පඤ්ඤත්තානුයොගවණ්ණනා
දැන් පඤ්ඤාත්තානුයෝග නම් වේ. පුද්ගලවාදියා රූපධාතුවෙන් රූපී පුද්ගලයා පණවයි. එසේම අරූප ධාතුවෙන් අරූපි පුද්ගලයා පණවයි. ඔහුගේ ඒ ලබ්ධිය බිඳීමට සියළු විචාරීම් සකවාදියාටය. ප්රතිඥාව සහ ප්රතික්ෂේපය අනිත් තැනැත්තාටය. හේ රූපි යයි කීකල්හි රූපකාය ස්වභාවයෙන් ද එසේම රූපයෙන් ද පැණවීමෙන් ඇති බව දනී. කාමී යයි කීකල්හි වීතරාග ස්වභාවයෙන් ද එසේ රූපයෙන් ද පැණවීමෙන් නැති බව ප්රතික්ෂේප කරයි. අරූපී යයි කී කල්හිද අරූප ස්කන්ධ ස්වභාවයෙන් ද අරූපයෙන් ද පැණවීමෙන් ඇති බව දැනගනී. නය දෙකෙහිම සත්තො යයි පුද්ගලයාගේ පර්යාය වචන වශයෙන් කියන ලදී.
දැන් හේ ‘කායෙ කායානුපස්සී’ යයි පැමිණි තැන කය අනිකකි. පුද්ගලයා අනිකෙකැයි කැමති වේ. ඒ නිසා ඒ ලබ්ධිය බිඳීමට කායොති වා සරීරමාති වා යනාදිය සකවාදී විචාරීමය. එහි කායං අප්පියං කරිත්වා යයි කය පැමිණවිය යුතුය. ඇලිය යුතුය. ඒකීයභාවයට පැමිණවිය යුතුය. නොබෙදිය යුතු කොට විචාරමි යන අර්ථයයි. එසෙ සෙ මේ ඔහුමය. එසෙ එසෙතිපි යනු ද පාඨය. මේ ගේමය යන අර්ථයයි. එකට්ඨෙ යනු එක් අර්ථය. සමෙ සමභාගෙ තජ්ජාතෙ යයි සම වූ සම භාගයෙහි, ඒ ජාතියේ. මෙහි භේදය වචන මාත්රයෙන් පමණි. අර්ථයෙන් වනාහි මෙත්තෙම කයම විචාරයි. පරවාදියා නානත්වයට අප්රසන්න වන්නේ ආමන්තා යයි පිළිගනී. පුග්ගලොති වා ජීවොති වා යයි විචාරීමෙන් ද මෙම නයමයි. අඤ්ඤො කායො විචාරන ලද්ද වනාහි කායානුපස්සනාවෙන් මෙසේ ලබ්ධිකයයි පිළිගනී. අඤ්ඤං ජීවං විචාරණ ලද්ද වනාහි ගැටී කියන ලද සූත්රය ප්රතික්ෂේප කිරීමට නොහැකිවන්නේ අවමන් කරයි. ඉන්පසු ආජානාහි නිග්ගහං යනාදිය අර්ථය පැහැදිලිය.
[missing trans] සකවාදියා තැබිය යුතු ප්රශ්න බැවින් ප්රතික්ෂේප කරයි. පරවාදියා ඡල වශයෙන් ප්රතිකර්ම කරයි. එයද අරුත් පැහැදිලිය.
පඤ්ඤත්තානු යෝගය නිමි.
ගතිඅනුයොගවණ්ණනා
දැන් ගති වෙනස්වීම් මුඛයෙන් චුතිපටිසන්ධි අනුයෝගය වේ. එහි පුද්ගලවාදියා සත්තක්ඛත්තු පරමං සන්ධාවිත්වාන පුග්ගලො යනාදිය සූත්ර නිසා පුද්ගලයා සැරිසරන්නේය යන ලබ්ධිය ගෙන ව්යවහාර කරයි. ඔහුගේ ඒ ලබ්ධිය බිඳීමට සන්ධාවති යන විචාරීම සකවාදියාගේය. එහි සන්ධාවති යනු සැරිසරයි. ගමනාගමනය කරයි. තමාගේ ලබ්ධි වශයෙන් ප්රතිඥාව පරවාදියාගේය. සො පුග්ගලො යනාදි අනුයෝගය සකවාදියාගේය. ප්රතික්ෂේපය අනිත් තැනැත්තාය. එහි සො යනු ඔහුමය. මෙසේ අනුයුක්ත වූයේ ශාස්වත දෘෂ්ටි බියෙන් ප්රතික්ෂේප කරයි. අඤ්ඤො යයි විචාරණ ලද්දේ උච්ඡෙද දෘෂ්ටි බියෙනි. සො ච අඤ්ඤො ච යයි විචාරණ ලද්දේ අමරා වික්ඛෙපවාදී දෘෂ්ටි බියෙනි. නැවත ප්රශ්න සතරම එකතුකර විචාරණ ලද්දේ දෘෂ්ටි සතරටම බියෙන් ප්රතික්ෂේප කොට නැවත යම් සූත්ර නිසා ලබ්ධිය ඇතිවිය. ඒවා දක්වන්නේ තෙනහි පුග්ගලො සන්ධාවති යනාදිය කීය.
නැවත සකවාදියා විසින්, ඔබේ ලබ්ධිය අනුව මෙලොව පරලොව දෙකේම සැරිසරන්නේ එක්කෙනෙක්ම යන අදහසින් ස්වෙව යයි නියමකොට විචාරණ ලද්දේ ශාස්වත බියෙන් ප්රතික්ෂේප කොට නැවත දැඩිකොට එයම විචාරන ලද්දේ. යම්හෙයකින් ඒ පුද්ගලයාමය. අනිකෙක් නොවේ. හේ එයින් චුතව මෙහි උපන්නේය යයි ආදි සූත්රවල ඇත. එනිසා පිළිගන්න. ස්වෙව මනුස්සො යයි විචාරණ ලද්දේ මනුෂ්යාත්මයයි. දෙවිබව අභාවයෙන් ප්රතික්ෂේප කරයි.
නැවත විචාරණ ලද්දේ ‘මම ඒ කාලයෙහි සුනේත්ර නම් ශාස්තෲ වීය’යි ආදි සූත්ර වශයෙන් පිළිගන්න. ඉක්බිති ඔහුට සකවාදීයා දෙවිමිනිසුන්ගේ උත්පත්තිවල නානාභාවයෙන් ඔබේ වචනය මිථ්යාවකැයි පවසන්නේ මනුස්සො හුත්වා යනාදිය කීය.
එහි හෙතං මරණං න හෙහීති යයි මෙසේ ඇති කල්හි මරණය නොවන්නේය යන අර්ථය වේ. මෙයින් පසු යක්ඛො පෙතා යයි ආත්මභාව නානා වශයෙන් අනුයෝග නානා බව දතයුතුය.
ඛත්තියො යනාදිය ජාති වශයෙන් මෙන්ම අංග විකලතාදි වශයෙන්ද කියන ලදී.