7. මජ්ඣෙ සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පාරායනෙ මෙත්තෙය්යපඤ්හෙ යනු පාරායන සමාගමෙහි මෙත්තෙය්ය මානවකයාගේ ප්රශ්නයෙහියි, උභන්තෙ විදිත්වාන යනු දෙකෙළවර, දෙකොටසක් දැනයි, මජ්ඣෙ මන්තා න ලිප්පති යනු මන්ත යැයි කියනුයේ ප්රඥාවයි, එම ප්රඥාවෙන් දෙකෙළවර දැන මැද නොතැවරෙයි, මැදි තන්හි නොතැවරෙයි, සිබ්බනිමච්චගා යනු සිබ්බනි (මැසීම්, ගැටලීම්) සංඛ්යාත තෘෂ්ණාව ඉක්මවූයේයි, ඵස්සො යනු ස්පර්ශ වශයෙන් උපන් බැවින් මේ ආත්මභාවයයි, එකො අන්තො යනු මේ එක් කොටසයි, ඵස්සසමුදයො යනු ස්පර්ශය නමැති හටගැනීම මොහුගේනුයි “ඵස්සසමුදයො” නමි, මේ අත්බැව්හි කළ කර්මස්පර්ශය හේතුකොට ගෙන හටගත් අනාගත ආත්මභාවයයි, දුතියො අන්තො යනු මේ දෙවැනි කොටසයි, ඵස්සනිරොධො යනු නිවනයි, මජ්ඣෙ යනු සිබ්බනිසංඛ්යාත තෘෂ්ණාව බිඳ දෙකඩකිරීම් අරුතින් නිවන මජ්ඣෙ නම් වෙයි, තණ්හා හී නං සිබ්බති යනු තෘෂ්ණාව ඒ ආත්මභාව දෙක නමැති ස්පර්ශයත් ස්පර්ශසමුදයත් මසයි, ගැටලයි, කවර කරුණින්ද යත්? තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා යනු ඉදින් තෘෂ්ණාව එකට ගැටනොලයිද ඒ ඒ භවයාගේ උපතක් සිඳුනොවන්නේය, මෙතැන්හි කොටිමජ්ඣික උපමාව ගනිත්, හීදඬු දෙකක් එක්කොට මැද නුලෙන් මසන ලද්ද “කොටිමජ්ඣං”යි කියනු ලැබේ, නුල කැඩුණු විට හීදඬු දෙක දෙපසින් වැටෙයි, මෙසේම හීදඬු දෙක මෙන් කියන ලද ආකාර ඇති අන්ත දෙක මසා සිටි නුල මෙන් තෘෂ්ණාවයි, නූල සිඳුණුවිට හීදඬු දෙක දෙපසින් වැටීම මෙන් තෘෂ්ණාව නැති වූ විට දෙකෙළවර නැතිවූයේම වෙයි, එත්තාවතා යනු මෙපමණකින් මෙයින් දෙකෙළවර දැන තෘෂ්ණාවෙන් මැද නොතැවරීමෙන් දතයුතු සිවුසස් දහම් මනාව දනියි, තීරණ පරිඤ්ඤාවෙන් ද පහාන පරිඤ්ඤාවෙන් ද දතයුතු ලෞකික සත්ය දෙක දනියි නමි. දිට්ඨෙව ධම්මෙ යනු මේ අත්බැව්හිමයි, දුක්ඛස්සන්තකරො හොති යනු සසර දුක කෙළවර කරන්නේ සිඳ සුන්කරන්නේ වෙයි නමි,
දෙවැනි වාරයෙහි හීදඬු තුනක් වශයෙන් උපමාව දතයුතුය, හූයෙන් ගැටලන ලද හීදඬු තුනේ හුය කැඩුණු විට හීදඬු තුන තුන් තැනක වැටෙයි, මෙසේ මෙහි හීදඬු තුන මෙන් අතීත අනාගත වර්තමාන ස්කන්ධයෝ [missing trans] නිරුද්ධ වූවාහුම වෙති,
තෙවැනි වාරයෙහි අදුක්ඛමසුඛා මජ්ඣෙ යනු වේදනා දෙකෙහි අතර පිහිටි බැවින් මැදයි, සුවය දුකටත් දුක සුවයටත් අතරක් නම් නැත, තණ්හා සිබ්බති යනු වේදනාවන්හි ඇලීමේ රාගය වේදනාවන්ගේ සිඳීම වළවන්නේනුයි ඒ තෘෂ්ණාව මසයි නමි,
සිවුවැනිවර, විඤ්ඤාණං මජ්ඣෙ යනු ප්රතිසන්ධි විඥානය නාමරූප ප්රත්යයෙන් හටගත් බැවින් නාමරූපයන්ගේ මැද නමි,
පස්වැනි වරෙහි විඤ්ඤාණං මජ්ඣෙ යනු කර්මඥානය මැදයි, ආධ්යාත්මික ආයතනයන්හි හෝ මනායතනයෙන් කර්මය ගත් බැවින් මෙහි යම්කිසි විඥානයක මැද නමි මනෝද්වාරයෙහි හෝ ආවර්ජනය කරන්නාට ආධ්යාත්මික ආයතන ඇසුරුකොට ඇති බැවින් ජවන විඤ්ඤාණය මැද නමි,
සයවැනි වාරයෙහි, සක්කායො යනු ත්රෛභූමික සංසාරයයි, සක්කායසමුදයො යනු සමුදය සත්යයයි, සක්කායනිරොධො යනු නිරොධ සත්යයයි, පරියායෙන යනු ඒ ඒ කරුණෙනි, සෙස්ස සියලු තන්හි කියනලද ක්රමයෙන්ම දතයුතුය.
