3. මහාකොට්ඨිත සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි දිට්ඨධම්මවෙදනීයං යනු මෙම ආත්මභවයෙහිදීම විපාකදෙන කර්මයයි, සම්පරායවෙදනීයං යනු දෙවැනි අත් බවෙහි විපාක දෙන කර්මයයි, සුඛවෙදනියං යනු සුව වේදනා දෙන කර්මයයි, දුක්ඛවෙදනියං යනු දුක් වේදනා දනවන කර්මයයි, පරිපක්කවෙදනියං යනු ලැබූ විපාක වාරයයි, අපරිපක්කවෙදනියං යනු නොලද විපාක වාරයයි, බහුවෙදනියං යනු බොහෝ විපාක දෙන්නාවූයි, අප්පවෙදනියං යනු බොහෝ විපාක නොදෙන්නා වූයි, අවෙදනියං යනු විපාක වේදනාව නොදෙන්නාවූයි, මේ සූත්රයෙහි සසර හා නිවන කියනලදි.
4. සමිද්ධි සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි සමිද්ධි යනු ආත්මභාව සමෘද්ධවීම නිසා මෙසේ ලබන ලද නම ඇති, තෙරුන් සමග වෙසෙන තෙරනමකි. කිමාරම්මණා යනු කවර ප්රත්යයෝද? සඞ්කප්පවිතක්කා යනු සංකල්ප වූ විතර්කයෝයි, නාමරූපාරම්මණා යනු නාමරූප ප්රත්යයෝයි, මෙයින් අරූපස්කන්ධ සතර ද මහාභූතයන්ගේ උපාදාය රූප ද විතර්කයන්ගේ ප්රත්යය යි දක්වයි, ක්ව නාතත්තං ගච්ඡන්ති යනු කවර තැනක විවිධ ස්වභාවය ඇති බවට - විවිධත්වයට යත්ද? ධාතුසු යනු රූප ධාතු ආදීන්හි රූපවිර්තය එකෙකි ශබ්දවිතර්කාදීහු (එයින්) වෙනස් වූවෝය. ඵස්සසමුදයා යනු එක්ව යෙදුනු ස්පර්ශ ප්රත්යයෙනි, වෙදනාසමොසරණා යනු තුන්වේදනා එක්වීමයි, පෙමණකින් කුශල අකුශල මිශ්රකයෝ කියනලදය. සමාධිපමුඛා යනාදීහු ක්ෂයවීමේ පක්ෂයෙහි වූවෝයි දතයුත්තාහ. එහි පෙරදැරිවීමේ අරුතින් හෝ දෙටුවීමේ අරුතින් සමාධිය ප්රමුඛවූයේ මොවුන්ගේනුයි සමාධිපමුඛා නමි. ජ්යෙෂ්ඨ කාරණය යන අර්ත්ථයෙන් සිහිය අධිපතිවූවෝ මොවුන්ගේනුයි සතාධිපතෙය්යා නමි. ශ්රේෂ්ඨ වූ මාර්ගප්රඥාව මොවුන්ගේනුයි පඤ්ඤුත්තරා නමි. ඵලවිමුක්තියට පැමිණ හරයට පැමිණියාහු වෙත්නුයි විමුත්තිසාරා නමි. අරමුණු වශයෙන් අමා නිවනට බැස එහි පිහිටියාහුයි අමතොගධා නමි, තෙන ච මා මඤ්ඤී යනු එම විසඳීමෙන් මම අගසවු විසින් ප්රශ්න ඇසූවිට විසඳීමියි මානයක් හෝ ගර්වයක් නොකළේය.
