බ්රහ්මවිහාරකථා
දැන් මෙත්තාදී බ්රහ්මවිහාර වශයෙන් පවත්නා රූපාවචර කුසලය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි මෙත්තා සහගතා යනු මෛත්රියෙන් යුක්ත, පරව එන කරුණා-කරුණා සහගතාදියෙහි ද මේ නයමය. මෙතෙම වනාහි යම් විධානයකින් අනුව පිළිපන්නේ මෛත්රිය සහගත ආදී ධ්යානයන්ට පැමිණ වාසය කරයි ද, මෛත්රී ආදීන් පිළිබඳ ඒ සියලු භාවනා විධාන විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය. අවශේෂ පාළියෙහි අර්ථය පඨවි කසිණයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
හුදෙක් පඨවි කසිණයෙහි වූ පංචවීසති නවකයෝ මෙහි පළමු තැනෙහි ත්රිකචතුෂ්ක ධ්යානික වශයෙන් සප්තක පස්විස්සෙකි. උපේක්ෂාවෙහි ඒකක පස්විස්සෙකි. කරුණා මුදිතාවන්හි ද ඡන්දාදී සතර සමග කරුණා මුදිතා යැයි මොව්හු ද යේවාර්තකයන් ලබත්. මෙහි දුක්ඛා පටිපදාදී භාවය ද මෛත්රියෙන් වනාහි ව්යාපාද විෂ්කම්භන වශයෙන් ද කරුණාවෙන් විහිංසා විෂ්කම්භන වශයෙන් ද මුදිතාවෙන් අරති විෂ්කම්භන වශයෙන් ද උපේක්ෂාවෙන් රාග ප්රතිඝ විෂ්කම්භන වශයෙන් ද දතයුතුයි. පරිත්තාරම්මණාව වනාහි බහුසත්වාරම්මණ වශයෙන් නොවේ. අප්පමාණාරම්මණතාව බහුසත්වාරම්මණ වශයෙන් වෙයි යැයි මෙය වෙනසයි. සෙස්ස එලෙසමය.
මේ වනාහි පෙළ වශයෙන්මය.
බ්රහමුත්තමෙන කථිතෙ බ්රහ්මවිහාරෙ ඉමෙ ඉති විදිත්වා
භිය්යො එතෙසු අයං පකිණ්ණා කථා පි විඤ්ඤෙය්යා
භිය්යො එතෙසු අයං පකිණ්ණා කථා පි විඤ්ඤෙය්යා
‘මෙහි ධර්මයන් බ්රහ්මවිහාරයැයි දැන බ්රහ්ම - උත්තම වශයෙන් කී කල්හි මෙය මේවා අතුරෙහි බොහෝසෙයින් ප්රකීර්ණක කථාව ද දතයුතුයි.’
මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවන්හි වනාහි පළමුවෙන් අත්ථි වශයෙන් ප්රේමකරයි යනු = මෙත්තා ය. ස්නේහ කරයි යන අර්ථයි. මිත්රයා තුළ හටගත් හෝ මෙය මිත්රයා තුළ පවතී යනු හෝ මෙත්තා ය. අනුන්ට දුකක් ඇති කල්හි සත්පුරුෂයන් හෘදය කම්පා කෙරෙයි යනු = කරුණාය. අනුන්ගේ දුක මිලදී ගනී. හිංසා කරයි. විනාශ කරයි යනු = කරුණාය. දුකට පත්වූවන් කෙරෙහි පැතිරිම් වශයෙන් දිගහරිනු ලැබේනුයි ද = කරුණා ය. එය හා එක්වූවත් සතුටු කරත්. තමා හෝ සතුටු වෙයි. එය චෝදනා මාත්රයක් පමණකැයි ද = මුදිතා ය. වෛර නොකරන්නෝ වෙත්වායි ආදී වශයෙන් ව්යාපාදය ප්රහීණ කිරිමෙන් මැදහත් බවට පැමිණීමෙන් ද උපේක්ෂාවේ යනු = උපෙක්ඛා ය.
මෙහි ලක්ෂණාදී වශයෙන් වනාහි මෛත්රිය හිතකාර පැවතීම ලක්ෂණකොට ඇත්තේය. හිත වූ ධර්මයන් එක්රැස් කිරිම රසය කොට ඇත්තේ ය. වෛරය දුරුකිරීම එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. සත්ත්වයන්ට මනාපභාවය දැක්වීමට ආසන්න කාරණය කොට ඇත්තේ ය. ව්යාපාදය සංසිඳුවීම මෙහි සම්පත්තියයි. ස්නේහය හටගැනීම විපත්තියයි. කරුණාව දුක පහකරන ආකාරයෙන් පැවතීම ලක්ෂණකොට ඇත්තේ, අනුන්ගේ දුක නො ඉවසීම රසය කොට ඇත්තේ ය. අවිහිංසාව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. දුකින් මඩනා ලද්දවුන්ගේ අනාථභාවය දැක්ම ආසන්න කාරණය කොට ඇත්තේ ය. විහිංසාව සංසිඳවීම එහි සම්පත්තියයි. ශෝකය හටගැනීම විපත්තියයි. (සතුරන් කෙරෙහි) සතුටුවීම ලක්ෂණකොට ඇත්තේ මුදිතාවයි. ඊර්ෂ්යා නොකිරීම රසයකොට ඇත්තේ ය. අරති විඝාතය එළඹ සිටි කාරණයයි. සත්ත්වයන්ගේ සම්පත්තිය දැඩිව ආසන්න කාරණයයි. අරතිය සංසිඳවීම එහි සම්පත්තියයි. ප්රභාසය හටගැන්ම විපත්තියයි. සත්ත්වයන් කෙරෙහි මධ්යස්ථ ආකාරයෙන් පැවැත්ම ලක්ෂණකොට ඇත්තේ උපේක්ෂාවයි. සත්ත්වයන් කෙරෙහි ස්වභාවය දැකීම රසයකොට ඇත්තේය. පටිඝානුසය සංසිඳවීම එළඹසිටි කාරණයයි. සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. ඔව්හු කාගේ නම් රුචියෙන් සුවපත් වූවෙක් ද දුකින් හෝ මදෙන් ද ලද සැපතින් හෝ නො පිරිහෙත් දැයි මෙසේ පැවති කම්මස්ස කතා දර්ශනය ආසන්න කාරණයයි. පටිඝානුසය සංසිඳීම එහි සම්පත්තියයි. ගේහසිත ප්රේමය නොදන්නා උපේක්ෂාව හටගැනීම විපත්තියයි.