1. නාග සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ආයස්මතා ආනන්දෙන සද්ධිං යනු මෙය එන්න ආනන්ද යයි තෙරුන් අමතා ගිය බැවින් කියන ලදි, ශාස්තෲන් වහන්සේ නො අඩුවූ පන්සියයක් භික්ෂූන් විසින් පිරිවරණ ලද සේක් එහි වැඩිසේකැයි දතයුතුය, තෙනුපසඞ්කමි යනු ඒ භික්ෂූන් පන්සියය විසින් පිරිවරණ ලද්දේ එළඹියේය, පරිසිඤ්චිත්වා යනු මෙය ව්‍යවහාර වචනයකි, ස්නානය කොට යන අරුත්ය, පුබ්බාපයමානො යනු රත් දෙපට සිවුර හැඳ උත්තරාසංග සිවුර දෙඅතින් ගෙන පෑළඳිග ලොව පිටුපසින් කොට පෙරදිග ලෝකධාතුවට අභිමුඛ වූයේ දියනැති බැවින් අවයව තිබුණු ලෙසින්ම කරමින් සිටියේයයි අරුත්ය. භික්ෂු සංඝයා ද ඒ ඒ තැනින් බැස නහා යළි ගොඩනැඟී ශාස්තෲන් වහන්සේ පිරිවරා සිටියේය. මෙසේ මෙකල්හි අහසින් වැටෙන රත්රන් කඩොලක් මෙන් හිරු පැළදිග ලෝක ධාතුවට පිළිපන්නේය. පිරිසුදු රිදී මඬුල්ලක් මෙන් පෙරදිග ලොවින් චන්ද්‍රයා මතුවූයේය, මැද පන්සියයක් භික්ෂූන් පිරිවර කොට ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවණක් බුදුරැස් විහිදුවමින් පුබ්බකොට්ඨක නදී තෙර ලොව අලංකාර කරමින් සිටිසේක.
තෙන ඛො පන සමයෙන පෙ- සෙතො නාම නාගො යනු සුදු පැහැය නිසා එසේ ලබන ලද නම් ඇති ඇතෙකි, මහාතුරියතාළිතවාදිතෙන යන මහත් වූ තූර්ය්ය තාළිතවාදිතයෙනි, එහි පළමුව එකට ගැටීම තාලිත නම් වෙයි, එයින් මත්තෙහි වැයීමයි. ජනො යනු ඇතුන් දැකීම සඳහා රැස්වූ මහජනයායි. දිස්වා එවමාහ යනු අඟපසඟ ගසාදමා නහවා ගොඩට ගෙන පිටත කෙරෙහි සිටුවා දිය රහිත කොට ඇති අබරණින් අලංකාර කරනලද ඒ මහ ඇතු දැක මේ ඇතා ඒකාන්තයෙන්ම සිත්කලු වේ යයි ප්රශංසාත්මක වචන කීවේය. කායුප්පන්නො යනු ශරීර සම්පත්තියෙන් යුක්ත වූයේ, පිරිපුන් අඟපසඟ ඇත්තේයි අරුත්ය, ආයස්මා උදායි යනු පිළිසිඹියා පත් කාළුදායි තෙරණුවෝයි, එතදවොච යනු ඇතුගේ ගුණ කියන ඒ මහජනයා දැක මේ ජනතාව අහේතුක ප්රතිසන්ධියෙහි උපන් ඇතුගේ ගුණ කියයි, බුදුන් නැමැති හස්ති රාජයාගේ නොවේ, මම දැන් ඇත් රජු උපමාකොට බුද්ධ හස්තියාගේ ගුණය කියන්නෙමැයි සිතා මේ “හත්ථිමෙව නු ඛො හන්තෙ” ආදී වචනය කීවේය. එහි මහන්තං යනු ආරෝහයෙන් (උසින්) යුක්තවූයේයි, බ්රෑහන්තං යනු පරිනාහයෙන් (මහතින්) යුක්ත වූයි, එවමාහ යනු මෙසේ කියයි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් මේ නාග ශබ්දය ඇතා කෙරෙහි මෙන්ම අශ්ව ගෝණ උරගවෘක්ෂ මනුෂ්‍ය යන මොවුන් කෙරෙහි ද පවතියිද එහෙයින් හත්ථිම්පි ඛො යනාදිය කීහ.
ආගුං යනු පවිටු වූ පහවූ අකුශලධර්මයයි, තමහං නාගොති බ්රෑමි යනු මම ඔහු තිදොරින් දශඅකුශල කර්මපථයන් ද දොළොස් අකුසල සිත් ද නොකරන බැවින් නාගයකැයි කියමි, මෙතෙම පවු නොකරයි යන මේ අර්ත්ථයෙන් නාගයෙකි, ඉමාහි ගාථාහි අනුමොදාමි යනු මේ සිවුසැට පදයක් ඇති සොළොස් ගාථාවන්ගෙන් අනුමෝදන් වෙමි, සතුටුවෙමි.
මනුස්සභූතං යනු දෙව ආදී භාවයන්ට නොගොස් මනුෂ්‍යයකුම වූයේයි. අත්තදන්තං යනු තමා විසින්ම දමනය කරනලදයි අනුන් විසින් දමනයට නොපමුණුවන ලදයි, භාග්‍යවතුන් වහන්සේ වනාහි තමා විසින් උපදවනලද මාර්ගදමනයෙන් ඇසින් ද දමනය වූවාහු කණින් ද නැහැයෙන් ද දිවෙන් ද කයින් ද මනසින් දැයි මේ සය තැනෙහි දමනය වූවාහු ශාන්ත වූවාහු නිවුනාහු පිරිනිවුනාහුය, එහෙයින් අත්තදන්ත යයි කියන ලදි. සමාහිතං යනු දෙයාකාරව සමාධියෙන් සමාධියට පත්වූයි, ඉරීයමානං යනු වසන්නාවූයි, බ්රහ්මපථෙ යනු ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි අමෘතමාර්ගයෙහි, නිර්වාණමාර්ගයෙහියි, චිත්තස්සුපසමෙරතං යනු ප්‍රථම ධ්‍යානයෙන් පංච නීවරණයන් සංසිඳුවා ද්විතීය ධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් ද තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතිය ද චතුර්ථ ධ්‍යනයෙන් සුවදුක් ද සංසිඳුවා ඒ සිත සංසිඳවීමෙහි ඇළුනේ, සතුටුවූයේයි,