3. පඤ්ඤාවිමුත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි පඤ්ඤාය ච නං පජානාති යනු ප්‍රථමධ්‍යාන විදර්‍ශනා ප්‍රඥාවෙන් මනාව දනියි. මෙහි ද පරියාය නිප්පරියායයෝ මුල් ක්‍රමයෙන්ම දතයුත්තාහ. මෙහි යම්සේද මෙයින් මත්තෙහි ද එසේමය.
4. උභතොභාගවිමුත්ත සූත්‍ර වර්ණනාව
සිවුවැන්න ක්‍රම දෙකින් දතයුතුය. මෙහි ද උභතොභොගවිමුත්තො යනු දෙඅංශයෙන් සමථ විදර්‍ශනාවන්ට විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදුනේයි, අවසානයෙහි වනාහි සමාපත්තියෙන් රූපකායයෙන් ද ආර්‍ය්‍ය මාර්‍ගයෙන් නාමකායයෙන් ද මිදුනේම උභතොභාගවිමුත්ත යයි දතයුතුය.
5-10. සන්දිට්ඨිකධම්ම ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්න ආදියෙහි සන්‍දිට්ඨිකො යනු තෙමේම දැකිය යුතුවූයේයි, නිබ්බානං යනු කෙලෙස් නිවීමයි, පරිනිබ්බානං යනු එයටම අපරනාමයෙකි, තදඞ්ගනිබ්බානං යනු ප්‍රථමධ්‍යානාදියෙන් ඒ ඒ අංගයෙන් නිවීමයි. දිට්ඨධම්මනිබ්බානං යනු ඒ අත්බැව්හිදීම නිවීමයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දසවැනි මහා වර්‍ගයයි.
පළමු පණ්ණාසකය නිමියේයි.
2. දෙවැනි පණ්ණාසකය
මෙයින් අන්‍යවූවන්හි ඛෙමං යනු උවදුරු නැති බවයි. ඛෙමප්පත්තො යනු උවදුරු නැති බවට පැමිණියේයි, සික්‍ඛාදුබ්බල්‍යානි යනු ශික්‍ෂාවගේ දුර්‍වල බව කරන්නෝයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
මනොරථපූරණී අඞ්ගුත්තරනිකායට්ඨකථාවෙහි
නවක නිපාත වර්‍ණනාව නිමියේයි.