8. පුරිසින්ද්රියඤාණ සූත්ර වර්ණනාව
අටවැන්නෙහි අඤ්ඤතරො යනු දෙවදත්ත (තෙරුන්ගේ) පක්ෂයට අයත්වූවෙකි, සමන්නාහරිත්වා යනු ආවර්ජනය කොටයි, කුමක්හෙයින් භාග්යවතුන් වහන්සේ විසින් දැන මෙය කියන ලද්දේ ද නැතහොත් නොදැන ඒකාංශිකව හෝ කියන ලද්දේ ද එසේත් නැතහොත් විශ්ලේෂණය කොට කියන ලද්දේ ද යන අදහසින් හෙතෙම අසයි, ආපායිකො යනු අපායෙහි උපදින්නෙකි, නෙරයිකො යනු නිරයට යන්නෙකි, කප්පට්ඨො යනු කල්පයක් පවත්නා කර්මයක් කළබැවින් කපක් සිටියි, අතෙකිච්ඡො යනු පිළියම් කිරීමට නොහැක්කකි, ද්වෙජ්ඣං යනු දෙයාකාර බවයි, වාලග්ගකොටිනිනතුද්දනමත්තං යනු වල්ගයෙහි අග කෙළවරින් දැක්විය යුතු පමණක්වූයි හෝ වල්ගයේ අග කෙළවරින් වැටෙන පමණක්වූයි, පුරිසින්ද්රිය ඤාණානි යනු පුද්ගලයන්ගේ ඉන්ද්රියපරොපරියත්ත ඥානයෝයි, ඉඳුරන්ගේ තියුණු මුදු බව දන්නා නුවණ යන අරුත්ය,
විජ්ජමානා කුසලාපි ධම්මො අකුසලාපි ධම්මො යනු මෙපමණ වූ කුශල ධර්මයෝ පවතිත් මෙපමණ වූ අකුශලධර්මයෝ පවතිතැයි දනිමියි, අන්තරහිතා යනු නොපෙනීමට ගියාවූයි, සම්මුබිභූතා යනු හැසිරීම් වශයෙන් ප්රකට වූවාහුයි, කුසලමූලං යනු කුසල් අදහස්ය, කුසලමූලා කුසලං යනු ඒ කුසල අදහසින් වෙනත් කුසලයක් උපදින්නේයි, සාරාදානි යනු ගන්නා ලද සාරය අත්තෝ හෝ සරත් මාසයෙහි උපන්නාවූයි, සුඛසයිතානි යනු සුවසේ රැස්කරන ලද්දාවූයි, සුඛෙත්තෙ යනු ඉතා පැහැදිලි කුඹුරෙහිය, නික්ඛිත්තානි යනු වපුලාවූයි, සප්පටිභාගා යනු සමානවූවෝයි, අභිදො අඩ්ඪරත්තං යනු බලවත් අඩරැයයි, අඩරැය අභිමුඛව සිටි කල්හියි, භත්තකාලසමයෙ යනු රජකුලවල භත්තකාල සංඛ්යාත වූ කාලයෙහියි, පරිහානධම්මො යනු කවරෙක් මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් දන්නා ලද්දේද යත්? අජාසත් රජතෙමේයි, හෙතෙමේත් පවිටු මිතුරන් නිසා මාර්ග ඵලයන්ගෙන් පිරිහුණේය, අන්ය වූ සුප්රබුද්ධ සුනක්ඛත ආදීහු භාග්යවතුන් වහන්සේ විසින් දන්නා ලද්දෝමය, අපරිහානධම්මො යනු මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් කවරෙක් දන්නා ලද්දේ ද යත්? සුසීම පරිවැජියා හා අන්යවූද මෙබන්දෝයි, පරිනිබ්බායිස්සති යනු මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් කවරෙක් දන්නාලද්දේ ද යත් සන්තිත මහාමාත්යයා හා අන්ය වූ ද එබන්දෝයි.