10. කිම්බිල සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි නිචුලවනෙ යනු මහා මුචලින්ද වනයෙහියි, සද්ධම්මො යනු ශාසනික සද්ධර්මයයි.
11. දාරුක්ඛන්ධ සූත්‍ර වර්ණනාව
එකළොස් වැන්නෙහි චෙතොචසිප්පත්තො යනු සිතේ වශීබවට පත් වූයේයි, පඨවීතෙව අධිමුච්චෙය්ය යනු තදබව පඨවිධාතුව යැයි සලකන්නේය, යං නිස්සාය යනු පවත්නා දැඩි බව ඇති යම් පඨවිධාතුවක් නිසා මේ දැවගොඩ පඨවිධාතුවමැයි සලකන්නේය, ඒ පෘථිවිධාතුව මෙහි ඇතැයි මේ ආකාරයෙන් සෙසු පදයෝ ද දතයුත්තාහ. යම්සේ එහි දැඩිබව ඇති පෘථිවිධාතුව ඇත්ද එසේ යුෂ (ද්‍රව) ආකාරය ඇති ආපොධාතුව උෂ්ණාකාර වූ තෙජොධාතුව, පැතිරීම් ආකාර ඇති වායොධාතුව රතු පැහැති සාරයෙහි නෙළුම් මලක් පැහැය ඇති සුභධාතුව ද කුණු වූ සුණෙහි මෙන්ම ඵළයෙහි හා වියලි පොතුවල ද අසුභ ධාතුව එය ඇසුරු කොටම මේ දැව ගොඩ අසුභ යයි සලකන්නේය, මේ සූත්‍රයෙහි මිශ්‍රක විහාරය නම්වූ දෙය කියන ලදි.
12. නාගිත සූත්‍ර වර්ණනාව
දොළොස්වැන්නෙහි, ගාමන්තවිහාරිං යනු ග්‍රාමාන්ත සෙනසුන් වැසිවූයි, සමාහිතං නිසින්නං යනු ඒ ග්‍රාමාන්ත සෙනසුනෙහි සමාධිය නංවා හුන්නාවූයි, ඉදානිමං යනු දැන් මෙයයි, සමාධිම්භා චාචෙස්සති යනු සමාධියෙන් නැඟී සිටින්නේය, න අත්තමනො හොමි යනු ස්වකීය මනස ඇත්තේ නොවෙමි, පචලායමානං යනු නිදන්නාවූයි, එකත්තං යනු එකස්වභාවයයි, එකඟ බවට පත්වූයි, අරණ්‍ය සංඥාවම සිතෙහි කරන්නේ යයි අරුත්ය, අනුරඛිස්සති යනු අනුග්‍රහ කරන්නේය, අවිමුත්තං වා චිත්තං විමොචෙස්සති යනු අන්කල්හි නොමිදුනු සිත දැන් පස් විමුක්තීන්ගෙන් මුදන්නේය, රිඤ්චති යනු අත්හරියි දුරු කරයි, පටිපණාමෙත්වා යනු ඉවත්කොට දුරුකොටයි, උච්චාරපස්සාවකම්මාය යනු මළමූ පහකිරීම සඳහාය, මෙයින් මෙපමණ තැනකින් ශාස්තෲන් වහන්සේ විසින් අරණ්‍ය සේනාසනයේ ගුණය කියන ලදි, සුත්‍රයේ පළමු කොටසෙහි යමක් කිවයුතුද එය යට කියන ලද්දේමය.
සිවුවැනි වර්ගයයි.
5. ධම්මික වර්ගය
1. නාග සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ආයස්මතා ආනන්දෙන සද්ධිං යනු මෙය එන්න ආනන්ද යයි තෙරුන් අමතා ගිය බැවින් කියන ලදි, ශාස්තෲන් වහන්සේ නො අඩුවූ පන්සියයක් භික්ෂූන් විසින් පිරිවරණ ලද සේක් එහි වැඩිසේකැයි දතයුතුය, තෙනුපසඞ්කමි යනු ඒ භික්ෂූන් පන්සියය විසින් පිරිවරණ ලද්දේ එළඹියේය, පරිසිඤ්චිත්වා යනු මෙය ව්‍යවහාර වචනයකි, ස්නානය කොට යන අරුත්ය, පුබ්බාපයමානො යනු රත් දෙපට සිවුර හැඳ උත්තරාසංග සිවුර දෙඅතින් ගෙන පෑළඳිග ලොව පිටුපසින් කොට පෙරදිග ලෝකධාතුවට අභිමුඛ වූයේ දියනැති බැවින් අවයව තිබුණු ලෙසින්ම කරමින් සිටියේයයි අරුත්ය. භික්ෂු සංඝයා ද ඒ ඒ තැනින් බැස නහා යළි ගොඩනැඟී ශාස්තෲන් වහන්සේ පිරිවරා සිටියේය. මෙසේ මෙකල්හි අහසින් වැටෙන රත්රන් කඩොලක් මෙන් හිරු පැළදිග ලෝක ධාතුවට පිළිපන්නේය. පිරිසුදු රිදී මඬුල්ලක් මෙන් පෙරදිග ලොවින් චන්ද්‍රයා මතුවූයේය, මැද පන්සියයක් භික්ෂූන් පිරිවර කොට ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවණක් බුදුරැස් විහිදුවමින් පුබ්බකොට්ඨක නදී තෙර ලොව අලංකාර කරමින් සිටිසේක.