10. අනුත්තරිය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි උච්චාවචං යනු ලොකු කුඩා යම් කිසිවකි, උස්පහත් දෙයක් හෝ ද වේ. හීනං යනු පහත් යනුයි, ගම්මං යනු ගම්වැසියන්ගේ දැක්මයි, පොථුජ්ජනිකං යනු පෘථග්ජනයන්ට අයත්වූයි, අනරියං යනු ආර්ය්යයි නොවූයේයි, උතුම් නොවූයේ පිරිසුදු නොවූයේයි, අතත්ථසංහිතං යනු අර්ත්ථය ඇසුරු නොවූයි, න නිබ්බිදාය යනු සසරෙහි කළකිරීම සඳහා නොවේ, න විරාගාය යනු රාගාදින්ගේ පැවැත්ම සඳහා නොවේ, න නිරොධාය යනු රාගාදීන්ගේ නොපැවැත්ම විනාශවීම සඳහාය, න උපසමාය යනු රාගාදීන් සංසිඳීම සඳහා නොවේ, න අභිඤ්ඤාය යනු මනාව දැනීම සඳහා නොවේ, න සම්බොධාය යනු සම්බොධි සංඛ්‍යාත වූ සිවුමග නුවණ අවබෝධ කිරීම සඳහා නොවේ, න නිබ්බානාය යනු නිවන පසක් කිරීම සඳහා නොවේ.
නිවිට්ඨසද්ධො යනු පිහිටි සැදැහැ ඇත්තේයි, නිවිට්ඨපෙමො යනු පිහිටි ප්‍රේමය ඇත්තේයි, එකන්තිගතො යනු ඒකාන්තයෙන් ගියේයි, නොසැලෙන සැදැහැ ඇත්තේ යන අරුත්ය, අභිප්පසන්නො යනු බෙහෙවින් පැහැදුනේයි, එතදානුත්තරියං යනු මෙය අනුත්තරය, හත්ථිසමිම්පි සික්ඛති යනු හස්ති නිමිත්ත, උගතයුතු හස්ති ශිල්පය උගනියි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, උච්චාවචං යනු ලොකකුඩා ශිල්ප උගනියි.
උපට්ඨිතා පාරිචරියෙ යනු සේවාවෙහි එළඹ සිටියේය, භාවයන්ති අනුස්සතිං යනු අනුත්තර වූ අනුස්සතිය වඩත්. විවෙකපටිසංයුත්තං යනු නිවන ඇසුරු කොටයි, ඛෙමං යනු උවදුරු නැති වූයි, අමතගාමිනං යනු නිර්වාණගාමී ආර්යමාර්ගය වඩත්යැයි අරුත්ය, අප්පමාදෙ පමාදිතා යුතු සිහියෙන් නොතොරවීම් සංඛ්‍යාත අප්‍රමාදයෙහි සතුටුවූවෝයි, ප්‍රමුදිත වූවෝයි, නිපකා යනු නුවණින් යුක්ත වූවෝයි, සීලසංවුතා ශීලයෙන් සංවරවූවාහුයි, වසන ලද්දාහුයි, තෙ වෙ කාලෙන පච්චෙන්ති යනු ඔවුහු සුදුසු කාලයෙහි දනිත්, යත්ථ දුක්ඛං නිරුජ්ඣති යනු යම් තැනක සියලු සසර දුක නැතිවේද ඒ අමෘත වූ මහා නිර්වාණය ඒ භික්ෂුහු දනිති, මේ සූත්‍රයෙහි අනුත්තරිය සය මිශ්‍රකව කියන ලදි.
තෙවැනි වර්ගයයි
4. දෙවතා වර්ගය
1. සෙඛ සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සෙක්ඛස්ස යනු සත්වැදෑරුම් ශෛක්ෂයාගේයි, පෘථග්ජනයා ගැන කිවයුත්තක්ම නැත. පරිහානාය යනු මතු මත්තෙහි වූ ගුණයන්ගෙන් පිරවීම සඳහාය,
2-3. ප්‍රථම අපරිහාන ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්නෙහි සත්ථුගාරවතා යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමයි, ධම්මගාරවතා යනු නවලොවුතුරු දහම්හි ගෞරවයයි, සඞ්ඝගාරවතා යනු සඝයා කෙරෙහි ගෞරවයයි, සික්ඛාගාරවතා යනු ත්‍රිවිධ ශික්ෂාවෙහි ගරුකිරීමයි, අප්පමාදගාරවතා යනු අප්රමායෙහි ගරුකිරීමයි, පටිසන්ථාරගාරවතා යනු ධර්ම ආමිෂ වශයෙන් දෙවැදෑරුම් වු පිළිසඳරෙහි ගෞරවයයි, ගාථාවෙහි ශාස්තෲන් වහන්සේ මොහුට ගරුවන්නේනුයි සත්ථුගරු නමි, ධර්මය මොහුට ගරු වන්නේනුයි ධම්මගරු නමි, තිබ්බගාරවො යනු බහුල ගෞරවයයි, පිළිසඳරෙහි ගෞරවය ඇත්තේ මොහුටනුයි පටිසන්ථාරගාරවො නමි, තෙවැන්නෙහි සප්පතිස්සො යනු ජ්‍යෙෂ්ඨයෙක් සහිතවූයේ, ගෞරවය සහිතවූයේයි:
4. මොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි තිස්සො නාම භික්ඛු යනු තෙරුන්ගේම සද්ධිවිහාරිකයෙකි, මහිද්ධිකො මහානුභාවො යනු සමෘද්ධවීමේ අර්ත්ථයෙන් මහත් සෘද්ධිය ඇත්තේ මොහුටනුයි මහිද්ධිකො නමි, පැතිරීමේ අරුතින් මහත් ආනුභාවය ඇත්තේ මොහුටනුයි මහානුභාවො නමි. චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන ඉමං පරියායමකාසි යනු ලෝකයෙහි ප්‍රකෘතියෙන්ම මෙබඳු වූ ප්‍රිය ගෙන දෙන වචනයක් වෙයි, ලෝවැසියෝ “බොහෝ කලකින් ආවාවූද, නොආවිරූවූද පැමිණි හිතවතකු දැක පින්වත, කොහි සිට ආවෙහිද? පින්වත් බොහෝ කලකින් ආවෙහිය, කෙසේ ඔබට මෙහි එන මග වැටහුනේද? කිම මංමුළාවූයෙහිද” ආදිය කියත්. මෙතෙම වනාහි පැමිණිවිරූ බැවින් මෙසේ කීවේය. තෙරණුවෝ කලින් කලට බ්‍රහ්මලෝකයට යත්මය, එහි පරියායමකාසි යනු වාරයක්, අවස්ථාවක් කළේය, යදිදං ඉධාගමනා යනු මෙහි පැමිණීම සඳහා මේ යම් වාරයක් වේද එය බොහෝ කලකින් කළේයයි කියන ලද්දේ වෙයි, ඉදමාසනං පඤ්ඤත්තං යනු මහත් වටිනා බ්රහ්මපර්ය්යඞ්කය පනවා මෙසේ කීවේය. අවෙච්චප්පසාදෙන යනු අවබෝධ කළ නොසැලෙන මාර්ගප්රසාදයෙනි, මේ සූත්‍රයෙහි සෝවාන් මග නුවණ කියන ලදි.