4. මහාචුන්ද සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි චෙතිසු යන චෙති නම් වූ රටෙහියි, සහජාතියං යනු එසේ නම් ඇති නියම් ගමෙහියි, මහාචුන්දො යනු දම්සෙනෙවි සැරියුත් හිමියන්ගේ කනිටු සොහොයුරායි. ධර්මයෙහි යෙදීම නිරතවීම මොවුන්ගේනුයි ධම්මයොගා නමි, ධර්මකථිකයන්ට මෙය නමෙකි, ධ්‍යාන වඩත්නුයි ඣායී නමි, අපසාදෙන්ති යනු ගැටෙත්, ඉවත්කරත්, ඣායන්ති යනු සිතත්, පජ්ඣායන්ති යනාදිය උපසර්ග වශයෙන් වැඩුණු ඒවායි, කිං හිමෙ ඣායන්ති යනු මොවුහු කුමක් නම් සිතත්ද? කින්ති මෙ ඣායන්ති යනු කුමක් සඳහා මොවුහු සිතත්ද? කථං හිමෙ ඣායන්ති යනු කුමන කරුණින් මොවුහු සිතත්ද? අමතං ධාතුං කායෙන ඵස්සිත්වා විහරන්ති යනාදිය මරණරහිත නිර්වාණ ධාතුව සඳහායි, කමටහන් ගෙන වසන්නාහු අනුක්රමයෙන් එය නාමකායයෙන් ස්පර්ශ කොට වසත්, ගම්භිරං අත්ථපදං යනු සැඟවුණු වැසුණු ස්කන්ධ ධාතු ආයතනාදී අර්ත්ථයයි: පඤ්ඤාය අතිචිජ්ඣ පස්සන්ති යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් විනිවිද දකිත්, මෙම අර්‍ත්‍ථයෙහි සම්මර්ශත ප්‍රතිවෙධ ප්‍රඥාවත් උද්ග්‍රහ පරිපුච්ඡා ප්‍රඥාවත් වටීමය.
5. පඨමසන්දිට්ඨික සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි සන්තං වා අජ්ඣත්තං යනු ස්වකීය අධ්‍යාත්මයෙහි පවතින්නාවූයි, ලොභො යනාදියෙන් අකුසල් මුල් තුන දක්වන ලදි, ලොභධම්මා යනාදියෙන් ඒ සමඟ යෙදුනු ධර්මයෝ දක්වන ලදහ.
6. දුතියසන්දිට්ඨික සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි කායසන්දොසං යනු කායද්චාරය දූෂ්‍ය කරන කාරණයයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, මේ සූත්‍ර දෙකෙහි ප්රත්යවෙක්ෂාවම කියන ලදි.
7. ඛෙම සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වුසිතවා යනු විසූ බඹසර විසීම ඇත්තේයි. කතකරණියො යනු සිවු මගින් කළයුතු දෙය කොට සිටියේයි, ඔහිතභාරො යනු ස්කන්ධ බර ද කෙලෙස් බර ද අභිසංස්කාර භාරය ද බස්වා සිටියේයි, අනුප්පත්තසදෙත්ථා යනු අරහත්වය සදර්ත්ථයයි කියනු ලැබේ, ඊට පැමිණියේයි අරුත්ය, පරික්ඛීණභවසංයොජනො යනු ක්ෂය කළ භවබන්ධනය ඇත්තේයි, සම්මදඤ්ඤාවිමුත්තො යනු නිවැරදි හේතුවෙන් කරුණින් දැන මිදුණේයි, තස්ස න එවං හොති අත්ථි මෙ සෙය්යොති වා යනාදියෙන් ද ශ්‍රේෂ්ඨයාට මම ශ්‍රේෂ්ඨයා වෙමැයි මානාදීවූ මානතුන ප්රතික්ෂෙප කරන ලදි, ක්ෂීණාශ්රවයාට මට ශ්‍රේෂ්ඨයෙක් ඇත. මට සමාන වූවෙක් ඇත, මට පහත්වූවෙක් ඇත යන මානය නැත, නත්ථි මෙ සෙය්යා යනාදියෙන් ද ඒ මානයෝම ප්රතික්ෂෙප කරන ලදහ, ක්ෂීණාශ්රවයාට මමම ශ්‍රේෂ්ඨයායි, මම සමානයායි, මම හීනයායි අන්‍යවූ ශ්රේෂ්ඨාදීහු නැතැයි මෙබඳු මානයක් නොවෙයි,
