කම්මපථසංසන්දනකථා
දැන් මෙතැන්හි කර්මපථ සන්සන්දනය නමැයි දතයුතුයි. පංච ස්පර්ශද්වාර වශයෙන් උපන් අසංවර සිත අකුශලය (කර්මයම වෙයි. මනෝ ස්පර්ශද්වාර වශයෙන් උපන්නේ තුනම) කර්මම වෙයි. කාය ද්වාරයෙහි චලනයට පැමිණී එය වනාහි අකුශල කාය කර්මය වෙයි. වචී ද්වාරයෙහි අකුශල වාක් කර්මය, දෙපසම චලනයට නොපැමිණියේ අකුශල මනෝක්රමය වෙයි. පංච අසංවර ද්වාර වශයෙත් උපන්නේ ද අකුශල මනෝකර්ම ම වෙයි. චෝපනාකාය අසංවරද්වාර වශයෙන් උපන්නේ අකුශල කායකර්ම ම වෙයි. චාචා මනෝ අසංවරද්වාර වශයෙන් උපන්නේ අකුශල වචීකර්ම ම වෙයි. මනෝ අසංවර ද්වාර වශයෙන් උපන්නේ අකුශල මනෝකර්මය ම වෙයි. ත්රිවිධ කාය දුශ්චරිතය අකුශල කාය කර්මය ම වෙයි. චතුර්විධ වාග් දුශ්චරිතය අකුශල චචීකර්ම ම වෙයි ත්රිවිධ මනෝ දුශ්චරිතය අකුසල මනෝකර්ම ම වෙයි.
පංචස්පර්ශ වශයෙන් සංවරය කුශල මනෝකර්ම ම වෙයි. මනෝ ස්පර්ශ ද්වාර චශයෙන් උපන් මෙය ද වනාහි අසංවරය මෙන් කර්ම තුනම වෙයි. පංච සංවරද්වාර වශයෙත් උපන්නේ ද කුශල මනෝකර්මය ම වෙයි. චෝපන කාය සංවරද්වාර වශයෙන් කුශලය කායකර්ම ම වෙයි. වාක් සංවර ද්වාර වශයෙන් උපන් කුශලය වචීකර්ම ම වෙයි. මනෝසංවර ද්වාර වශයෙන් උපන් කුශලය මනෝකර්ම ම වෙයි. ත්රිවිධ කාය සුචරිතය කුශල කාය කර්ම ම වෙයි චතුර්විධ වාක් සුචරිත කුශලය වාක් කර්ම ම වෙයි. ත්රිවිධ මනෝ සුචරිත කුශලය මනෝකර්මය ම වෙයි.
අකුශල කාය කර්මය පංච ස්පර්ශද්වාර වශයෙන් නූපදී. මනෝ ස්පර්ශද්වාර වශයෙන් උපදී. අකුශල වාක් කර්මය ද එසේය. අකුශල මනෝකර්මය වනාහි ෂට් ස්පර්ශද්වාර වශයෙන් උපදී. එය කායවාක් ද්වාරයන්හි චලනයට පැමිණියේ අකුශල කාය වාක් කර්ම වෙයි. චලනයට නොපැමිණියේ අකුශල මනෝකර්මයම වෙයි. යම්සේ මෙසේ ස්පර්ශද්වාර වශයෙන් ද මෙසේ පංච අසංවරද්වාර වශයෙන් ද අකුශල කායකර්මය නූපදී ද, නමුත් චෝපන කාය අසංවර ද්වාර වශයෙන් වනාහි වාක් අසංවර ද්වාර වශයෙන් ද උපදී. මනෝ අසංවර ද්වාර වශයෙන් නූපදී. (අකුශල චචී කර්මය ද පංච අසංවර ද්වාර වශයෙන් නූපදී. චෝපනකායවාචා අසංවර ද්වාර වශයෙන් උපදී. මනෝ අසංවර ද්වාර වශයෙන් නූපදී. අකුශල මනෝ කර්මය) අෂ්ට අසංවර ද්වාර වශයෙන් ද උපදීමය. කුශලකාය කර්මාදීන්හි ද මේ නයමය.
