6. ආනන්ද සූත්ර වර්ණනාව
සවැන්නෙහි සම්බාධෙ යනු පඤ්චකාම ගුණයන්ගෙන් වන සම්බාධයෙහියි, ඔකාසාධිගමො යනු අවකාශය (අවස්ථාව) වැටහීමයි, සත්තානං විසුද්ධියා යනු සත්ත්වයන්ගේ පවිත්රත්වයට පැමිණීමටයි, සමතික්කමාය යනු ඉක්මවීම සඳහායි, අත්ථගමාය යනු බැසයාම (අස්තයට යාම) සඳහායි, ඤායස්ස අධිගමාය යනු විදසුන් සහිත මාර්ගය අවබෝධ කිරීම සඳහායි, නිබ්බානස්ස සච්ඡිකිරියාය යනු අප්රත්යය වූ නිර්වාණය ප්රත්යක්ෂ කිරීම සඳහායි, තදෙව නාම චක්ඛුං භවිස්සති යනු ප්රසාද චක්ෂුස නොබිඳුනේ වන්නේය, තෙ රූපා යනු ඒ රූපාරම්මණයම ආපාථයට එන්නේය, තඤ්චායතනං නො පටිසංවෙදිස්සති යනු ඒ රූපායතනය නොදන්නේය, සෙසු තන්හි ද මේ ක්රමයමයි.
උදායී යනු කාළුදායි තෙරණුවෝයි. සඤ්ඤිමෙව නුඛො යනු සිත් සහිත වූයේම නොවේද? මකාරය පදසන්දි මාත්රයකි. කිංසඤ්ඤී යනු කවර සංඥාවකින් සංඥා ඇත්තේ වීයි, සබ්බසො රූපසඤ්ඤානං යන මෙය හෙයින් ගත්තේද? කිම ප්රථමධ්යානාදියෙන් යුක්ත පුද්ගලයාට රූපාදිය විදීමක් වේද? නොවෙයි. යම්තාක් කසිණරූපය අරමුණු වෙයිද ඒතාක් රූපය ඉක්මවන ලද්දේ නම් නොවෙයි. එය නොයික්මවනලද බැවින් ප්රත්යය වීමට හැක්කේය. ඉක්මවන ලද බැවින් එය නැත නම් වෙයි. නැති බැවින් ප්රත්යය වීමට නොහැක්කේයයි දැක්වීමට මෙයම ගත්තේය.
ජටිලගාහියා යනු ජටිලගහ නුවර වසන්නී, න වාභිණතො යනාදියෙහි රාග වශයෙන් න අභිණතො (නො නැමුණේයි). ද්වෙශ වශයෙන් න අපනතො (ඉවත් නොවූයේ) යි. මෙහෙයවීම් සහිතව, ප්රයෝග සහිතව කෙලෙසුන් නිගන්වා වළහා නොසිටියේ, කෙලෙසුන් විනාශ වූ අන්තයෙහි උපන්නේනුයි න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො නමි, විමුත්තත්තා ඨිතො යනු පිහිටි බැවින්ම සතුටු වූයේ නම් වෙයි, සන්තුසිත්තතා නො පරිතස්සති යනු සතුටු වූ බැවින්ම බියට නොපැමිණෙයි, අයමහන්තෙ ආනන්ද සමාධි කිං එලො යන මෙයින් තෙරණිය තල්ගෙඩියක් ගෙන මේ ඵලය කවර ඵලයක් නම්දැයි අසමින් මෙන් රහත් ඵලසමාධිය ගෙන ස්වාමිනි ආනන්දය, මේ සමාධිය කවර ඵලයක්යයි භාග්යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේදැයි ඇසයි. අඤ්ඤාඵලො වුත්තො යනු අඤ්ඤා යනු රහත් බවයි. මෙය අරහත්ඵලසමාධියයි භාග්යවතුන් වහන්සේ විසින් කියන ලදැයි අරුත්ය. එවං සඤ්ඤීපි යනු මේ අරහත්ඵල සංඥාවෙන් සංඥා ඇත්තේ ද එම ආයතනය නොවිඳින්නේ යයි මෙසේ මේ සූත්රයෙහි අරහත්ඵල සමාධිය කියන ලදි.
7. ලොකායතික බ්රාහ්මණ සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි ලොකායතිකා යනු ලොකායතය කියන්නෝයි, සත්තං යනු හැම කල්හියි, සමිතං යනු නිරතුරුවයි, තිට්ඨතෙතං යනු මෙය තිබේවා! මෙය තහවුරු නොකරවු. තොපට මින් කවර අර්ත්ථයක්ද? ධම්මං වො බ්රාහ්මණා දෙසිස්සාමි යනු මම තොපට සිවුසස් දහම දෙසන්නෙමි.
දළ්හධම්මො යනු දැඩි දුන්නක් ගෙන සිටියේයි, ධනුග්ගහො යනු දුනුවායායි, දළ්හධනු නම් දෙදහසක් ථාම යයි කියනු ලැබේ. දෙදහසක් ථාමය (ශක්තිය) නම් නංවනලද යම් දුන්නක දුනුදියෙහි බඳනාලද ලොහො ඊයම් ආදියේ බර දණ්ඩෙහි ගෙන පොළොවෙන් ගෙල පමණ දක්වා විසිකොට මුදයි ද (එම ශක්තියයි). සික්ඛිතො යනු දස දොළොස් වසරක් ආචාර්ය්ය කුලයෙහි උගන්නා ලද ශිල්ප ඇත්තේයි, කතහත්ථො යනු එකෙක් ශිල්පයම උගනියි, කෘතහස්ත නොවෙයි. මේ කෘතහස්ත නම් පුරුදු පුහුණු කරන ලද බවයි. කතුපාසනො යනු රජගෙවල් ආදියෙහි දක්වන ලද ශිල්ප ඇත්තේයි. ලහුකෙන අසනෙන යනු ඇතුළත සිදුරුකොට පුඑන් ආදියෙන් පුරවා කරනලද ලක්ෂ්යය පිරියම් කිරීම් ඇති (කරන ලද ලතු පිරියම් ඇති?) සැහැල්ලු හෙලෙනි. මෙසේ කරනලද එක් උසභයක් ගමන්කරන සුලු වූයේ උසභ දෙකක් යයි. -පෙ- උසභ අටක් ගමන්කරනසුලු වූයේ සොළොස් උසභයක් යයි. අප්පකසිරෙන යනු නිදුකිනි, අතිපාතෙය්ය යනු ඉක්මවන්නේය, මෙය කියන ලද්දේ වෙයි. යම්සේ ඒ දුනුවායා වියත් සතරඟුල් වූ සෙවනැල්ල ඉක්මණින්ම ඉක්මවයිද එසේ සියලු සක්වළ ඉක්මණින් ඉක්මණින් ඉක්මවන සමත්කම් ඇති පා ජවයෙන් යුක්ත වූයේයි සන්ධාවනිකායා යනු පයින් දිවීමෙනි, එවමාහංසු යනු මෙසේ කියත්.