10. දුතිය මරණසති සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පතිහිතාය යනු පිළිපන්නාවූයි, ඉති පටිසඤ්චික්ඛති යනු ප්රත්යවේක්ෂා කරයි, සො මමස්ස අන්තරයො යනු මෙහි ත්‍රිවිධ අන්තරායෙකි, ජීවිතාන්තරාය, ශ්රමණධර්මාන්තරාය. පෘථග්ජන කාලක්‍රියාව කරන්නහුගේ ස්වර්ගාන්තරාය මෙන්ම මාර්ගාන්තරාය යනුවෙනි, ඒ සියල්ලම සඳහා කීවේය, ව්යාපජ්ජෙය්ය යනු අජීර්ණක ආදී වශයෙන් විපතට පත්වන්නේයි, අධිමත්තො යනු බලවත් වූයි, ඡන්දො යනු කරනු කැමති ඡන්දයයි, වායාමො යනු ප්‍රයෝග වීර්යයි, උස්සාහො යනු ඔසවා තබන වීර්යයයි, උස්සොළ්හී යනු සම්පාදන (ඉටුකිරීමේ) වීර්‍ය්‍යයයි, අප්පටිවානි යනු උකටලී නොවීමයි. ඒකාබද්ධ නොවීමයි, සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනි වර්ගයයි.
3. අනුත්තරිය වර්ගය
1-2. සාමගාමක ආදි සූත්‍ර වර්ණනා
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සාමගාමකෙ යනු සාමකයන් වැඩි බැවින් මෙන්ම එසේ ලබන ලද නම් ඇති ගමෙහියි, පොක්ඛරණියායං යනු පොක්ඛරණියා නමැති විහාරයෙහියි, අභික්කන්තාය රත්තියා යනු රාත්‍රියෙහි පළමු යම ඉක්ම ඇඳුම් යම පැමිණි කල්හියි, අභික්කන්තවණ්ණා යනු ඉතා සිත්ගන්නා බෙහෙවින් සිත්කලු වූයි, කෙවලකප්පං යනු මුළුල්ලම, සම්පූර්ණයෙන්ම යනුයි, පොක්ඛරණියං ඔභාසෙත්වා යනු පොක්ඛරණියා නම් වූ මහාවිහාරය තමන්ගේ ආලෝකයෙන් පතුරුවායි, සමනුඤ්ඤො යනු සමසේ අනුදත්තේ, සමාන සිත් ඇත්තේයි, දොවචස්සතා යනු දුර්වච (නපුරු වචන ඇති) බවයි, පාපමිත්තතා යනු පවිටු මිතුරන් ඇති බවයි, මේ සූත්‍රයෙහි පිරිහීමට පත්කරන ධර්මයෝම කියන ලදහ. දෙවැන්නෙහි පිරිහීම ඇති නොකරන ධර්මයෝ ලෝකෝත්තර මිශ්‍රකව කියන ලදහ.
3. භය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි කාමරාගරත්තායං යනු මෙතෙම කාමරාගයෙන් රත්වූයේයි, ඡන්දරාග විනිබද්ධො යනු ඡන්දරාගයෙන් බැඳුනේයි, භයා යනු සිත තැතිගන්වන බියෙනි, පඞ්කා යනු කෙලෙස් මඩෙනි, සඞ්ගො පඞ්කො ච උභයං යනු ඇලීම, මඩ යන මේ දෙකයි, එතෙ කාමා පවුච්චන්ති යත්ථ සත්තො පුථුජ්ජනො යනු යම් ඇල්මෙක්හිද මඩෙහි ද පෘථග්ජනයා ඇළුණේ ලැගුනේ කෙලෙසුනේයි, උපාදානෙ යනු සිවුවැදෑරුම් දැඩිසේ ගැනීමෙහියි, ජාතිමරණසම්භවෙ යනු ඉපදීම ද මරණය ද හටගන්වන්නා වූ, හේතුවූයි, අනුපාදා විමුච්චන්ති යනු අල්වා නොගෙන මිදෙත්, ජාතිමරණසඞ්ඛයෙ යනු ජාති මරණයන්ගේ ක්ෂයවීම් සංඛ්‍යාත නිවනෙහියි, නිවන අරමුණු කොට ඇති විමුක්තියෙන් මිදෙත්යයි අරුත්ය. මේ ස්ථානයෙහි මේ භික්ෂුව කෙලෙස් වනසා රහත් බවටම පැමිණියේය, දැන් ඒ ක්ෂීණාශ්රවයාට ගුණ වණමින් “තෙ ඛෙමප්පත්තා” යනාදිය කීවේය. එහි ඛෙමප්පත්තා යනු නිර්භය බවට පැමිණියෝයි, සුඛිනො යනු ලොවුතුරා සුවයෙන් සුවපත් වූවෝයි, දිට්ඨධම්මාභිනිබ්බුතා යනු ඇතුළත කෙලෙසුන් නැති බැවින් ඉහාත්මයෙහිම නිවනට පත්වූවාහුයි, මේ සූත්‍රයෙහි සසරම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
4. හිමවන්ත සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි පදාලෙය්ය යනු බිඳින්නේය, ඡවාය යනු ලාමකවූයි. සමාධිස්ස සමාපත්තිකුසලො හොති යනු ගැලපෙන ආහාර, ගැලපෙන ඍතුන් විමසා සමාධියට සමවදින්නට ද වූයේ වෙයි, දක්ෂ වූයේ සමත්වූයේ ප්‍රතිබල වූයේයි, සමාධිස්ස ඨිතිකුසලො යනු සමාධිය පවත්වා ගැනීමෙහි දක්ෂවූයේයි, සමාධිය තබා ගැනීමට හැක්කේයයි අරුත්ය, සමාධිස්ස වුට්ඨානකුසලො යනු සමාධියෙන් නැගිටීමෙහි දක්ෂවූයේයි, පිරිසිඳීමට අනුව නැඟිටීමට හැක්කේයි අරුත්ය, සමාධිස්ස කල්ලිතකුසලො යනු සමාධියේ මනෝඥබවෙහි දක්ෂ වූයේයි, සමාධි සිත බබළවන්නට මනහර කරන්නට හැක්කේයි අරුත්ය, සමාධිස්ස ගොචරකුසලො යනු සමාධියට නොගැලපෙන උපකාර නොවන ධර්මයන් හැර ගැලපෙන උපකාරක ධර්මයන් ඇසුරු කරන්නා ද මේ සමාධි නිමිත්තාරම්මණය, මේ ලක්ෂණාරම්මණයයි දන්නා ද සමාධිස්ස ගොචරකුසලො නම් වෙයි, සමාධිස්ස අභිනීහාරකුසලො යනු මතුමත්තෙහි සමවත්වලට සමවැදීම සඳහා ප්‍රථම ධ්යනාදී සමාධිය යොමුකිරීමට හැකිවන්නා සමාධිස්ස අභිනීහාරකුසලො නමි, හෙතෙම ප්‍රථම ධ්‍යනයෙන් නැඟිට ද්විතීය ධ්‍යානයට සමවදියි, ද්විතීය ධ්‍යානයෙන් - පෙ- තෘතීය ධ්‍යානයෙන් නැඟිට චතුර්ථ ධ්‍යනයට සමවදියි.