2. මිගසාලා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි කථං කථං නාමා යනු කවර කවර නම් වූ කරුණින්ද යනුයි, අඤ්ඤෙය්යො යනු දතයුත්තේය, යත්ර හි නාම යනු යම් ධර්මයෙක්හියි, සමසමගතිකා යනු සම බවින් සමුගතික වූවාහුයි, භවිස්සන්ති යනු හටගත්තාහුයි, සකදාගාමි සත්තො තුසිතං කායං උප්පන්නො යනු සකෘදාගාමි පුද්ගලයෙක් වී තුසිත භවනයෙහිම උපන්නේයි, කථං කථං නාම යනු කවර කවර නම්වූ කරුණින්ද? යනුයි, කිම දැන දෙසන ලද්දේ නැතහොත් නොදැන දැයි තෙරණුවෝ කරුණ නොදන්නාහු “එවං ඛො පනෙතං භගිනි භගවතා ඛ්යාකතං”යි කීහ.
අම්බකා අම්බකපඤ්ඤා යනු ස්ත්‍රියක වී ස්ත්‍රී ප්රඥාවෙන්ම යුක්තවූවායි, කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණෙ යනු මෙහි පුද්ගලයන්ගේ තියුණු මෙළෙක් වශයෙන් ඉන්ද්රිය පරොපරියඤාණය පුරිසපුග්ගලපරොපරිය ඤාණයයි කියනු ලැබේ. එහෙයින් බාල වූ මිගසාලාව කවරීද? පුද්ගලයන්ගේ ඉන්ද්රියපරොපරිය ඤාණයෙහි නොගැටුණු විෂය ඇති සම්මා සම්බුදුන් වහන්සේලා කවරහුද? මේ දෙකම ඈතය ඉතා ඈතය යනු මෙහි කෙටි අදහසයි,
දැන් මිගසාලාවට තමන් දුරුබව දක්වන්නේ “ඡඉමෙ ආනන්ද” යනාදිය කීවේය. සොරතො හොති යනු මනාව වෙන්වූයේ ඉවත් වූයේ වෙයි. සුරතො යනුද පාඨයි, අභිනන්දන්ති සබ්රහ්මචාරී එකත්තවාසෙන යනු ඔහු සමග එක්ව විසීමෙන් එකට බඹසර හැසිරෙන තැනැත්තෝ සතුටු වෙති, කැමැති වෙති, එකන්තවාසෙන යනු ද පාඨයි, ශාන්තවාසයෙන් යයි අරුත්ය, සචනෙනපි අකතං හොති යනු ඇසිය යුත්ත නොඇසුවේ වෙයි, බාහුසච්චෙනපි අකතං හොති යනු මෙහි බාහුසච්ච යයි කියනුයේ වීර්යයටයි, වීර්යයෙන් කළයුත්ත නොකළේ වේයයි අරුත්ය. දිට්ඨියාපි අප්පටිවිධං හොති යනු දෘෂ්ටියෙන් දතයුතුදෙය නොදත්තේ වෙයි, සාමායිකම්පි විමුත්තිං නලභති යනු කලින් කලට ධර්මශ්රවණය නිසා ප්‍රීති ප්‍රමෝදය නොලබයි, භානගාමිරෙව හොති යනු පිරිහීමටම යයි,
පමාණකා යනු පුද්ගලයන් අතුරෙහි පමණට ගන්නෝයි, පමිණන්ති යනු මිනීමට සමාන කිරීමට පටන්ගනිති, එකො හීනො යනු එකෙක් ගුණයෙන් හීනයෙකි, එකො පණිතො යනු එකෙක් ගුණයෙන් උසස් වූවෙකි, තං හි යනු ඒ ප්‍රමාණ කිරීමයි,
අභික්කන්තතරො යනු සොඳුරුතර වූයේයි, පණීතතරො යනු ඉතා උතුම් වූයේයි, ධම්මසොතො නිබ්බහති යනු සූරයෙක් වී පවතිනු ලබන විදර්ශනා ඥානය වහනය වෙයි, ආර්‍ය්‍යභූමියට පමුණුවයි, තදන්තරං කො ජානෙය්ය යනු ඊට අනතුරු වූ ඒ කාරණය තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේදැයි අරුත්ය,
කොධමානා යනු ක්‍රෝධය හා මානයයි, ලොභධම්මා යනු ලෝභයමයි, වචීසංසාරා යනු අල්ලාප සල්ලාප වශයෙන් වචනයෝමයි, යො වා පනස්ස මාදිසො යනු මා සමාන අන් යමෙක් වේද ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවශ්‍යයෙන් පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නාහුය යන අර්ත්ථයයි, ඛඤ්ඤති යනු ගුණ මකාදැමීමට පැමිණෙයි, ඉමෙ ඛො ආනන්ද ඡ පුග්ගලා යනු සොරත දෙදෙනාය, අධිගත කොධමානලොභ නම්වූ දෙදෙනාය, අධිගත කොධමානවචීසංසාර නම්වූ දෙදෙනාය යන මේ පුද්ගලයෝ සදෙනායි, ගතිං යනු ඥානගතියයි, එකඞ්ගහීනා යනු එක් ගුණාංගයකින් හීනවූවෝයි, පුරාණ නම් තැනැත්තේ ශීලයෙන් විශේෂී වූයේය, ඉසිදත්ත ප්‍රඥාවෙන් විශේෂී වූයේය, පුරාණගේ ශීලය ඉසිදත්තගේ ප්රඥාස්ථානයෙහි සිටියේය, ඉසිදත්තගේ ප්‍රඥාව පුරාණයේ ශීලස්ථානයෙහි සිටියේයි.
3. ඉණ සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි දාලිද්දියං යනු දිළිඳුබවයි, කාමභොගිනො යනු කාමයන් අනුභව කරන සත්ත්වයාගේයි, අස්සකො යනු තමන් සතු දෙයක් නැත්තායි, අනාළ්හියො යනු ආඪ්‍ය නොවූයේයි, ඉණං ආදියති යනු ජීවත්වීමට නොහැක්කේ ණය ගනියි, වඩ්ඪිං පටිසුණාති යනු දෙන්නට නොහැක්කේ පොළිය දෙමැයි පිළිණ කරයි, අනුචරන්තිපි නං යනු පිරිස් මැද සමූහයා මැද ආදි තන්හි අව්වෙහි තැබීම්, මඩ ඉසීම් ආදියෙන් විප්‍රකාරයට පමුණුවමින් පසුපසින් එහුබදිත්, සද්ධා නත්ථි යනු විශ්වාස කිරීමේ ඇදහීම් මාත්‍රයකුදු නැත, හිරි නත්ථි යනු ලජ්ජාවීම් මාත්‍රයකුදු නැත, ඔත්තප්පං නත්ථි යනු බියවීම් මාත්‍රයකුදු නැත, විරියං නත්ථි යනු කායික වීර්‍ය්‍ය මාත්‍රයකුදු නැත, පඤ්ඤා නත්ථි යනු කර්ම විපාක ඇදහීම් සංඛ්‍යාත ප්‍රඥා මාත්‍රයකුදු නැත, ඉණාදානස්මිං වදාමි යනු ණය ගැනීම (ගැන) කියමි, මා මං ජඤ්ඤා යනු මා නොදනීවා යනුයි,