රූපවිභත්තිඑකකනිද්දෙසවණ්ණනා
දැන් එහි අර්ථය බෙදා දක්වන්නට සබ්බං රූපං නහෙතු මෙවාති ආදිය පටන්ගන්නා ලදී. මෙහිදී වනාහි කවරහෙයකින් කතමං තං සබ්බං රූපං න හෙතු යැයි විචාරීම නොකරන ලද ද යත්, භේදයක් නැති හෙයිනි. යම්සේ වනාහි දුකාදීන්හි උපාදාරූපත් ඇත. නොඋපාදාරූපත් ඇත. මෙසේ මෙහි න හේතුන් සහේතුත් යන භේදය නැත. එහෙයින් විචාරීමක් නොකොටම බෙදන ලදී. එහි සබ්බං යනු සියල්ලය. නිරවශේෂමය. රූපං යන මෙහි ශීතාදියෙන් වෙනස් වන බව දැක්වීම සමාන ලක්‍ෂණ දැක්වීමයි. න හෙතුමෙව යනු සාධාරණ හේතු ප්‍රතික්‍ෂේපණ නිර්දේශයයි.
එහි හේතුහේතු පච්චය හේතු උත්තමහේතු සාධාරණ හේතු යැයි හේතුව චතුර්විධය. ඔවුනතුරෙන් ‘තයො කුසලහෙතු තයො අකුසල හෙතු තයො අබ්‍යාකතහෙතු’ යන මෙය හේතුහේතු නමි. ‘චත්තාරො ඛො මෙ භික්‍ඛු! මහාභූතා හෙතු චත්තාරො මහාභූතා පච්චයා රූපක්‍ඛන්‍ධස්ස පඤ්ඤාපනාය’ යන මෙය පච්චයහේතු නමි’ ‘කුසලා කුසලං අත්තනො විපාකදානෙ උත්තමං ඉට්ඨාරම්මණං කුසලවිපාකට්ඨානෙ උත්තමං අනිට්ඨාරම්මණං අකුසලවිපාකට්ඨානෙ’ යන මෙය උත්තමහේතු නමි. මෙසේ කියන ලදී. ‘අතීතානාගතපච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති’ යනු ද ‘එසෙව හෙතු එස පච්චයො සංඛාරානං යදිදං අවිජ්ජා’ යනු ද ‘අවිජ්ජා සංඛාරානං සාධාරණහෙතු හුත්‍වා පච්චයට්ඨං එරති’ යන මෙය සාධාරණ හේතු නමි. යම්සේ පෘථිවි රසයත් ආපෝ රසයත් මිහිරි වූත් අමිහිරි වූත් (රසයන්ට) ප්‍රත්‍යය වේ ද මෙසේ අවිද්‍යාව කුශල සංස්කාරයන්ටත් අකුශල සංස්කාරයන්ටත් සාධාරණ ප්‍රත්‍ය වේ. මේ අර්ථයෙහි වනාහි හේතු හේතුව අභිප්‍රේතයි. මෙසේ හේතුධම්ම න හෙතුධම්ම යන මාතෘකාවේ ආ හේතුභාවය රූපයට නියම කොට ප්‍රතික්‍ෂේප කරමින් න හෙතුමෙව යැයි කීය. මේ නයින් සියලුම පදයන්හි ප්‍රතික්‍ෂේප නිර්දේශයත් අප්‍රතික්‍ෂේප නිර්දේශයත් දතයුතුයි. සියලු පදයන්ගේ වචනාර්ථය වනාහි මාතෘකා වර්ණනාවෙහි කියන ලදමය.
සප්පච්චයමෙව යන මෙහි කර්ම සමුත්‍ථානය කර්ම ප්‍රත්‍යයම වෙයි. ආහාර සමුත්‍ථානාදිය ආහාර ප්‍රත්‍යයම වෙයි යනුයි. මෙසේ රූපය සඳහාම කියන ලද චතුර්විධ ප්‍රත්‍යය වශයෙන් අර්ථය දතයුතුයි. රූපමෙව යනු රූපිනො ධම්මා අරූපිනො ධම්මං යනු මාතෘකාවෙහි කියන ලද අරූපභාවය ප්‍රතික්‍ෂේප කරයි. උප්පන්නං ජහි විඤ්ඤාණෙහි යනු චක්‍ෂුර් විඥානාදීන් සයෙන් වර්තමාන රූපයම දතයුතුයි. නියාමය වනාහි චක්‍ෂුර් විඥානාදීන් සඳහා (ගන්නා ලදී) ඔව්හු අතීත අනාගත නොදනිත්. මනෝවිඥානය වනාහි අතීතයත් අනාගතයත් දනී. එය මෙහිදී පංචවිඥාන ශ්‍රෝතයෙහි වැටුණු හෙයින් ශ්‍රෝතපත්තවම ගියේය. ඇතිවී නැතිවන හෙයින් වනාහි අනිත්‍යමය. ජරාවෙන් වැඩිය යුතු ස්වභාවය ඇතිහෙයින් ජරාභිභූතමය. රූපකායෙහි ජරාව ප්‍රකටවන හෙයින් ජරාභිභූතම යැයි කියන ලදී.
