ගතිඅනුයොගවණ්ණනා
දැන් ගති වෙනස්වීම් මුඛයෙන් චුතිපටිසන්ධි අනුයෝගය වේ. එහි පුද්ගලවාදියා සත්තක්ඛත්තු පරමං සන්ධාවිත්වාන පුග්ගලො යනාදිය සූත්ර නිසා පුද්ගලයා සැරිසරන්නේය යන ලබ්ධිය ගෙන ව්යවහාර කරයි. ඔහුගේ ඒ ලබ්ධිය බිඳීමට සන්ධාවති යන විචාරීම සකවාදියාගේය. එහි සන්ධාවති යනු සැරිසරයි. ගමනාගමනය කරයි. තමාගේ ලබ්ධි වශයෙන් ප්රතිඥාව පරවාදියාගේය. සො පුග්ගලො යනාදි අනුයෝගය සකවාදියාගේය. ප්රතික්ෂේපය අනිත් තැනැත්තාය. එහි සො යනු ඔහුමය. මෙසේ අනුයුක්ත වූයේ ශාස්වත දෘෂ්ටි බියෙන් ප්රතික්ෂේප කරයි. අඤ්ඤො යයි විචාරණ ලද්දේ උච්ඡෙද දෘෂ්ටි බියෙනි. සො ච අඤ්ඤො ච යයි විචාරණ ලද්දේ අමරා වික්ඛෙපවාදී දෘෂ්ටි බියෙනි. නැවත ප්රශ්න සතරම එකතුකර විචාරණ ලද්දේ දෘෂ්ටි සතරටම බියෙන් ප්රතික්ෂේප කොට නැවත යම් සූත්ර නිසා ලබ්ධිය ඇතිවිය. ඒවා දක්වන්නේ තෙනහි පුග්ගලො සන්ධාවති යනාදිය කීය.
නැවත සකවාදියා විසින්, ඔබේ ලබ්ධිය අනුව මෙලොව පරලොව දෙකේම සැරිසරන්නේ එක්කෙනෙක්ම යන අදහසින් ස්වෙව යයි නියමකොට විචාරණ ලද්දේ ශාස්වත බියෙන් ප්රතික්ෂේප කොට නැවත දැඩිකොට එයම විචාරන ලද්දේ. යම්හෙයකින් ඒ පුද්ගලයාමය. අනිකෙක් නොවේ. හේ එයින් චුතව මෙහි උපන්නේය යයි ආදි සූත්රවල ඇත. එනිසා පිළිගන්න. ස්වෙව මනුස්සො යයි විචාරණ ලද්දේ මනුෂ්යාත්මයයි. දෙවිබව අභාවයෙන් ප්රතික්ෂේප කරයි.
නැවත විචාරණ ලද්දේ ‘මම ඒ කාලයෙහි සුනේත්ර නම් ශාස්තෲ වීය’යි ආදි සූත්ර වශයෙන් පිළිගන්න. ඉක්බිති ඔහුට සකවාදීයා දෙවිමිනිසුන්ගේ උත්පත්තිවල නානාභාවයෙන් ඔබේ වචනය මිථ්යාවකැයි පවසන්නේ මනුස්සො හුත්වා යනාදිය කීය.
එහි හෙතං මරණං න හෙහීති යයි මෙසේ ඇති කල්හි මරණය නොවන්නේය යන අර්ථය වේ. මෙයින් පසු යක්ඛො පෙතා යයි ආත්මභාව නානා වශයෙන් අනුයෝග නානා බව දතයුතුය.
ඛත්තියො යනාදිය ජාති වශයෙන් මෙන්ම අංග විකලතාදි වශයෙන්ද කියන ලදී.
නැවත න වත්තබ්බං යයි පරවාදියා විසින් විචාරණ ලද්දේ මේ අර්ථයේ උත්පත්ති වශයෙන් පරලොව ගමන අභාවයෙන් ප්රතිඥාව සකවාදියාගේය. නැවත සෝතාපන්නයාගේ භවන්තරයෙහි ද සෝවාන්බව අත්නොහැරීමෙන් දෙවන ප්රතිඥාව ද ඔහුගේය. හඤ්චි යනාදි වචනය පරවාදියාගේය.
