වචන සොධන වර්ණනාව
දැන් වචන ශෝධනය වේ. එහි මෙය පුග්ගලො උපලබ්භති යන වචනය ශෝධනයට පුග්ගලො උපලබ්භති උපලබ්භති පුග්ගලො යනු විචාරීම සකවාදියාටය. එහි අර්ථය මේ ‘පුග්ගලො’ ‘උපලබ්භති’ යන පද දෙක ඒකාර්ථ වන්නේ ද? නානාර්ථ වන්නේද? ඉදින් නානාර්ථය රූපය අනිකක්, වේදනාව අනිකක් සේ මෙසේ පුද්ගලයා අනිකෙක් ලැබෙයි. අනිකක් බවට පැමිණේ. ඒකාර්ථ නම් යම්සේ සිත යමක් ද එය මනසයි. මෙසේ පුද්ගලයා ඔහුමය. හේ ලැබේ යයි පැමිණේ. එහෙයින් එය කියමි. ඉදින් ඔබගේ යම් පුද්ගලයෙක් හෝ ලැබෙයි. මෙසේ ඇති කල්හි යමෙක් යමක්හු ලබයි. ඒ හේ පුද්ගලයයි පැමිණේ. මෙය පිළිගන්නෙහි ද? එයින් පුද්ගලවාදියා යම්හෙයකින් පුද්ගලයාගේ ලැබීම කැමති වෙයි. රූපාදියේ පුද්ගලභාවය නොලබන්නේද, එහෙයින් පුග්ගලො උපලබ්භති උපලබ්භති කෙහිචි පුග්ගලො කෙහිචි න පුග්ගලො යනාදිය කීය. එහි අර්ථය මගේ පුද්ගලයා ඇත. ශාස්තෲ වචනයෙන් ලැබේ. යමෙක් ලැබේද, ඒ සියල්ල පුද්ගලයා නොවේ. කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ. ‘කෙහි චි’ යන්නේ, ‘කො’ කර අර්ථයෙහි ‘කෙ’ කාරය විය. ‘හි’ කාරය නිපාත මාත්රයකි. කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ යන මෙය මෙහි අර්ථය වේ. මෙය කියන ලදී. පුද්ගල යයි රූපාදියෙහි ද යම්කිසි ධර්මයක් ලැබේමය. එහි පුද්ගලයාම පුද්ගල වේ. රූපාදියෙහි වනාහි කිසිවකුදු පුද්ගල නොවේ. ඉන්පසු සකවාදියා කීය. පුග්ගලො කෙහිචි උපලබ්භති කෙහිචි න උපලබ්භති එහි අර්ථය ‘පුග්ගලො’ ‘උපලබ්භති’ යන පද දෙකේ අර්ථයෙන් ඉදින් එකක් බව ලැබේ යයි පිළිගත් ධර්මය පුද්ගලයාගේ අනිකක් නොවූ ද කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ. කිසි පුද්ගලයෙක් ලැබේ. කිසි පුද්ගලයෙක් නොලැබේ යයි පැමිණේ. මෙය පිළිගන්නෙහිද? ඒ පුද්ගලයාගේ නොලැබීම අකමැති වන්නේ නහෙවං යයි ප්රතික්ෂේප කරයි. මෙයින් පසු ආජානාහි නිග්ගහං යනාදි සියල්ල සංක්ෂේප කරන ලදී. විස්තර වශයෙන් දතයුතුය. පුග්ගලො සච්චිකට්ඨො යනාදියෙහි ද මෙම නයම වේ. මේ සියල්ල ‘ලැබේ’ සමාන වචනම වේ. තවද පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන යන්න පුද්ගල වාදීන්ගේ පිළිගැනීමය. එහෙයින් යථාර්ථ වශයෙන් පුද්ගලයා ලැබේ යන ලබ්ධියයි. මෙසේ පුද්ගලයා සත්යාර්ථ වශයෙන් ද පැමිණේ. පුද්ගලයා ඇත යන යම් විශ්වාසයක් වේද එය විද්යමාන වේ. සමාන වචන වේ. එනිසා මේ සියළු වචන සංශෝධිතය.
