අභිභායතනකථා
මෙසේ අටකසිණයන්හි රූපාවචර කුසලය විස්තර කොට දැන් යම්හෙයකින් සමාන වූ අරමුණෙහි ද භාවනාව පිළිබඳ අසමානතා නිසා මේ අටකසිණයන්ගේ අභිභායතන නම් වූ වෙනත් රූපාවචර කුසල් පවතී ද, එහෙයින් එය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන් ගන්නා ලදී. එහි අජ්ඣත්තං අරූපසඤ්ඤී යැයි නොලැබෙන හෙයින් හෝ හෝ නොමැති හෙයින් හෝ ආධ්යාත්ම රූපයෙහි පරිකර්ම සංඥා විරහිතය. බහිද්ධා රූපානි පස්සති යනු බාහිර අටකසිණයන්හි පරිකර්ම කරන ලද හෙයින් පරිකර්ම වශයෙන් ද අර්පණා වශයෙන් ද ඒවා බාහිර අටකසිණයන්හි රූප දකී. පරිත්තානි යනු නොවැඩුණු, තානි අභිභුය්යා යනු යම්සේ බඩගිනි ඇතිතෙක් හැන්දක් පමණ බත් ලැබ කිම මෙහි අනුභව කළයුත්තකුත් ඇත්දැයි එකතු කර එකම පිඩක් කරයිද, මෙපරිද්දෙන් ඥානයෙන් උසස් ප්රකට ඥානයෙන් යුත් පුද්ගලයා කිම මේ අල්ප වූ අරමුණෙහි සමවැදිය යුත්තක් ඇද්ද, මෙය මට බරක් නොවේයැයි ඒ රූපයන් අභිබවා සමවදී ද, නිමිත්ත ඉපිදවීමක් සමගම මෙහි අර්පණාව උපදවන්නේය යන අර්ථයි. ජානාධි පස්සාමි යන මෙයින් ඔහුගේ පූර්වභාගය කියන ලදී. ආගමට්ඨ කථාවන්හි වනාහි මෙයින් වනාහි මොහුගේ සිතා බැලීම කියන ලදී. එයද වනාහි සමවතින් නැගී සිටියහුටය සමාපත්තිය තුළ සිටියහුට නොවේ’ කියන ලදී.
අප්පමාණානි යනු වඩනා ලද ප්රමාණයෝ ය. අභිභුය්ය යනු මෙහි වනාහි බොහෝ අනුභව කරන පුරුෂයෙක් යම්සේ එක් බත් පංගුවක් ලැබ තරමක් දෙන්න මෙය මට කුමකටදැයි එය මහත් සේ නොදකී ද, මෙපරිද්දෙන් උසස් ඥානයෙන් යුත් ප්රකට ඥානයෙන් යුත් පුද්ගලයා මෙහි කුමක් සමවැදිය යුත්තේ ද මෙය මට අප්රමාණ නොවේ සිත එකඟ කරගැනීමේ බරකුත් ඇත්දැයි ඒවා අභිබවා සමවදී ද, නිමිත්ත ඉපදීමක් සමගම මෙහි අර්පණාව උපදී යන අර්ථයි.
පරිත්තං පරිත්තාරම්මණං අප්පමාණං පරිත්තාරම්මණං යන මෙහි පරිත්තානි යැයි ආ හෙයින් අප්රමාණ ආරම්මණ බව නො ගන්නා ලදී. පරව අප්පමාණානි යැයි ආ හෙයින් පරිත්තාරම්මණ බව ද නො ගන්නා ලදී. අට්ඨකථාවෙන් වනාහි මෙසේ කියන ලදී. ‘මෙතැන දී අරමුණු සතර සතර බැගින් නොගෙන දෙක දෙක බැගින්ම ගන්නා ලදී. කවර හේතුවක් නිසාද? සතර බැගින් ගත්කල්හි වනාහි දේශනා සෝළසවාරික වෙයි. ශාස්තෲන් වහන්සේ විසින් ද යට පැදුරෙහි වනන්නාක් මෙන් සෝළසවාරික දේශනා විස්තර වශයෙන් දේශනා කරන ලදී. එය මෙතැනදී අටවරක් දේශනා කිරීම අදහසයි. එහෙයින් දෙක දෙක බැගින් ගන්නා ලදැයි දතයුතුයි.
‘සුවණ්ණ දුබ්බණ්ණානි’ යනු පිරිසිදු අපිරිසිදු වර්ණයෝ ය. පාරිශුද්ධ වර්ණයෝ වනාහි නීලාදී මනා වර්ණයෝ ය. අපරිශුද්ධ වර්ණයෝ නම් දුර්වර්ණයෝ යැයි මෙහි අභිප්රේතයහ. ආගමට්ඨ කථාවන්හි වනාහි ‘මනාවර්ණ වේවා දුර්වර්ණ වේවා මේ අභිභායතන පරිත්ත අප්රමාණ වශයෙන්ම දේශනා කරන ලදී’ යැයි කියන ලදී. මේ සතරෙහි වනාහි පරිත්තාරම්මණය විතර්කචරිත වශයෙන් ආයේය. අප්රමාණාරම්මණය මෝහචරිත වශයෙන් ආයේය, ස්වරණය ද්වේෂ චරිත වශයෙන් ආයේය. දුර්වර්ණය රාගචරිත වශයෙන් ආයේය. මොවුන්ට වනාහි මේවා සත්ප්රාය තමි. ඔවුන්ගේ ඒ සත්ප්රායතාව විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයෙහි චරියා නිර්දේශයෙහි කියන ලදී.
කවර හෙයකින් වනාහි සූත්රාන්තයෙහි යම්සේ ‘අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි’ යන ආදිය දේශනා කරන ලද ද? මෙහිදී එසේ දේශනා නොකොට අභිභායතන සතරෙහි ද ආධ්යාත්ම රූපසංඥතාව දේශනා කරන ලදද යනුයි. ආධ්යාත්ම රූපයන් අනභිභවනීය හෙයිනි. එහි හෝ මෙහි වනාහි බාහිර රූපයෝම අභිභවනය කළයුත්තෝය, එහෙයින් ඔව්හු නියම වශයෙන් කිවයුත්හයි එහිත් මෙහිත් කියන ලදහ. අජ්ඣත්තං රූපසඤ්ඤී අරූපසඤ්ඤී යන මෙය වනාහි ශාස්තෲන් වහන්සේගේ දේශනා විලාසමාත්රයක්මය. මේ වනාහි සතර අභිභායතනයන්හි අපූර්පද වර්ණනාවයි. මෙහි ශුද්ධික නය ප්රතිපදා භේදය වනාහි පඨවි කසිණයෙහි කියන ලද නයින්ම එක් එක් අභිභායතනයෙහි දී දතයුතුයි. හුදෙක් මෙහි වනාහි ආරම්මණ චතුෂ්කය හා ආරම්මණ දුකය ද වෙයි. සොළසක්ඛත්තු කය ද අට්ඨක්ඛතුකය ද වෙයි. සෙස්ස එබඳුමය. මෙසේ මෙහි එක් එක් අභිභායතනයෙක්හි සුද්ධිකනවක එකකි. පටිසම්භිදානවක සතරෙකි. ආරම්මණ නවක දෙකකි. ආරම්මණ පටිපදා මිස්සකයෙහි නවක අටකැයි නවක පසළොසක් දැ (අභිභායත) සතරෙහි සම සැටක් නවක දතයුතුයි.