනියි. එක සිතෙහි දෙකක් පහක් හෝ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. ආයතනාදියෙහි ද මෙම නයයි.
දැන් යමෙකුට යමක් දැඩිසේ ගෙවන පණවන ලදද, එහි අනිත්‍යයෙන් එහි ද අනිත්‍යතාව එයින් වෙන සිද්ධය. මෙසේ ඔහුගේ පුද්ගලයාට ද පැමිණේ යයි දැක්වීමට යථා රුක්‍ඛං යනාදීය කීය. එහි උපාදාය යනු නිසා පැමිණ. පෙළ නැතිව අර්ථ නැත. පරවාදියා වනාහි එබඳු අනිත්‍ය ලබ්ධියේ සිට ප්‍රතික්‍ෂේප කරයි.
නිගළො හැකිලි බැදුම්, නෙගළිකො ඒ බැඳුමෙන් බැදුණ අය. යස්ස රූපං සො රූපවා යමකින් රූපවේ යන අර්ථයයි.
චිකෙත චිත්තෙති ආදියෙහි රාග සහිත සිත් වශයෙන් රාගාදිය සඳහා චිත්තානුපස්සනා වශයෙන් දැනගනී. ජායති යනාදි නයෙන් විචාරණ ලද්දේ පුද්ගලයාගේ ක්‍ෂණිකභාවය අකමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි. සො ති වා අඤ්ඤොති වා ශාස්වතවාදී බියෙන් ප්‍රතික්‍ෂේප කරයි. නැවත න වත්තබ්බං කුමාරකොති වා කුමාරිකාති වා විචාරණ ලද්දේ ලෝක ව්‍යවහාරය බිඳෙන බියෙන් වත්තබ්බං යයි දැනගනී. මෙහි සෙස්ස ප්‍රකටය.
දැන් පරවාදියා අන්‍ය ආකාරයකින් ලබ්ධිය පිහිටුවීමට කැමැත්තේ න වත්තබ්බං පුග්ගලො උපලබ්භති යනාදිය කීය. එහි න වත්තබ්බං ඔබගේ මෙයින් කිම? මෙසේ බොහෝ සෙයින් දැඩිසේ ගෙන පැණවීම් අනයෝගයෙන් මෙය පළමුව කියන්න. කිවයුතු පුද්ගලයා සත්‍ය පරමාර්ථයෙන් නොලැබේද? එයින් සකවාදියා විසින් ආමන්තා යයි කියන ලද කල්හි නනු යො පස්සති යනාදිය කීය. එහි යො පුද්ගලයා. යං රූපය. යෙන ඇසින්. සො පුද්ගලයා. තං රූපය. තෙන ඇසින් මෙය කියන ලදී. යමෙක් යම් රූපයක් යම් ඇසකින් නොබලාද? හේ ඒ රූපය ඒ ඇසින් බලන්නේ පුද්ගලයාද? සකවාදියා චක්‍ඛු විඤ්ඤාණයට කිසිවක් නිශ්‍රයභාවයට යන්නේ ඇසම රුප දකියි. එසේම කනම සද්ද අසයි.... විඤ්ඤාණයම ධර්ම දනියි. ‘රහතන් වහන්සේගේ ඇස ඇත. රහතන් වහන්සේ ඇසින් රූප බලති’ ආදිය සම්මුති වශයෙන් ආමන්තා යයි දැනගනී.