3. නිස්සාරණීය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි නිස්සාරණියා ධාතුයො යනු නිස්සරණ ධාතුහුමයි (විමුක්තිය ලබාදෙන ශක්තීහුයි). මෙත්තා හි ඛො මෙ චෙතොවිමුත්ති යනු මෙහි විරුද්ධ ධර්‍මයන්ගෙන් මුදුනු බැවින් ත්‍රික චතුෂ්කධ්‍යානික මෛත්‍රියම චෙතොවිමුත්ති නමි. භාවිතා යනු වඩන ලද්දේයි, බහුලීකතා යනු නැවත නැවත කරන ලද්දේයි, යානිකතා යනු යොදුන ලද යානයක් හා සමාන කරන ලද්දේයි, වත්‍ථුකතා යනු පිහිටක් කරන ලද්දේයි, අනුට්ඨිතා යනු අදිටන් කරන ලද්දේයි, පරිචිතා යනු හාත්පසින් රැස්කරන ලද්දේ එකතු කරන ලද්දේයි, සුසුමාරද්ධා යනු මනාව ප්‍රගුණ කිරීමෙන් මනාව අරඹන ලද්දේයි, පරියාදාය තිට්ඨති යනු දැඩිකොට ගෙන සිටියි, මාහෙවන්තිස්ස වචනීයො යනු යම්හෙයකින් නොවූ දෙයක් පිළිබඳ විවරණයක් විවරණය කරයිද එයින් එසේ නොකියවයි කිවයුතුය. යදිදං මෙත්තා චෙතොවිමුත්ති යනු යම් මේ මෛත්‍රි චෙතොවිමුක්තියයි. ඉදං නිස්සරණං ව්‍යාපාදස්ස යනු ව්‍යාපාදයෙන් මිදුණේයි අර්‍ත්‍ථයි, යමෙක් වනාහි මෛත්‍රී තික චතුෂ්ක ධ්‍යානයෙන් නැගී සිටියේ සංස්කාරයන් මනාව දැන තෙවැනි මගට පැමිණ යළි ව්‍යාපාදය නැතැයි තෙවෙන ඵලයෙන් නිවන දකියිද ඔහුගේ සිත ව්‍යාපාදයාගේ අත්‍යන්ත නිස්සරණයයි. මේ ක්‍රමයෙන් සියලු තැන අර්‍ත්‍ථය දතයුතුය.
අනිමිත්තා චෙතොවිමුත්ති යනු බලවත් විදර්‍ශනාවයි, දීඝභාණකයෝ වනාහි අරහත්ඵල සමාපත්තියයි කියත්. එය රාග රාගනිමිත්තාදීන්ගේ මෙන්ම රූප නිමිත්තාදීන්ගේ ද නිත්‍ය නිමිත්තාදීන්ගේද අභාවයෙන් අනිමිත්තායි කියනු ලැබේ. නිමිත්තානුසාරී යනු කියන ලද ප්‍රභේද ඇති නිමිත්ත අනුව යන ස්වභාවය ඇත්තේයි,
අස්මි යනු අසමිමානයයි, අයමහමස්මි යනු පඤ්චස්කන්ධයන්හි මෙය මම වෙමි යනුයි, මෙපමණකින් රහත් බව විවරණය කරන ලද්දේ වෙයි. විචිකිච්ඡාකථංකථාසල්ලං යනු විචිකිච්ඡා සංඛ්‍යාත සැකය නැමති හුලයි, මාහෙවන්තිස්ස වචනීයො යනු ඉදින් ඔවුනට ප්‍රථම මාර්‍ගය නසන විචිකිච්ඡාව උපදියිද රහත්බව පිළිබඳ වියරණය බොරුවක් වෙයි, නොවූවක් නොකියවයි වැළැක්විය යුතුයි, අස්මිතිමානසමුග්ඝාතො යනු අරහත් මාර්‍ගයයි, අරහත් මාර්‍ගඵල වශයෙන් නිවන දුටුකල යළි අස්මිමානයක් නැතැයි අරහත්මග අස්මිමානසමුග්ඝාත යයි කියනු ලැබේ. මෙසේ මේ සුත්‍රයෙහි අභූත ව්‍යාකරණය නම් වූ දෙය කියන ලදි.
