අසුභකථා
දැන් රාග චරිත සත්ත්වයන්ට ඒකාන්ත හිත වූ නානාරම්මණයන්හි එක් එක් ධ්යාන වශයෙන් පවත්නා රූපාවචර කුශල ද දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී.
එහි උද්ධුමාතක සඤ්ඤාසහගතං යන ආදියෙහි මුළු සිරුරම ක්රමයෙන් වායුවෙන් උඩට ඒමෙන් මල්ලක් මෙන් ඉදිමුණු බැවින් ඉදිමුණ නිසා = උද්ධුමාතය, උද්ධුමානයම = උද්ධුමාතකය, එබඳු මළසිරුරකට මෙය නමකි. විවිධාකාර බෙදුණු වර්ණ ඇතියේ විනීල යැයි කියනු ලැබේ. විනීල ම = විනීලකය. පිළිකුල් හෙමයින් හෝ පිළිකුල් වූයේ විනීලය යනු = විනීලකය. මස් උස්ව සිටි තැන්වල රක්ත වර්ණ වූ සැරව එක්වූ තැන්හි ශ්වේත වර්ණ වූ නිල්වන් තැන්වල බොහෝසෙයින් නිල්වන් වූ නිල් සළුවක් පෙරවූවක් වැනි මළසිරුරට මේ නමකි. බිඳුණු තැන්වලින් වැගිරෙන සැරව ඇතියේ = විපුබ්බය. විපුබ්බ යනුම = විපුබ්බකය, පිළිකුල් හෙයින් හෝ නින්දිත විපුබ්බය යනු හෝ = විපුබ්බකය. එබඳු වූ මළ සිරුරකට මේ නමකි. දෙකඩ වීමෙන් විනාශව ගියේ විච්ඡිද්ද යැයි කියනු ලැබේ. විච්ජිද්ද ම = විච්ඡිද්දකය, පිළිකුල් බැවින් හෝ නින්දිත වූ විච්ඡිද්දය යනු = විච්ඡිද්දකය, මැදින් බිඳුණු මළ සිරුරට මේ නමකි.
එහෙන් මෙහෙන් විවිධාකාරයෙන් බලුසිවලුන් කන ලද්දේ = වික්ඛායිතය, වික්ඛායිතය ම = වික්ඛායිතකය, පිළිකුල් බැවින් හෝ නින්දිත වූ වික්ඛායිතය යනු = වික්ඛායිතකය, එබඳු මළ සිරුරකට මේ නමකි. විවිධව විසුරුණේ = වික්ඛිත්තය, වික්ඛිත්තයම = වික්ඛිත්තකය, පිළිකුල් හෙයින් හෝ නින්දිත වූ වික්ඛිත්තය යනු = වික්ඛිත්තකය, අඤ්ඤෙන හත්ථං අඤ්ඤෙන පාදං අඤ්ඤෙන සීසං යැයි මෙසේ ඒ ඒ තැන විසුරුණු මළසිරුරට මේ නමකි. විනාශ වූයේ ද පළමු නයින්ම විසුරුණේ ද එය යනු = හතවික්ඛිත්ත ය, කාකපාදාකාර ආයුධයකින් පහර දී පෙර කියන ලද නයින් විසුරුවන ලද මළසිරුරට මේ නමකි. ලේ ගලයි. විසිරෙයි. ඔබ මොබ ද වැගිරෙයි යනු = ලෝහිතකය, වැගිරෙන ලේ තැවරුණු මළ සිරුරට මේ නමකි. කෘමීහු පුළව යැයි කියනු ලබත්. පණුවන් වැගිරේනුයි = පුළවකය, කෘමීන් පිරුණු මළසිරුරට මේ නමකි. ඇට ම = අට්ඨිකය, පිළිකුල් හෙයින් හෝ නින්දිත වූ ඇට යනු = අට්ඨිකය, ඇටසැකිල්ලට ද එක් ඇටයකට ද මේ නමකි. උද්ධුමාතකාදී මේවා නිසා උපන් නිමිතිවලටද නිමිතිවලින් ලබන ලද ධ්යානයන්ට ද මේ නාමයෝම වෙති.
එහි උද්ධුමාතක නිමිත්තෙහි අර්පණා වශයෙන් උපන් සංඥාව උද්ධුමාතක සංඥාවයි. ඒ උද්ධුමාතක සංඥාවේ සම්ප්රයෝගාර්ථ සහගත වූයේ උද්ධුමාතක සඤ්ඤා සහගත, විනීලක සඤ්ඤා සහගත ආදීන්හි ද මේ නයමය. මෙහිදී වනාහි යම් භාවනා විධානයක් කිවයුතු වන්නේ ද, එය සර්වාකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. පාළි වර්ණනාව යට කියන ලද නයින්ම දතයුතුයි. හුදෙක් මෙහි වනාහි චතුර්ථ ධ්යාන වශයෙන් උපේක්ෂා බ්රහ්ම විහාරයෙහි මෙන් ප්රථම ධ්යාන වශයෙන් එක එකේ ඒකකයෝ පස්විස්සක් වෙත්. අශුභාරම්මණය ද නොවඩනා හෙයින් පරිත්ත වූ උද්ධුමාතක ස්ථානයෙහි උපන් නිමිත්ත පරිත්තාරම්මණය මහත් වූ ස්ථානයෙහි අප්පමාණාරම්මණය දතයුතුයි. සෙසු තැන්හි ද මේ නයමය.
