5. සාමඤ්ඤ වර්ගය
1. සම්බාධ සූත්ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි උදායී යනු කාළුදායි තෙරුණුවෝයි, අවිදා යනු දත්තේය, භූරිමෙධසො යනු මහ පැනවතායි, යො ඣානමබුද්ධා බුද්ධො යනු යමෙක් ධ්යානය අවබෝධ කළේ ද යනුයි. පතිලීනනිසභො යනු හුදෙකලාවීම් වශයෙන් තනිවූයේද උත්තමාර්ථයෙන් ශ්රේෂ්ඨවූයේ ද වේ. මුනි යනු බුද්ධ මුනිවරයායි, පරියායෙන යනු එක් කරුණකිනි, කාමසම්බාධයේ අභාවමාත්රයෙන්ම ප්රථම ධ්යානය ඔකාසාධිගමය නමි. සර්වප්රකාරයෙන් නොවේ. තත්රාපත්ථි සම්බාධො යනු ඒ ප්රථම ධ්යානයෙහි සම්බාධයක් පෙළීමක් ඇත්තේමය. එහි පත්ථි යනුද පාඨයි. කිඤ්ච තත්ථ සම්බාධො යනු ධ්යානයෙහි සම්බාධය නම් කුමක්ද? අයමෙත්ථ සම්බාධො යනු විතර්ක විචාරයන්ගේ මේ නිරුද්ධ නොවන බව සම්බාධයයි, පීඩාවයි ද නමි. මේ ක්රමයෙන් සියලු වාරයන්හි අර්ත්ථය දතයුතුය. නිප්පරියායෙන යනු එක් කරුණකින් නොවේ. ආශ්රව විනාශය නම් සියලු සම්බාධයන්ගේ දුරුකිරීම වන බැවින් සියල්ලෙන් සියල්ල එක් ඔකාසාධිගමයක් නමි.
2. කායසක්ඛී සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි යථා යථා ච තදායතනං යනු යම් යම් කරුණකින් යම් යම් නොකරුණකින් ඒ ප්රථම ධ්යාන සංඛ්යාත ආයතනය වෙයිද? තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති යනු ඒ ඒ කරුණින් ඒ ඒ නොකරුණින් ඒ සමවත එකට උපන් නාමකායයෙන් ස්පර්ශ කොට වාසය කරයි. සමවදීයයි අරුත්ය. කායසක්ඛි වුත්තො භගවතා පරියායෙන යනු යම් හෙයකින් ඒ නාමකායයෙන් ප්රථමධ්යානය ප්රත්යක්ෂ කළේ වේද එහෙයින් මේ කාරණයෙන් “කායසක්ඛි” යි කියන ලදි. නිප්පරියායෙන යනු යම්තාක් කයින් සාක්ෂ්ය කළයුතුද සියල්ල කළ බැවින් මෙය නිෂ්පරියායයෙන් කායසක්ඛි නමි.
3. පඤ්ඤාවිමුත්ත සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි පඤ්ඤාය ච නං පජානාති යනු ප්රථමධ්යාන විදර්ශනා ප්රඥාවෙන් මනාව දනියි. මෙහි ද පරියාය නිප්පරියායයෝ මුල් ක්රමයෙන්ම දතයුත්තාහ. මෙහි යම්සේද මෙයින් මත්තෙහි ද එසේමය.
4. උභතොභාගවිමුත්ත සූත්ර වර්ණනාව
සිවුවැන්න ක්රම දෙකින් දතයුතුය. මෙහි ද උභතොභොගවිමුත්තො යනු දෙඅංශයෙන් සමථ විදර්ශනාවන්ට විරුද්ධ ධර්මයන්ගෙන් මිදුනේයි, අවසානයෙහි වනාහි සමාපත්තියෙන් රූපකායයෙන් ද ආර්ය්ය මාර්ගයෙන් නාමකායයෙන් ද මිදුනේම උභතොභාගවිමුත්ත යයි දතයුතුය.
5-10. සන්දිට්ඨිකධම්ම ආදි සූත්ර වර්ණනා
පස්වැන්න ආදියෙහි සන්දිට්ඨිකො යනු තෙමේම දැකිය යුතුවූයේයි, නිබ්බානං යනු කෙලෙස් නිවීමයි, පරිනිබ්බානං යනු එයටම අපරනාමයෙකි, තදඞ්ගනිබ්බානං යනු ප්රථමධ්යානාදියෙන් ඒ ඒ අංගයෙන් නිවීමයි. දිට්ඨධම්මනිබ්බානං යනු ඒ අත්බැව්හිදීම නිවීමයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දසවැනි මහා වර්ගයයි.
පළමු පණ්ණාසකය නිමියේයි.
2. දෙවැනි පණ්ණාසකය
මෙයින් අන්යවූවන්හි ඛෙමං යනු උවදුරු නැති බවයි. ඛෙමප්පත්තො යනු උවදුරු නැති බවට පැමිණියේයි, සික්ඛාදුබ්බල්යානි යනු ශික්ෂාවගේ දුර්වල බව කරන්නෝයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
මනොරථපූරණී අඞ්ගුත්තරනිකායට්ඨකථාවෙහි
නවක නිපාත වර්ණනාව නිමියේයි.
නවක නිපාත වර්ණනාව නිමියේයි.