4. දෙවැනි භික්ඛු අපරහානීය සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි න කම්මාරාමා යනු යමෙක් දිනයක සිවුරුකම් කාබහන දියපෙරන පෙරහන හැමදීම පාසෝදන පුවරුව ආදිය නොකරත්ද ඔවුන් සඳහා මේ ප්‍රතික්ෂෙපයයි. යම් භික්ෂුවක් ඒවා කරන වේලාවෙහිම ඒවා කරයිද උදෙසන වේලෙහි උදෙසයිද උගන්නා වේලාවෙහි උගනියිද සෑමිඳුල් වත්වේලාවෙහි සෑමිඳුලෙහි වත්කරයිද මෙනෙහි කරන වේලෙහි මෙනෙහි කරයිද හෙතෙම න කම්මාරාම නමි.
යමෙක් ගැහැණුන් වැණීම පිරිමින් වැණීම ආදි වශයෙන් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින්ම රෑ දහවල ගෙවයිද මෙබඳු වූ අරුත්සුන් කථාවෙහි සීමා නොදන්නේ වේද, මෙතෙම භස්සාරාමො නමි. යමෙක් වනාහි රෑදහවල්හිදු ධර්‍මය කියයිද පැන විසඳයි ද මෙතෙම අරුත්සුන් කතා නැත්තේම අරුත්සුන් කථාවෙහි සීමාදැන කරන්නේම වෙයි. කුමක්හෙයින්ද යත්? “මහණෙනි රැස්වූ ඔබ විසින් දෙකක් කළයුතුය. දැහැමි කතාව හෝ උතුම් වූ නිහඬ බව යනුවෙනි (සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො) යි කී බැවිනි.
යමෙක් සිටියේද යන්නේද හුන්නේද නිදියන්නේද ථීනමිද්ධයෙන් මඬනා ලද්දේ නිදන්නේමය. මෙතෙම නිද්දාරාමො නමි. යමෙකුගේ වනාහි භෞතික ශරීරයෙහි ගිලන්බවින් සිත භවංගයෙහි බැස ගනියිද මෙතෙම නිද්දාරාම නොවේ. එහෙයින් කියන ලදි. “අභිජානාමහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා” යනුවෙනි.
යමෙක් එකෙකුට දෙවැන්නෙක් ද දෙදෙනාට තෙවැන්නෙක් ද තිදෙනාට සිවුවැන්නෙක් දැයි මෙසේ එකට ඇසුරුකොට වසයිද හුදෙකාව ආස්වාදයක් නොලබයිද මෙතෙම සඞ්ගණිකාරාමො නමි. යමෙක් සිවුඉරියව්වල තනිවම ආස්වාදය ලබයිද මෙතෙම සඞ්ගණිකාරාමවූයේ නොවේ.
(තමන් වෙත) නොපවත්නා සම්භාවනය (ගරුකොට සැලකීම) කැමැත්තෙන් යුක්ත වූ දුසිල්වත්හු පාපිච්ඡා නම් වෙති. යමෙකුන්ගේ පවිටු මිතුරෝ සිවුඉරියව්හි එක්ව නතුවීමෙන් පාපයට උදව් කරන්නෝම වෙත්ද එයට නැඹුරුවීමෙන් යොමුවීමෙන් එදෙසට බරවීමෙන් පාපයන් දෙසට ඇලවූවාහු වෙත්ද ඔවුහු පාපමිත්තා පාපසහායා පාපසම්පවංකා නම් වෙති.
ඔරමත්තකෙන යනු ඉතා සුළු පමණකින් අඩු පමණකින් යනුයි, අන්තරා යනු රහත්බවට නොපැමිණම ඒ අතරතුරයි, වොසානං යනු සම්පූර්‍ණයෙන් නිමාවට ගියබවයි. මෙපමණක් ඇතැයි අවසන් කිරීමයි. ශීලපාරිසුද්ධි ධ්‍යාන විදර්‍ශනා දක්වා සෝවාන්බව ආදීන් අතුරෙන් එක්තරා එකක් පමණකින් අවසානයට නොපැමිණෙත්ද එතෙක් භික්ෂූන්ගේ අභිවෘද්ධියම අපේක්ෂා කළ යුතුය පරිහානිය නොවේය යන මෙය කියන ලදි.
7. පස්වැනි භික්ඛූ අපරහානීය සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි අනිච්චසඤ්ඤාදයො යනු අනිච්චානු පස්සනාදීන්ගෙන් යුක්ත වූ සංඥාවයි.
8. සෙඛ අපරහානීය සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි උපන්නා වූ සංඝ කටයුතු එතෙර කිරීමෙන් බර උසුලත්නුයි භාරවාහිනො නමි, තෙ තෙන පඤ්ඤායිස්සන්ති යනු ඒ තෙරවරු තමන්ගේ තෙරබවට අනුරූප වූ කටයුත්තෙන් ප්‍රකටවෙත්. වොයොජං ආපජ්ජති යනු ප්‍රයෝගයට පැමිණයි, තෙමේ ඒ කටයුතු කිරිමට සුදුසු වෙයි.
9. උපාසකපරිහානීය සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි, භික්ඛුදස්සනං හාපෙති යනු භික්ෂු සංඝයා දැකීම සඳහා යාම හීන කරයි, අධිසීලෙ යනු පන්සිල් දසසිල් සංඛ්‍යාත වූ උතුම් ශීලයෙහියි, ඉතො බහිද්ධා යනු මේ සසුනින් බැහැරිවූවෝයි, දක්ඛිණෙය්‍යං ගවෙසති යනු දෙය්‍යධර්‍මය පිළිගන්නවුන් සොයයි. තත්‍ථ ච පුබ්බකාරං කරොති යනු බැහැරි තොටුවන්ට දී පසුව භික්ෂූන්ට දෙයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
තෙවැනි වජ්ජිසත්තක වර්‍ගයයි.
4. දේවතා වර්ගය
1. අප්පමාදගාරව සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි දුද්දදං යනු අතහැරීමට අමාරු මාහැඟි භාණ්ඩයයි, දුක්කරං කරොති යනු කිරීමට පහසුනොවන දෙයක් කරයි. දුක්ඛමං ඛමති යනු උදව්ව සඳහා ඉවසිය නොහැක්කක් උසුලයි, ගුය්හමස්ස ආවිකරොති යනු තමන්ගේ රහස ඔහුට ප්‍රකට කරයි, ගුය්හං අස්සපරිගුහති යනු ඔහුගේ රහස අනුනට සැලනොකරයි, ඛිණෙන නාතිමඤ්ඤති යනු ඔහුගේ භොගයන් ක්ෂය වූ විට ඒ ක්ෂය වීමෙන් ඔහු පහත් නොකරයි, ඔහු කෙරෙහි අවමානය ද තමා කෙරෙහි අතිමානය ද නොකරයි.