10. අධිකරණසමථ සූත්ර වර්ණනාව
දසවැන්නෙහි අධිකරණයන් සමනය කරත් සංසිඳවත්නුයි අධිකරණසමථා නමි. උප්පන්නුප්පන්නානං යනු උපන්නා වූ උපන්නාවූයි, අධිකරණානං යනු විවාදාධිකරණ අනුවාදාධිකරණ කිච්චාධිකරණ ආපත්තාධිකරණ යන මේ සතරේයි, සමථාය වූපසමාය යන සමනය කරනු සඳහා ද සංසිඳවනු සඳහා ද වේ. සම්මුඛාවිනයො දාතබ්බො -පෙ- තිණවත්ථාරකො යනු මේ සප්ත සමථයෝ දියයුත්තාහ. ඒවා විසඳන ක්රමය විනය වර්ණනාවෙන් ගතයුතුය. තව ද දීඝනිකායෙහි සංගීති සූත්ර වර්ණනාවෙහි ද විස්තර කරන ලද්දේමය. එසේ මජ්ඣිම නිකායෙහි සාමගාම සූත්රවර්ණනායෙහි ද වේ.
අටවැනි වූ විනයධර වර්ගයයි.
මෙයින් අන්ය වූ සූත්ර සත පැහැදිලි අරුත් ඇත්තේමය. මෙහි කිසිවක් යට නොකියන ලද ක්රමයක් නම් නොමැත.
මනොරථපූරණී නම්වූ අංගුත්තරනිකායට්ඨකථාවෙහි
සත්තක නිපාත වර්ණනාව නිමියේයි.
සත්තක නිපාත වර්ණනාව නිමියේයි.