3. ඉණ සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි දාලිද්දියං යනු දිළිඳුබවයි, කාමභොගිනො යනු කාමයන් අනුභව කරන සත්ත්වයාගේයි, අස්සකො යනු තමන් සතු දෙයක් නැත්තායි, අනාළ්හියො යනු ආඪ්‍ය නොවූයේයි, ඉණං ආදියති යනු ජීවත්වීමට නොහැක්කේ ණය ගනියි, වඩ්ඪිං පටිසුණාති යනු දෙන්නට නොහැක්කේ පොළිය දෙමැයි පිළිණ කරයි, අනුචරන්තිපි නං යනු පිරිස් මැද සමූහයා මැද ආදි තන්හි අව්වෙහි තැබීම්, මඩ ඉසීම් ආදියෙන් විප්‍රකාරයට පමුණුවමින් පසුපසින් එහුබදිත්, සද්ධා නත්ථි යනු විශ්වාස කිරීමේ ඇදහීම් මාත්‍රයකුදු නැත, හිරි නත්ථි යනු ලජ්ජාවීම් මාත්‍රයකුදු නැත, ඔත්තප්පං නත්ථි යනු බියවීම් මාත්‍රයකුදු නැත, විරියං නත්ථි යනු කායික වීර්‍ය්‍ය මාත්‍රයකුදු නැත, පඤ්ඤා නත්ථි යනු කර්ම විපාක ඇදහීම් සංඛ්‍යාත ප්‍රඥා මාත්‍රයකුදු නැත, ඉණාදානස්මිං වදාමි යනු ණය ගැනීම (ගැන) කියමි, මා මං ජඤ්ඤා යනු මා නොදනීවා යනුයි,
දාලිද්දියං දුක්ඛං යනු ධන දරිද්‍රභාවය දුකෙකි, කාමලාභාභිජප්පිනං යනු කම්සැප ලැබීම කැමැතිවන්නාවූයි, පාපකම්මා විනිච්ඡයො යනු පව්කම් වඩන්නේයි, සංසප්පති යනු සැලෙයි, ජානං යනු දන්නේයි, යස්ස විප්පටිසාරජා යනු ඔහුට විපිළිසර වශයෙන් හටගත් යමකි, යොනිමඤ්ඤතරං යනු එක් තිරිසන් යෝනියකි, දදං චිත්තං පසාදයං යනු සිත පහදවමින් දෙන්නේයි,
කටග්ගාහො යනු ජයගන්නා අපරාධ නොගන්නේ වෙයි, ඝරමෙසිනො යනු ගිහිවාසය සොයන්නාගේ හෝ වසන්නාගේයි, චාගො පුඤ්ඤං පවඩ්ඪති යනු ත්‍යාගය යන නම් ඇති දෙය පින වඩයි, චාගා පුඤ්ඤං යනු හෝ පාඨයි, පතිට්ඨිතා යනු පිහිටි ශ්‍රද්ධාව නම් සෝවාන් වූවහුගේ ශ්රද්ධාවයි, හිරිමනො යනු ලජ්ජාසහගත සිත් ඇත්තේයි, නිරාමිසං සුඛං යනු ධ්‍යාන තුන නිසා උපදින සුවයයි, උපෙඛං යනු චතුර්ථධ්යන උපෙක්ෂාවයි, ආරද්ධ විරියො යනු පිරිපුන් දැඩි වීර්යයයි. ඣානානි උපසම්පජ්ජ යනු ධ්‍යාන සතරට පැමිණයි, එකොදි නිපකො සතො යනු එකඟ සිතැත්තේ ඥානයෙන් හා සිහියෙන් ද යුක්තවූයේයි,
එවං ඤත්වා යථාභූතං යනු මෙසේ මෙපමණ කරුණක් වූ යථාස්වභාවය දැනයි, සබ්බසඤ්ඤොජනක්ඛයෙ යනු නිවනෙහිය, සබ්බසො යනු සර්වාකාරයෙනි, අනුපාදාය යනු නොගෙනයි, සම්මා චිත්තං විමුච්චති යනු මෙය කියන ලද්දේ වෙයි: සියලු සංයෝජනක්‍ෂය සංඛ්‍යාත වූ නිවනෙහි සියලු ආකාරයෙන් නොගෙන මනා හේතුවෙන්, ක්‍රමයෙන් මාර්ග සිත මිදෙයි, එතං ඤත්වා යථාභූතං සබ්බසංයොජනක්ඛයං යනුවෙන් ද පෙළ ලියති, මේ සියලු සංයෝජනක්‍ෂය සංඛ්‍යාත වූ නිවන ඇති සැටියෙන් දැන යන අරුත්ය, මුල අග යන මේවා සමඟ නොගැලපෙයි,
තස්ස සම්මා විමුත්තස්ස යනු ඒ මනා විමුක්තිය ඇති ක්ෂීණාශ්රවයාගේයි, ඤාණං වෙ හොති යනු ප්රත්යවෙක්ෂණ ඥානය වෙයි, තාදිනො යනු ස්ථිරව පිහිටියහුගේයි, අකුප්පා යනු නොසැලෙන අරමුණු ඇති බැවින් ද සැලීම් ඇතිකරන කෙලෙසුන් නැති බැවින් ද නොසැලෙන්නාවූයි, විමුත්ති යනු මාර්ගවිමුක්තිය හා ඵලවිමුක්තියයි, භවසංයොජනක්ඛයෙ යනු භවසංයෝජනක්ෂය සංඛ්‍යාත නිවනෙහියි, භව සංයෝජනයන්ගේ ක්ෂයවීම් කෙළවර උපන් බැවින්, එතං ඛො පරමං ඤාණං යනු මාර්ගඵලඥානය ශ්‍රේෂ්ඨතම ඥානය වෙයි, සුඛමනුත්තරං යනු මේ මාර්ගඵල සුවයම ශ්‍රේෂ්ඨතම වූ සුවය නමි, ආනණ්යමුත්තමං යනු සියලු ණය නැත්තවුන්ගෙන් ක්ෂීණාශ්රවයා උදම් ණය නැත්තේ වෙයි. එහෙයින් අරහත් ඵලය ආනණ්යමුත්තම යි අරහත් ඵලයෙන් දෙසුම කුළු ගැන්වීය, මේ සූත්‍රයෙහි සසරම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.