මේ වනාහි වෙනස්ය. යම්සේ අකුසල කායකර්ම වචී කර්මයෝ මනෝ අසංවර ද්වාර වශයෙන් නූපදිත් ද මොව්හු එසේ නොවෙත්. මොව්හු වනාකි කායාංග වාචාංගයන් චලනය නොකොට ශික්ෂාපද ගන්නාහුගේ මනෝ සංවර ද්වාරයෙහි ද උපදිත්මය. එහි කාමාවචර කුශල සිත ත්රිවිධ කර්මද්වාර වශයෙන් උපදී. පංචවිඥානද්වාර වශයෙන් නූපදී. එය චක්ෂු ස්පර්ශ ප්රත්යයෙන් උපදීග විඳිය යුතු සුඛ දුඃඛ අදුඃක්ඛමසුඛ යන මේ නමින් ෂට් ස්පර්ශද්වාර වශයෙන් උපදී. අෂ්ට අසංවරද්වාර වශයෙන් නූපදී. අෂ්ට සංවරද්වාර වශයෙන් උපදී. දශ අකුශල කර්මපථ වශයෙන් නූපදී. දශකුශල කර්මපථ වශයෙන් උපදී. එහෙයින් මේ සිත ද ත්රිවිධ කර්මද්වාර වශයෙන් හෝ උපන්නේ වෙයි. ෂට් ස්පර්ශද්වාර වශයෙන් හෝ අෂ්ට අසංවරද්වාර වශයෙන් හෝ දශකුශල කර්මපථ වශයෙන් හෝ (උපන්නේ වෙයි) ‘කාමාවචර කුශල සිත උපන්නේ වෙයි. -පෙ- රූපාරම්මණය හෝ -පෙ- ධර්මාරම්මණය හෝ’ යැයි කී කල්හි සියල්ල කියන ලද්දේම වෙයි.
ද්වාර කථා නිමියේ ය.
යං යංවා පන ආරබ්භ යන මෙහි මේ යෝජනාවයි යටකියන ලද රූපාරම්මණාදියෙහි රූපාරම්මණය හෝ අරබයා, අරමුණු කොට යන අර්ථයි. ශබ්දාරම්මණයක් හෝ -පෙ- ධර්මාරම්මණයක් හෝ අරබයා උපන්නේ වෙයි. මෙපමණකින් එක් සිතකට මේ ආරම්මණයන්හි යම්කිසි එකම අරමුණක් අනුදත් සමාන වෙයි. මෙය ද එක් අවස්ථාවෙක්හි එක් පුද්ගලයෙකුගේ හෝ රූපාරම්මණයක් අරබයා උපන්නේය. නැවත අන් සමයෙක්හි අන් පුද්ගලයෙකුගේ හෝ ශබ්දාදීන්හි එක්තරා අරමුණක් අරබයා උපදී. මෙපරිද්දෙන් උපදනා මොහුගේ එක් භවයෙක්හි පළමු, රූපාරම්මණය අරබයා පැවැත්ම වෙයි. පසුව ශබ්දාරම්මණය යැයි මෙය ද ක්රමයක් නැත. රූපාදීන්හි ද පළමුව නීලාරම්මණය පසුව පීතාරම්මණය යැයි මෙය ද නියමයක් නැත. මෙසේ මේ සියලු ආරම්මණයන්ගේ ද ක්රමභාවයත් ක්රමභාවයෙහි ද නීලපීතාදීන්හි නියම අභාවය දැක්වීමට යං යං වා පනාරබ්භ යැයි කී ය. මෙය (ද) කියන ලද්දේ වෙයි. මේ රූපාදියෙහි යම්කිසි එකක්ම නැත. ඉක්බිති යමක් යමක් අරබයා උපන්නේ වේ ද මෙසේ උපදනේ ද පළමුව රූපාරම්මණය පසුව ශබ්දාරම්මණය අරබයා යැයි මෙසේ ද නො ඉපිද යමක් යමක් හෝ අරබයා උපන්නේ වේ ද ප්රතිලෝම වශයෙන් හෝ අනුලෝම වශයෙන් එකක් හැර එකක් දෙකක් හැර එකක් ආදී නයින් හෝ රූපාරම්මණාදීන්හි යම් කිසිවක් අරමුණු කොට උපන්නේ වේ යනු අර්ථයි. රූපාරම්මණයෙහි ද පළමුව පළමුව නීලාරම්මණය පසුව පීතාරම්මණය යැයි යන මේ නියමයෙන් නො ඉපිද යමක් යමක් හෝ අරබයා නීලපීතාදී අරමුණුවල යම් ඒ රූපාරම්මණයක් අරබයා උපන්නේ වේ යනු අර්ථයි. ශබ්දාරම්මණාදියෙහි ද මේ නයමැයි. මේ වනාහි එක් යෝජනාවකි.
මේ අනෙකකි. රූපය අරමුණ වූයේ මොහුට නුයි රූපාරම්මණයි. -පෙ- ධර්මය අරමුණ වූයේ මොහුටනුයි ධම්මාරම්මණයි. මෙසේ රූපාරම්මණ හෝ -පෙ- ධර්මාරම්මණ වූ හෝ සිතක් උපන්නේ වේයැයි කියා නැවත ‘යමක් යමක් හෝ අරබයා වනාහි’ යැයි කීය. එහි අර්ථය මේ රූපාදියෙහි යට කියන ලද නයින්ම යමක් යමක් අරබයා උපන්නේ වෙයි යනුයි. මහා අට්ඨකථාවෙහි යමක් යමක් හෝ වේ නම් වනාහි එය අභිනව නැත. යට ගන්නා ලද්දම ගන්නා ලදැයි කියා රූපය හෝ අරබයා -පෙ- ධර්මය හෝ අරබයා මෙය හෝ මෙය අරබයා යැයි කියන්නට මෙය කියන ලදැයි මෙපමණක්ම ආයේය.