මෙසේ එකවිධෙන රූප සංගහො යන මෙහි විධා ශබ්දය මාන සණ්ඨාන කොට්ඨාශයන්හි දක්නට ලැබේ. ‘සෙය්‍යො හමිස්මීති විධා, සදිසො හමස්මීති විධා’ යනාදියෙහි වනාහි මානය විධා නමි. ‘කථං විධං සීලවන්තං වදන්තං වදන්ති තථං විධං පඤ්ඤාවන්තං වදන්ති’ යනාදියෙහි සණ්ඨාන යයි. කථං විධං යන පදයාගේ වනාහි කථං සණ්ඨානං යන අර්ථයි. ‘එකවිධෙන ඤාණවත්‍ථු දුවිධෙන ඤාණවත්‍ථු’ යන ආදියෙහි කොට්ඨාශය විධා නමි. මෙහිද කොට්ඨාශයම අභිප්‍රේතයි.
සංග්‍රහ ශබ්දය ද සජාති සඤ්ජාති කිරිය ගණන වශයෙන් චතුර්විධය. ‘සබ්බෙ ඛන්තියා අගච්ඡන්තු සබ්බෙ බ්‍රාහ්මණා ආගච්ඡන්තු සබ්බෙ වෙස්සා සබ්බෙ සුද්දා අගච්ඡන්තු, යා චාවුසො විසාඛ! සම්මා වාචා යො ච සම්මා කම්මන්තො යො ච සම්මා ආජීවො ඉමෙ ධම්මා සීලක්‍ඛන්‍ධෙ සංගහීතා’ යන මෙය සජාති සංගහ නමි’. ‘එකජාතිකා ආගච්ඡන්තු’ යැයි කී තැන මෙන් මෙහි ද සියලු ජාතීහු එකට සංග්‍රහ වූහ. ‘සබ්බෙ කොසලකා ආගච්ඡන්තු සබ්බෙ මාගධකා - සබ්බෙ භාරුකච්ඡකා ආගච්ඡන්තු, යො චාවුසො! විසාඛ, සම්මා වායාමො යාච සම්මා සති යො ච සම්මා සමාධි ඉමෙ ධම්මා සමාධික්‍ඛන්‍ධෙ සංගහීතා’ යැයි කී තැන මෙන් මෙහි සියල්ලෝ උපන් තැනින් ද විසූ අවසරයෙන් ද ඒකසංග්‍රහයට ගියහ. සබ්බෙ හත්‍ථාරොහා ආගච්ඡන්තු, සබ්බෙ ඵස්සාරොහා - සබ්බෙ රථිකා ආගච්ඡන්තු යාචාවුසො, විසාඛ, සම්මා දිට්ඨි යො ච යො ච සම්මා සංකප්පො ඉමෙ ධම්මා පඤ්ඤාක්‍ඛන්‍ධෙ සංගහීතා’ යන මෙය ක්‍රියා සංග්‍රහ නමි. මේ සියල්ලෝම වනාහි තමාගේ කාර්යයන් කිරීමෙන් ඒක සංග්‍රහයට ගියහ. ‘චක්‍ඛායතනං කතමං සංඛගණං ගච්ඡති, චක්‍ඛායතනං රූපක්‍ඛන්‍ධ ගණනං ගච්ඡති, හඤ්චි චක්‍ඛායතනං රූපක්‍ඛන්‍ධගණං ගච්ඡති, තෙන වත රෙ වත්තබ්බෙ චක්‍ඛායතනං රූපක්‍ඛන්‍ධෙග සංගහීතං’ යන මෙය ගණන සංග්‍රහ නමි. මෙය මෙහි අභිප්‍රේතයි. එක් කොටසකින් රූප ගණය යන මෙය මෙහි අර්ථයයි. සැමතැනකම මේ නයයි.