අචිරපක්කන්තෙසු යනු රහත්බව ප්‍රකාශ කොට නොබෝ වේලාවකින්මයි. අඤ්ඤං ව්යාකරොන්ති යනු රහත්බව ප්‍රකාශකරති, හසමානකා මඤ්ඤෙ අඤ්ඤං ව්යාකරොන්ති යනු සිනහසෙන්නවුන් මෙන් කියත්, විඝාතං ආපජ්ජන්ති යනු දුකට පැමිණෙත්,
න උස්සෙසු න ඔමෙසු සමත්තෙ නොපතීය්යරෙ යනු මෙහි උස්සා යනු උසස් වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝයි, ඔමා යනු පහත් වූවෝයි, සමත්තො යනු සමාන වූයේයි, මෙසේ මේ තුන් සෙය්යහීන සදිසයන් කෙරෙහි මානයෙන් නොඑළඹෙති, නොපමුණවතියි අරුත්ය, ඛීනා සඤ්ජාති යනු ඔවුන්ගේ උපත ක්ෂයවිය, වුසිතං බ්රහ්මචරියං යනු මග බඹසර වසන ලදි, චරන්ති සංයොජන විප්පමුත්තං යනු සියලු සංයෝජනයන්ගෙන් මිදුනාහු වී හැසිරෙති, සූත්‍රයෙහි ද ගාථාවෙහි ද ක්ෂීණාශ්රවයාම කියන ලදි.
8. ඉන්ද්රියසංවර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි හතුපනිසං හොති යනු නසනලද හේතු ඇත්තේ වෙයි, සීලවිපන්නස්ස යනු විනාශ වූ සිල් ඇත්තහුගේයි, යථාභූතං ඤාණදස්සනං යනු තරුණ විදර්ශනා ඥානයයි, නිබ්බිදා විරාගො යනු මෙහි නිර්වේදය බලවත් විදර්ශනාවයි, විරාගය යනු ආර්ය මාර්ගයයි, විමුත්තිඤාණදස්සනං යනු මෙහි විමුත්ති යනු අරහත් ඵලයයි, ඤාණදස්සන යනු ප්රත්යවෙක්ෂා ඥානයයි, උපනිස්සයසම්පන්නං හොති යනු සැපැමිණි හේතු ඇත්තේ වෙයි, මේ සූත්‍රයෙහි සීලානුරක්ඛණ ඉන්ද්රිය සංවරය කියන ලදි.
9. ආනන්ද සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කිත්තාවතා යනු කොපමණකින්දයි, අස්සුතඤ්චෙව යනු අන් කලෙක නොඇසූ විරූයි, න සම්මොසං ගච්ඡන්ති යනු විනාශයට නොයති, චෙතසා සම්පුට්ඨපුබ්බා යනු සිතෙන් ස්පර්ශ කළවිරූයි. සමුදාචරන්ති යනු මනොද්වාරයෙහි හැසිරෙති, අචිඤ්ඤාතඤ්ච විජානාති යනු අන් කලෙක නොදත් කරුණ දනියි, පරියාපුණාති යනු පවසයි කියයි, දෙසෙති යනු ප්‍රකාශ කරයි, පරං වාවෙති යනු අන්‍යයාට උගන්වයි,
ආගතාගමා යනු දීඝාදීන් අතුරෙහි යම්කිසි ආගම (නිකාය) ක් පැමිණියේ මොවුනටනුයි ආගතාගමා නමි. ධම්මධරා යනු සූත්‍ර පිටකය දරන්නෝයි, විනයධරා යනු විනය පිටකය දරන්නෝයි මාතිකාධාරා යනු පාමොක් දෙක දරන්නෝයි, පරිපුච්ඡති යනු පෙරපසු ගැලපීම විමසයි, පරිපඤ්හති යනු මෙය ද මෙය ද අසමියි සමාන කරයි පිරිසිඳියි, ඉදං භන්තෙ කථං යනු ස්වාමිනී, මේ ගැලපීම පෙරපසු කෙසේ වේදැයි අසයි, ඉමස්ස ක්වත්ථො යනු මේ කියන ලද්දෙහි අර්ත්ථය කුමක්දැයි අසයි, අවිවටං යනු විවරනොවූ දෙයයි, විවරන්ති යනු ප්‍රකට කරත්, කඞ්බාට්ඨානීයෙසු යනු සැකයට කරුණු වූ තැන්හියි. එහි යම් ධර්මයක සැක උපදියිද එයම කඞ්ඛාට්ඨානීය නමැයි දතයුතුය.