8. අග්ගික්ඛන්ධොපම සූත්‍ර වර්ණනාව
අටවැන්න අර්ත්ථොත්පත්තියෙහි කියන ලදි. මෙහි අර්ත්ථොත්පත්තිය චූළච්ඡරාසංඝාත සූත්‍ර වර්ණනාවෙහි විස්තර කරන ලදි. පස්සථ නො යනු බලන්නහු නොවත්ද? ආලිඞ්ගිත්වා යනු වැළඳගෙනයි, උපනීසිදෙය්ය යනු සමීපයෙහි ඇසුරෙහි හිඳියි, උපනිපජ්ජෙය්ය යනු ලංවී නිදන්නේය, ආරොවයාමි යනු සැළකරමි, පටිවෙදයාමි යනු වටහාගෙන දන්වාගෙන කියමි, වාලරජ්ජුයා යනු අස් වලිග ගව වලිගවලින් ගෙතූ රැහැනෙනි, පච්චොරස්මිං යනු උරය මැදයි, ඵෙණුද්දෙහකං යනු පෙණ නංවා උපදවයි යන අරුත්ය, අත්තත්ථං යනු තමාගේ මෙලොව පරලොව ලෞකික ලෝකෝත්තර අර්ත්ථයයි, පරත්ථොභයත්ථ යන්නෙහි ද මේ ක්‍රමයමයි, මෙහි සෙසු යමක් කිවයුතු වන්නේ ද ඒ සියල්ල චූළච්ඡරාසංඝාත සූත්‍රයේ අර්ත්ථොත්පත්තියෙහි කියන ලද්දේය. මේ සූත්‍රය ද කියා ශාස්තෲන් වහන්සේ චූළච්ඡරාසංඝාත සූත්‍රය වදාළ සේක. නව වැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
10. අරක සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පරිත්තං යනු අල්පයකි, ටිකෙකි, රසයෙන් අඩු බැවින් ද ක්ෂණයෙන් අඩුබැවින් ද පැවැත්මෙන් අඩුබැවින් ද මදක්ම වේ. ඉක්මණින් ඉපිද ඇතිවන බැවින් ලහුසං නමි, මන්තාය බොද්ධබ්බං යනු මන්ත්‍රයෙන් වටහාගත යුතුය, නුවණින් දතයුතුයයි අරුත්ය. පබ්බතෙය්යා යනු පර්වතයෙන් හටගත්තාවූයි, හාරහාරිනි යනු ගස් බට උණ ආදීවූ ඉවත් කළයුතු දේ ඉවත්කිරීමට හැකිවූයි. සෙසු සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
සත්වැනි වූ මහාවර්ගයයි.
3. විනය වර්ගය
1. ප්‍රථම විනයධර සූත්‍ර වර්ණනාව
අටවැනි වර්ගයෙහි ප්‍රථම සූත්‍රයෙහි ආපත්තිං ජානාතී යනු ඇවතම ඇවැතැයි දනියි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.
2. දෙවෙනි විනයධර සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සවාගතානි යනු මනාව පැමිණියාවූයි, යහපත් සේ පුහුණු කරන ලද්දාවූයි, සුවිභත්තානි යනු කොටස් වශයෙන් මනාව බෙදන ලද්දාවූයි. සුප්පචත්තිනී යනු සිහිකළ සිහිකළ තන්හි මනාව පැවැත්තාවූයි, දැඩි සේ පුහුණු කරන ලද්දාවූයි, සුචිනිච්ඡිතානි යනු මනාව විසඳන ලද්දා වූයි, සුත්තසො යනු සූත්‍ර විභාග වශයෙනි, අනුව්යඤ්ජනසො යනු ඛන්ධක පරිවාර වශයෙනි.
3. තෙවෙනි විනයධර සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි විනයෙ ඛො පන ඨිතො හොති යනු විනය ලක්ෂණයෙහි පිහිටියේ වෙයි, අසංහීරො යනු ගන්නා ලද ගැනීම අත්හරවාලීමට නොහැක්කේ වෙයි.
9. සත්ථුසාසන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි එකො යනු නොදෙවැනි වූයේයි. වූපකට්ඨො යනු කයින් ද සමූහයාගෙන් සිතින් කෙලෙසුන්ගෙන් ද හුදෙකළාවූයේ වෙන්වූයේ දුරුවූයේයි, අප්පමත්තො යනු සිහියෙන් තොර නොවීමෙහි සිටියේයි, පහිතත්තො යනු අධිෂ්ඨාන පරවශවූයේයි, නිබ්බිදාය යනු භවයෙහි උකටලීවීම සඳහායි, විරාගාය යනු රාගාදියේ නොඇලීම සඳහායි, නිරොධාය යනු නොපැවැත්ම කරනු සඳහායි. වූපසමාය යනු කෙලෙස් සංසිඳීම සඳහායි, නොපැවැත්ම සඳහායි, අභිඤ්ඤාය යනු තිලකුණට නඟා මනාව දැනීම සඳහායි, සම්බොධාය යනු මාර්ගය නමැති සම්බෝධිය සඳහායි, නිබ්බානාය යනු නිවන පසක් කරනු සඳහායි.
10. අධිකරණසමථ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අධිකරණයන් සමනය කරත් සංසිඳවත්නුයි අධිකරණසමථා නමි. උප්පන්නුප්පන්නානං යනු උපන්නා වූ උපන්නාවූයි, අධිකරණානං යනු විවාදාධිකරණ අනුවාදාධිකරණ කිච්චාධිකරණ ආපත්තාධිකරණ යන මේ සතරේයි, සමථාය වූපසමාය යන සමනය කරනු සඳහා ද සංසිඳවනු සඳහා ද වේ. සම්මුඛාවිනයො දාතබ්බො -පෙ- තිණවත්ථාරකො යනු මේ සප්ත සමථයෝ දියයුත්තාහ. ඒවා විසඳන ක්‍රමය විනය වර්ණනාවෙන් ගතයුතුය. තව ද දීඝනිකායෙහි සංගීති සූත්‍ර වර්ණනාවෙහි ද විස්තර කරන ලද්දේමය. එසේ මජ්ඣිම නිකායෙහි සාමගාම සූත්රවර්ණනායෙහි ද වේ.