4. භද්දක සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි න භද්දකං යනු නොලැබූ දෙයයි, එහි යමෙක් බියෙන් බියවූයේ මැරෙයි ද ඔහුට සොඳුරු මරණයක් නොවෙයි, යමෙක් අපායෙහි පිළිසිඳ ගනියිද ඔහුට න භද්දිකා කාලකිරියා සොඳුරු මරණයක් නොවෙයි, කම්මාරාමො යනාදියෙහි අරමුණෙහි සතුටුවීම ඇල්ම යන අර්‍ත්‍ථයයි, නවකම්හි ඇල්ම මොහුටනුයි කම්මාරාමො නමි, ඒ කර්‍මයෙහිම ඇලුනේ නිරතවූයේයි කම්මරතො නමි, ඒ කම්මාරාමතාවෙහි නැවත නැවත යෙදුනේයි අනුයුත්තො නමි, සියලු තන්හි මේ ක්‍රමයයි, මෙහි ද භස්සං යනු අල්ලාප සල්ලාපයයි, නිද්දා යනු නින්දයි, සඞ්ගණිකා යනු සමූහයා කෙරෙහි ඇලීසිටීමයි, එය එකෙකුට දෙවැන්නෙක් වෙයි, දෙවැන්නෙකුට ද තෙවැන්නෙක් වෙයි යනාදී ක්‍රමයෙන් දතයුතුය. සංසග්ගො යනු ඇසීම දැකීම දොඩමලු වීම එකටවිසීම කාය සංසර්‍ගය වශයෙන් පැවති එකට වසන ස්වභාවයයි, පපඤ්චො යනු තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් පැවති මත්වන (ප්‍රමාද වන) ආකාරය ඇති ක්ලේශ ප්‍රපඤ්චයයි, සක්කායං යනු ත්‍රෛභූමික සංසාරයයි, සම්මා දුක්ඛස්ස අන්තකිරියාය යනු හේතුවෙන් නයින් සියලු සසරදුක පෙරළීම සිඳදැමීම සඳහා වෙයි, මගො යනු සිවුපාවකු සමාන වූයේයි, නිප්පපඤ්චපදෙ නිවනෙහියි, ආරාධයී යනු සම්පුර්‍ණ කරයි, සම්පාදනය කරයි.
5. අනුතප්ප සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අනුතප්පා යනු පසුතැවිලි වියයුතු, පසුතැවිලි කරවන යනුයි, මේ සූත්‍ර දෙකෙහි ද ගාථාවන්හි ද සසර කියන ලදි.
6. නකුලපිතු සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි බාළ්හගිලානො යනු දැඩිගිලනායි, එතදවොච යනු හිමියාට බෙහෙත් කොට ව්‍යාධිය සංසිඳවීමට නොහැකි වන්නී දැන් සිංහනාදය කරමින් සත්‍ය ක්‍රියාවෙන් සංසිඳවීමට සමීපයෙහි හිඳ මේ “මා ඛො ත්වං” යනාදී වචනය කීවාය. සාපෙඛො යනු තෘෂ්ණා සහිත වූයේයි, න නකුලමාතා යනු මෙහි නකාරය න සක්ඛති යි මෙසේ පරපදය සමග යෙදිය යුතුය, සන්ථරිතුං යනු සිදුරු නැති කිරීමට මනාව තැබීමට, පැවැත්වීමට යන අරුත්ය, වෙණිං ඔලිඛිතුං යනු එළුලොම් පිළියෙල කොට ගටා වෙළුවක් කිරීමටයි,