11. කෝධන සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි සපත්තකන්තා යනු සතුරු වූ වෛරීන්ට ප්රියමනාපවූවා ඔවුන් විසින් කැමති වනු ලැබූ පතනු ලැබුයි, සපත්තකරණා සතුරු වූ වෛරීන්ට හිතවැඩ කරන්නාවූයි. කොධපරෙතො යනු ක්‍රෝධයට අනුගත වූයේයි, පචුරත්ථා තාය යනු බොහෝ වැඩ සඳහාය, බොහෝ හිත සඳහාය, අනත්ථම්පි යනු අවැඩක් වුවද, අත්ථො මෙ ගහිතො යනු මවිසින් වැඩක් ගන්නා ලදි,
අථො අත්ථං ගහෙත්වාන යනු ඉක්බිති වැඩක් ගෙනයි, අනත්ථිං අධිපජ්ජති යනු මවිසින් අනර්‍ත්‍ථයක් ගන්නා ලදැයි සලකයි, වධං කත්වාන යනු පණ නැසීමේ කර්මයක් කොටයි, කොධසම්මදසම්මත්තො යනු ක්‍රෝධ මතින් මත්වූයේ, දැඩිසේ ගැනීමෙන් අල්ලා ගන්නා ලද්දේයි අරුත්ය. ආයසක්‍යං යනු අපකීර්තිමත් බවයි, කීර්තිය නැත්තේ නින්දාවට පත්වූයේයි අරුත්ය, අන්තරතො ජාතං යනු අභ්‍යන්තරයෙහි උපන්නාවූයි, අත්ථං න ජානාති යනු වැඩ අර්ත්ථය නොදනියි, ධම්මං න පස්සති යනු සමථ විදර්ශනා ධර්මය නොදකියි, අන්ධන්තමං යනු අන්ධභාවය ඇති කරන ඝන අඳුරයි, සහතෙ යනු මැඩපවත්වයි,
දුම්මඞ්කුයං යනු දොම්නස් සහගත බවයි, තෙද නැති බවයි, දුර්වර්ණ වූ මුහුණ ඇති බවයි, යතො පතායති යනු යම් විටෙක උපදියි, න වාවො හොති ගාරවො යනු වචනයට ද ගරුබවක් නොවෙයි, න දීපං හොති කිඤ්චනං යනු කිසියම් වූ ද පිහිටක් නම් නැත. තපනීයානි යනු තැවීම ඇතිකරවන්නාවූයි, ධම්මෙහි යනු සමථ විදර්ශනා ධර්මයන්ගෙනි, ආරකා යනු දුරෙහියි, බ්රාහ්මණං යනු කෙලෙස් දුරුකළ බමුණකුයි, යාය මාතුභතො යනු යම් මවක විසින් වඩන ලද්දේ පෝෂණය කරන ලද්දේයි, පාණදදිං සන්තිං යනු ජීවිත දෙන්නියකට සමාන වූයි, හන්ති කුද්ධො පුථුත්තානං යනු කිපුණු පුද්ගලතෙමේ බොහෝ නොයෙක් කරුණින් තමා නසයි, නානාරූපෙසු මුච්ඡිතො යනු නොයෙක් අරමුණුවල මුළාවූයේ වීයි, රජ්ජුයා බජ්ඣමිය්යන්ති යනු රැහැනින් බැඳ මරත්, පබ්බතාමපි කන්දරෙ යනු පර්වත කඳුරෙහි ද වැටි මරත්,
භූතභච්චානි යනු නැසූ වැඩීම් ඇත්තාවූයි, ඉතායං යනු ඉති අයං යන දෙපදයේ එකතුවයි, තං දමෙන සමුච්ඡින්දෙ යනු ඒ ක්‍රොධය දමනයෙන් සිඳින්නේය, කවර දමනයෙන්ද යත්, පඤ්ඤා විරියෙන දිට්ඨියා යනු විදර්ශනා ප්‍රඥාවෙන් මෙන්ම විදර්ශනාවෙන් යුක්ත වූ කායික චෛතසික වීර්‍ය්‍යයෙන් ද මාර්ග සම්‍යග්දෘෂ්ටියෙන් ද යනුයි, තථෙව ධම්මෙ සික්ඛෙත යනු යම්සේ අකුසල් සිඳලන්නේද සමථ විදර්ශනා ධර්මයෙහි ද එසේ හික්මෙන්නේය, මා නො දුම්මඞ්කුයං අහු යනු අපට දොම්නස් බවක් නොවේවායි මෙකරුණ පතන්නාහුයි, අනායාසා යනු නොවෙහෙසීමෙනි, අනුස්සුකා යනු කිසිතැනක උනන්දුවට නොපැමිණියාහුයි, සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
සවැනි වූ අව්‍යාකත වර්ගයයි.