එහි අවසානයෙහි පුග්ගලො අත්ථි, න සබ්බො පුග්ගලො යනාදිය කියන ලදී. එහි අදහස මෙසේය. මෙය පරවාදියා විසින්, පුග්ගලො අත්ථි අත්ථි කෙහිචි පුග්ගලො කෙහිචි න පුග්ගලො කියන ලදී. එහි අර්ථ වශයෙන් පුද්ගලයා ඇත. සියල්ල නැත. පුද්ගලයා යයි මෙපමණක් වේ. එහෙයින් එය සකවාදියා ලවා පිළිගන්වා ගෙන දැන් ඔහු මෙසේ අනුයෝගය යෙදේ. තමාට හිතවත් වූ ඔබගේ පුද්ගලයා ඇතැයි වචන මාත්රය නිසා පුද්ගලයා ඇතැයි ලබ්ධිය ගන්නා ලදී. බුදුන්වහන්සේ මෙසේ කියන ලදී. මෝඝරාජය, ‘ලෝකය ශුන්ය වශයෙන් බලන්න,’ හැමදා සිහියෙන්, යනාදි නයින් නැතැයි ද කියන ලදී. එසේ පුද්ගලයා නැත. සියළු පුද්ගලයා නැතැයි පැමිණෙයි. කිම මෙය පිළිගන්නෙහිද? ඉක්බිති ඔහු නොපිළිගන්නේ නහෙවං යයි ප්රතික්ෂේප කරයි. මෙහි සෙස්ස නිග්රහාදි විධානය කියූ නයින් දතයුතුය.
වචන සොධනය නිමි.
පඤ්ඤත්තානුයොගවණ්ණනා
දැන් පඤ්ඤාත්තානුයෝග නම් වේ. පුද්ගලවාදියා රූපධාතුවෙන් රූපී පුද්ගලයා පණවයි. එසේම අරූප ධාතුවෙන් අරූපි පුද්ගලයා පණවයි. ඔහුගේ ඒ ලබ්ධිය බිඳීමට සියළු විචාරීම් සකවාදියාටය. ප්රතිඥාව සහ ප්රතික්ෂේපය අනිත් තැනැත්තාටය. හේ රූපි යයි කීකල්හි රූපකාය ස්වභාවයෙන් ද එසේම රූපයෙන් ද පැණවීමෙන් ඇති බව දනී. කාමී යයි කීකල්හි වීතරාග ස්වභාවයෙන් ද එසේ රූපයෙන් ද පැණවීමෙන් නැති බව ප්රතික්ෂේප කරයි. අරූපී යයි කී කල්හිද අරූප ස්කන්ධ ස්වභාවයෙන් ද අරූපයෙන් ද පැණවීමෙන් ඇති බව දැනගනී. නය දෙකෙහිම සත්තො යයි පුද්ගලයාගේ පර්යාය වචන වශයෙන් කියන ලදී.
දැන් හේ ‘කායෙ කායානුපස්සී’ යයි පැමිණි තැන කය අනිකකි. පුද්ගලයා අනිකෙකැයි කැමති වේ. ඒ නිසා ඒ ලබ්ධිය බිඳීමට කායොති වා සරීරමාති වා යනාදිය සකවාදී විචාරීමය. එහි කායං අප්පියං කරිත්වා යයි කය පැමිණවිය යුතුය. ඇලිය යුතුය. ඒකීයභාවයට පැමිණවිය යුතුය. නොබෙදිය යුතු කොට විචාරමි යන අර්ථයයි. එසෙ සෙ මේ ඔහුමය. එසෙ එසෙතිපි යනු ද පාඨය. මේ ගේමය යන අර්ථයයි. එකට්ඨෙ යනු එක් අර්ථය. සමෙ සමභාගෙ තජ්ජාතෙ යයි සම වූ සම භාගයෙහි, ඒ ජාතියේ. මෙහි භේදය වචන මාත්රයෙන් පමණි. අර්ථයෙන් වනාහි මෙත්තෙම කයම විචාරයි. පරවාදියා නානත්වයට අප්රසන්න වන්නේ ආමන්තා යයි පිළිගනී. පුග්ගලොති වා ජීවොති වා යයි විචාරීමෙන් ද මෙම නයමයි. අඤ්ඤො කායො විචාරන ලද්ද වනාහි කායානුපස්සනාවෙන් මෙසේ ලබ්ධිකයයි පිළිගනී. අඤ්ඤං ජීවං විචාරණ ලද්ද වනාහි ගැටී කියන ලද සූත්රය ප්රතික්ෂේප කිරීමට නොහැකිවන්නේ අවමන් කරයි. ඉන්පසු ආජානාහි නිග්ගහං යනාදිය අර්ථය පැහැදිලිය.