නැවත දෙව්ලොව උපන්නාගේ මනුෂ්යාත්ම භාවය දැක්වීමෙන් අනුයෝගය සකවාදියාගේය.
ඉන්පසු අනඤ්ඤො අවිගතො යන මෙහි අනඤ්ඤො යනු සියළු ආකාරයෙන් එක සමානය. අවිගතො යනු එක් අයුරකින් ද නොගිය යන අර්ථය වේ. නහෙවං දෙව්ලොව උපන්නහුගේ මිනිස් බව අභාවයෙන් මෙසේ කීය.
නැවත දැඩිකොට අනුයුක්ත වූයේ ඒ පුද්ගලයා සැරිසරතියි ලබ්ධිය පිළිගනී. හත්ථච්ඡින්නො ආදි ආකාර වෙනස්වීම දැක්වීමෙන් නොගියහු සැරිසරතියි ලබ්ධිය බිඳීම සඳහා කියන ලදී. එහි අලච්ඡින්නො යනු යමෙකුගේ කකුලේ මාපට ඇඟිල්ල සිඳුනේය. කණ්ඩරච්ඡින්නො යනු යමෙකුගේ මහ නහර සිඳුනේය.
සරූපො යනාදියෙහි පළමුවන ප්රශ්නයෙහි මේ රූපකාය සමග පැමිණීම ප්රතික්ෂේප කරයි. දෙවන ප්රශ්නයෙහි මේ රූපකාය සමග පැමිණීම ප්රතික්ෂේප කරයි. දෙවන ප්රශ්නයෙහි අන්තරාභව පුද්ගලයා සඳහා පිළිගනී. හේ ඒ ලබ්ධියෙන් සමානව ගොස් මව්කුසට පිවිසෙයි. ඉක්බිති ඔහුගේ ඒ රූප බිඳෙයි. තං ජීවං යනු යම් රූප සංඛ්යාත ශරීරය සමග යයි. කිම ඔහුගේ ඒ ජීවයම ඒ ශරීරයම දැයි විචාරයි. මෙහි පරවාදියා ශරීරය බැහැර කොට සූත්ර විරෝධය ද -ප්රතික්ෂේප කරයි.
සවෙදනා යනාදියෙහි අසංඥ උත්පත්තිය සඳහා ප්රතික්ෂේප කරයි. ඊට වෙනස් උත්පත්ති සඳහා පිළිගනී. තං ජීවං යම් වේදනා සංඛ්යාත ශරීරය සමග යයි. කිම ඔවුන්ගේ ඒ ජීවය ඒ ශරීරයමදැයි විචාරයි. තං ජීවං තං සරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං මෙය පෙළේ පංචස්කන්ධය ශරීරයයි අදහස් කරයි. පරවාදියා සුත්ර විරෝධය ප්රතික්ෂේප කරයි.
අරූපො යනාදියෙහි පළමුවන ප්රශ්නයෙහි අන්තරාභවය සඳහා ප්රතික්ෂේප කරයි. දෙවැන්නෙහි ආරුප්පය ආරුප්පයේ ඉපදීම සඳහා පිළිගනී. අඤ්ඤං ජීවං යම් රූප සංඛ්යාත ශරීරය හැර අරූපයා සැරිසරයි. කිම ඔබගේ ඒ ශරීරය අනිකක් ද, ජීවය අනිකක් ද? විචාරයි. අනිකා සූත්ර විරෝධය ප්රතික්ෂේප කරයි.
අවෙදනා යනාදියෙහි සංඥෘභාවය සඳහා ප්රතික්ෂේප කරයි. වෙනත් උත්පත්ති සඳහා පිළිගනී. අඤ්ඤං ජීවං යම් වේදනා සංඛ්යාත ශරීරය හැර වේදනා රහිත අවිඤ්ඤාණය සැරිසරයි. කිම ඔබගේ ඒ ශරීරය අනිකක්ද, ජීවය අනිකක්ද? විචාරයි. අන්යයා සූත්ර විරෝධය ප්රතික්ෂේප කරයි.