5-6. ගණ්ඩොපම ආදි සූත්ර වර්ණනා
පස්වැන්නෙහි අවුරුදු තුනහතරක් වස්සගණ නමි. මොහුට නොයෙක් වර්ෂගණයෝ උපන්නාහුයි අනෙකවස්සගණිකො නමි. තස්සස්සු යනු ඔහුට වන්නාහුය, අභෙදනමුබානි යනු කිසිවකු විසින් බිඳ කරන ලද දේ නොව හුදෙක් කර්මයෙන්ම හටගත් වණමුඛයෝයි, ජෙගුච්ඡියඤ්ඤෙව යනු පිළිකුල් කටයුත්තක්මය, පිළිකුලක්මය, චාතුම්මහාභූතිකස්ස යනු සතර මහා භූතයන්ගෙන් නිමවුණු, ඔදනකුම්මාසුපච්චයස්ස යනු බතින් මෙන්ම කොමුයෙන් රැස්වූ, වැඩුණුයි, අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසනධම්මස්ස යනු වී නැතිවීමේ අර්ත්ථයෙන් අනිත්ය ස්වභාවය ඇති දුගඳ නසනු සඳහා නොයෙක් විලවුන්වලින් ඇතිල්ලීමේ ස්වභාවය ඇති අඟපසඟවල ආබාධ දුරුකරනු සඳහා පිරිමැදීමෙන් පිරිමදින ස්වභාවය ඇති, කුඩාකල හෝ කළවාවල (ඇකයෙහි) නිදිකරවා කුසතුළ විසීමෙන් නොමනාව පිහිටි ඒ ඒ අඟපසඟ සකසනු සඳහා අඳුන් පෙළීම් ආදී වශයෙන් පිරිමඬනා ස්වභාවය ඇති, මෙසේ පරිහරණය කරන ලද්දේ වුව ද බිඳීම් විනාශවීම් ස්වභාවය ඇත්තාගේයි. බිඳෙන විසිරෙන ස්වභාවය ඇත්තාගේ යන අර්ත්ථයයි. මෙහි ද අනිත්ය පදයෙන් මෙන්ම භෙදනවිද්ධංසන පදයන්ගෙන් ද ඔහුගේ බැසයාම (විනාශවිම) කියනලදි. සෙසු පදවලින් හටගැනීමයි, නිබ්බින්දථ යනු උකටලී වෙමු. මේ ශරීරය අත්හරිවුයි දක්වයි. මෙසේ මේ සූත්රයෙහි බලවත් විදර්ශනාව කියන ලදි. සවැන්න කියනලද ක්රමය ඇත්තේමය. මෙහි ප්රඥා ශීර්ෂයෙන් ඥානයම කියන ලදි.
7. කුලොපගමන සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි න මනාපෙන පච්චුට්ඨෙන්ති මනවැඩීමෙන් මන බඳනා අයුරින් අසුනෙන් නැඟිට පෙරගමන් නොකරත්, න මනාපෙන අභිවාදෙන්ති පසඟ පිහිටුවීමෙන් නොවඳිත්, අසක්කච්චං දෙන්ති යනු අගෞරවයෙන් දෙත්, නො සක්කච්චං යනු සියතින් නොදෙත්, න උපනිසීදන්ති ධම්මසවණාය යනු දහම් අසන්නෙමුයි සමීපයෙහි නොහිඳිත්, න රසීයන්ති යනු සතුටු නොවෙත්. කළය මතුපිට වත්කළ දිය මෙන් පෙරලී යයි.
8. නවඞ්ගුපෝසථ සූත්ර වර්ණනාව
අටවැන්නෙහි වෙනෙය්ය (හික්මවිය හැකි) ජනයන්ගේ අදහස් වශයෙන් මෛත්රි භාවනාව බහා නවඞ්ගසමන්තාගත යයි කියනලදි.
9. දේවතා සූත්ර වර්ණනාව
නවවැන්නෙහි විප්පටිසාරිනියො යනු විපිළිසර බවට, වියවුල් බවට පැමිණියෙමු. හීනං කායං යනු මත්තෙහි දෙව්ලොව ගෙන යට පහත්යයි කියනු ලැබේ. නො ච ඛො යථාසත්ති යථාබලං සංවිභජිම්හ යනු තමන්ගේ ශක්තියට ද බලයට ද අනුරූප ලෙසින් සිල්වතුන් කොටස් කොට නොවැළදීමු.
10. වේලාම සූත්ර වර්ණනාව
දසවැන්නෙහි අපි නු තෙ ගහපති කුලෙ දානං දීයති යනු භාග්යවතුන් වහන්සේ මෙය භික්ෂු සංඝයාට දෙන දානය සඳහා නොවිමසන සේක. සිටුවරයාගේ නිවසෙහි භික්ෂු සංඝයාට නිබඳව ප්රණීත දානය දෙනු ලැබේ. එය ශාස්තෲන් වහන්සේ නොදන්නා සේක් නොවෙති. ලෞකික මහජනයාට දෙනු ලබන දානයක් ඇත. එය රළු වෙයි. සිටුවරයාගේ සිත නොපිණවෙයි. එය අසමැයි අසයි, කණාජකං යනු සහල් පොතෙන් සෑදු බතයි, සහල් පොතුවලින් ද සුන්සහලින් ද පිසූ බතයි, බිලඞ්ගදූතියං යනු කැඳ දෙවැනි කොට ඇත්තේයි. අසක්කච්චං දෙති යනු සත්කාර නොකොට දෙයි, අගෞරවයෙන් දක්ෂිණෙය්ය පුද්ගලයා කෙරෙහි අගෞරවයෙන් දෙයි, අසහත්ථා දෙති යනු සියතින් නොදී අනුන් අතින් දෙයි. ඇණවීම් පමණම කරයි යන අරුත්ය, අපවිද්ධං දෙති යනු නිරතුරුව නොදෙයි, අවුරුද්දකට වරක් ඇතිවන යමක් මෙන් වෙයි. අනාගමනදිට්ඨිකො දෙති යනු කර්මඵල අදහා නොදෙයි,