ඉති අසුභානි සුභගුණො දසසත ලොචනෙන ථුතකිත්ති
යානි අවොච දසබලො එකෙකජ්ඣාන හෙතුති
යානි අවොච දසබලො එකෙකජ්ඣාන හෙතුති
එවං පාළිනයෙනෙව තාව සබ්බානි තානි ජානිත්වා
තෙස්වෙව අයං භිය්යො පකිණ්ණක කථාපි විඤ්ඤෙය්යා
තෙස්වෙව අයං භිය්යො පකිණ්ණක කථාපි විඤ්ඤෙය්යා
ශුභගුණ ඇති සක්දෙව් රජුන් විසින් ස්තුති කරන ලද කීර්ති ඇති දශබල වූ භාග්යවතුන් වහන්සේ මෙසේ අශුභ වූ යම් එක් එක් ධ්යාන හේතුන් වදාළ සේක් ද,
මෙසේ පළමුකොට ඒ සියල්ල පාළි නයින්ම දැන ඔවුනතුරෙහිම වූ මේ ප්රකීර්ණක කථාව ද බොහෝසෙයින් දතයුතුයි.
මේ අතුරෙහි යම්කිසි අරමුණක් අධිගම කරන ලද ධ්යාන ඇති පුද්ගලයා මනාව විෂ්කම්භනය කරන ලද රාග ඇති හෙයින් වීතරාගියකු මෙන් ලොල්නොවූ පැවතුම් ඇත්තේ වෙයි. මෙසේ ඇති කල්හිදු යම් ඒ අශුභ භේදයක් කියන ලද ද එය ශරීර භාවයට පැමිණීම් වශයෙන් ද රාගචරිත භේද වශයෙන් දැයි දතයුතුයි.
මළසිරුර වනාහි පිළිකුල් බවට පැමිණෙන්නා වූ හෝ ඉදිමීම් ස්වභාවයට පැමිණියේ හෝ වන්නේ ය. විනීලකාදී එක්තරා ස්වභාවයකට පැමිණි හෝ වෙයි. මෙසේ යම් යම් ආකාර මළසිරුරු ලබන්නට හැකි වේද, එබඳු එබඳු උද්ධුමාතක පටික්කූලය විනීලක පටික්කුලය යැයි මෙසේ නිමිත්ත ගතයුතුම යැයි ශරීර ස්වභාවයන්ට පැමිණීම් වශයෙන් අශුභ ප්රභේදය දශ ආකාරයකින් කියන ලදැයි දතයුතුයි.
මෙහි ද විශේෂයෙන් උද්ධුමාතකය ශරීර සටහන පිළිබඳ විපත්තිය ප්රකාශ කරන හෙයින් ශරිර සටහනට ඇලීම කරන්නාට සත්ප්රාය වේ. විනීලකය ඡවි වර්ණයේ විපත්තිය ප්රකාශ කරන හෙයින් ශරීර වර්ණයට ඇල්ම කරන්නාට සත්ප්රාය වේ. විපුබ්බකය කායවර්ණය පිළිබඳ දුගඳ බව ප්රකාශ කරන හෙයින් මාලාගන්ධාදී වශයෙන් ඉපිද වූ ශරීර ගන්ධයට ඇල්ම කරන්නාට සත්ප්රාය වේ. විච්ඡිද්දකය ඇතුළත සිදුරු බව ප්රකාශ කරන හෙයින් ශරීරයෙහි ඝනභාවයට ඇල්ම කරන්නාට සත්ප්රාය වේ. වික්ඛායිතකය එක්රැස්කිරීම් සම්පත්තිය විනාශවීම ප්රකාශ කරන හෙයින් පියොවුරු ආදී ශරීර ප්රදේශයන්හි මස් රැස්වීමෙහි ඇල්ම ඇත්තාට සත්ප්රාය වේ. වික්ඛිත්තකය අංග ප්රත්යංන්ගේ වික්ෂේපය ප්රකාශ කරන හෙයින් අංග ප්රත්යාංග විලාසයෙහි ඇල්ම ඇත්තාට සත්ප්රාය වේ. හතවික්ඛිත්තකය ශරීර සම්බන්ධය බිඳීමෙන් විකාරය ප්රකාශ කරන හෙයින් ශරීර සම්බන්ධ සම්පත්තියෙහි ඇල්ම ඇත්තාට සත්ප්රාය වේ. ලෝහිතකය ලේ තැවරීමෙන් වන පිළිකුල් බව ප්රකාශකරන හෙයින් අලංකාරයෙන් හටගන්නා ශෝභාවට ඇල්ම කරන්නාට සත්ප්රාය වේ. පුළවකය ශරීරය නොයෙක් කෘමි කුලයන්ට සාධාරණ බව ප්රකාශ කරන හෙයින් කයෙහි මමත්වය ඇල්ම කරන්නාට සත්ප්රාය වේ. අට්ඨිකය ශරිරයෙහි ඇට පිළිබඳ පිළිකුල් බව ප්රකාශ කරන හෙයින් දන්ත සම්පත්තියෙහි ඇල්ම කරන්නාට සත්ප්රාය වේ යැයි මෙසේ රාග චරිත වශයෙන් ද අශුභ ප්රදේශය දශාකාරයකින් කියන ලදැයි දතයුතුයි.