2. මහා වර්ගය
1. හිරොත්තප්ප සූත්‍ර වර්ණනාව
සත්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි හතුපනිසො යනු සිඳුණු හේතු ඇත්තේයි, යථාභූතං ඤාණදස්සනං යනු තරුණ විදර්ශනාවයි, නිබ්බිදාවිරාගො බලවත් විදර්ශනාව මෙන්ම මාර්ගය ද වේ. විමුත්තිඤාණදස්සනං යනු අරහත් විමුක්තිය හා ප්රත්යවෙක්ෂණාවයි.
2. සත්තසුරියුග්ගමන සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි යම් හෙයකින් මේ සත්තසූරිය දේසනාව තෙජොසංවට්ට දැක්වීම් වශයෙන් පවත්වන ලද්දේ ද එහෙයින් සංවට්ටතුන සංවට්ටසීමා තුන සංවට්ටමූල තුන යන මෙය මුලින්ම මේ සූත්‍රයේ මුලින් පවතින කථාව (ලෙස) දතයුතුය. එය විසුද්ධිමග්ගයෙහි පුබ්බෙනිවාසානුස්සති නිර්දේශයෙහි විස්තර කරන ලද්දේය. එතදවොච යනු අනිත්‍ය කර්මස්ථානික වූ පන්සියයක් භික්ෂූන්ගේ අදහසින් තමාගේ වශයෙන් දැඩිව ගන්නා ලද හා එසේ නොගන්නා ලද සංස්කාරයන්ගේ විනාශය දැක්වීම සඳහා එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා යනාදී සප්තසූර්ය්යොපම සූත්‍රාන්තය දෙසූ සේක. එහි අනිච්චා යනු පැවතී විනාශවිම් අර්ත්ථයෙන් අනිත්යයෝයි, සඞ්ඛාරා යනු දැඩිව ගන්නාලද හා දැඩිව නොගන්නාලද සංස්කාර ධර්මයෝයි, අද්ධුවා යන අස්ථිරාර්ථයෙන් නිත්‍ය නොවූයි, අනස්සාසිකා යනු අශාස්වත (සදාකල් නොපවතින) අර්ත්ථයෙන් සැනසීමක් නැතිවුයි, අලමෙව යනු සුදුසුමය,
අජ්ඣාගාළ්හො යනු දියෙහි පිවිසුණේයි. අච්චුග්ගතො යනු දිය මතුපිටින් මතුවූයේයි, දෙවො න වස්සති යනු පළමුව උපකප්පන මෙඝ නම්වූ කිසිවක් ලක්ෂයක් සක්වළෙහි එකම වළාකුලක් වී වසයි, එකල්හි නික්මුණු බීජය යළි ගෙට නොපිවිසෙයි, එතැන් පටන් ජලය පෙරහනෙහි වියලී ගියාක් මෙන් වෙයි. යළි වැස්ස එක් බිඳුවකුදු නොවසියි යන උපමාවයි, ධර්මකථාවම ප්‍රමාණ නොවේ. විනාශවන විට ලෝකයෙහි පළමුව අවිචියෙහි පටන් හිස්වෙයි. සත්ත්වයෝ එයින් නැඟී මිනිස් ලොවෙහි ද තිරිසනුන් අතර ද උපදිත්. තිරිසනුන් අතුරෙහි උපන්නාහු ද පුතුන් සොහොයුරන් කෙරෙහි මෛත්‍රිය ලබා කළුරිය කළාහු දෙවිමිනිසුන් අතුරෙහි උපදිත්. දෙවියෝ අහසින් හැසිරෙමින් මේ ස්ථානය සදාකල් නොපවතියි මෛත්‍රිය වඩවු කරුණාව මුදිතාව උපෙක්ෂාව වඩමුයි සැලකරත්. ඔවුහු මෛත්‍රිය ආදිය වඩා එයින් චුතව බ්‍රහ්මලෝකයෙහි උපදිත්.