8-10. සජ්ඣපරිබ්බාජක ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි බුද්ධාදීන් පිළිබඳ ප්‍රත්‍යාඛ්‍යානය කියනලදි. නවවැන්නෙහි පෘථග්ජනයකු සමඟ ගත් බැවින් ආහුනෙය්‍යයි කියනලදි. දසවැන්නෙහි ගොත්‍රභූ යනු සෝවාන් මගට අනතුරු ප්‍රත්‍යය වූ මුදුන්පත් බලවත් විදසුන් සිතින් යුක්ත වූයේයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
පළමු සම්බොධ වර්‍ගයයි.
2. සීහනාද වර්ගය
1. සාරිපුත්ත සීහනාද සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි යෙන භගවා තෙනුපසඞ්කමි යනු ඉදින් ශාස්තෲන් වහන්සේ චාරිකාවෙහි යනු කැමති සේක් වන්නේද මෙ කල්හි එළඹෙන්නේය. මම චාරිකාවෙහි හැසිරීම සඳහා ශාස්තෲන් වහන්සේගෙන් අසමැයි සිතා බික්සඟන විසින් පිරිවරන ලද්දේ එළැඹියේය. ආයස්මා මං භන්තෙ යනු ඒ භික්ෂුව මහත් පිරිවරින් යන්නාවූ තෙරුන් දැක මේ භික්ෂුහු තථාගතයන් වහන්සේ අත්හැර සැරියුත් තෙරුන් පිරිවරා නික්මුණාහුය. මොහුගේ යාම නවත්වන්නෙමැයි නිකරුණෙහි කෝප බැඳ මෙසේ කීවේය. එහි ආසජ්ජා යනු ගටායි, අප්පටිනිස්සජ්ජ යනු ක්‍ෂමා නොකොට වරද නොදෙසායි, කවර කරුණක හෙතෙම ආඝාත බැන්දේද යත්? බුදුන්වහන්සේ වැඳ නැඟිට යන්නාවූ තෙරුන්ගේ සිවුරු කොණ ඔහුගේ සිරුර පැහැසීය. සුළඟ වැදුනේයයි ද කියත්. මෙපමණකින් වෛර බැඳ මහත් පිරිවරින් යන තෙරුන් දැක ඊර්‍ෂ්‍යා කරනු ලබන්නේ මොහුගේ ගමන සිඳින්නෙමැයි මෙසේ කීවේය. එහි ත්‍වං භික්ඛු යනු ශාස්තෘන් වහන්සේ එම භික්ෂුවගේ වචනය අසා සාරිපුත්‍රතෙමේ ඒ භික්‍ෂුවට නොපැහැරියයි කීවිට ස්වාමීනි නුඹවහන්සේ තමන්ගේ අග්‍රශ්‍රාවකයාගේ පැත්ත ගනිති මගේ පැත්ත නොවේයයි මා කෙරෙහි සිත දූෂ්‍ය කොට අපායෙහි උපදින්නේයයි දැන සැරියුත් තෙරුන් කැඳවා මෙකරුණ විමසන්නෙමැයි එක් භික්ෂුවක අමතා මෙසේ කී සේක. අවාපුරණං ආදාය යනු යතුරක් ගෙනයි, සීහනාදං යනු ශ්‍රේෂ්ඨ නාදයයි, ප්‍රමුඛනාදයයි, නොපැවැත්විය හැකි නාදයයි. මෙසේ මහතෙරවරුන් දෙදෙනා විසින් සැළකරනලද භික්ෂුසඞ්ඝයා රාත්‍රිස්ථාන දිවාස්ථානයන් අතහැර ශාස්තෲන් සමීපයට ගියේය. ඛියනධම්මං යනු කථාධර්‍මයයි,
ගුථගතං යනු ගූථයම (අසූචිය) ගූථගතං නමි. සෙසු තැන්හි ද ක්‍රමයමයි, පඨවිසමෙන යනු නොකිපෙන දූෂ්‍ය නොවන අර්‍ත්‍ථයෙන් පොළව සම වූයෙනි, පොළොව මාමත පිරිසුදු දේ හෙළතියි සොම්නස් නොවෙයි, අපිරිසුදු දෑ හෙළතියි දොම්නස් ද නොවේ. මගේ සිත ද එසේයයි දක්වයි. විපුලෙන යනු නොමඳ දෙයිනි, මහග්ගතෙන යනු මහත්බවට ගිය දෙයිනි, අප්පමාණෙන යනු වැඩුණු පමණිනි, අවෙරෙන යනු අකුසල වෛර පුද්ගල වෛර රහිත වූවෙනි, අව්‍යාපජ්ඣෙන යනු නිදුකිනි, පහවූ දොම්නසිනි, සො ඉධ යනු ඒ නොඑළඹසිටි කායානුපස්සනා සතිපට්ඨාන ඇති භික්ෂුව මෙසේ කරන්නේය. මාවැන්නෙක් කෙසේ මෙබඳු දෙයක් කරයිද ස්වාමීනියි පළමු සිංහනාදය නැඟීය. මෙසේ සියලු තැන යෙදීම දතයුතුය.